‘මම ගොඩක්ම කැමති චාම් ඇඳුම් අඳින්න’ ජනප්‍රිය නිලි දුලානි කියන කතාව

නැටුම් ගුරුවරියක් වන ඇය නමින් දුලානි අනුරාධා. සිය රංගන ජීවිතය වෘත්තියට බාධාවක් නොකරගෙන ඇය යන ගමන ගැන කතා කරන්න අපි ඇයව අපේ අපේ කතාබහට එකතුකරගත්තා රංගනයද හොද ගුරු වෘත්තියද හොද.? “මාව අමාරුවේ වැටෙන ප්‍රශ්නයක්. ඇත්තටම ඒක මෙහෙමයි. මම මේ වෘත්තින් දෙකටම ගොඩක් ගරු කරනවා. ගොඩක් ආදරේ කරනවා. රඟපෑම ලොකු කැපකිරිමක් කරලා කරන්න ඕන දෙකයක්. ගුරු වෘත්තිය ලොකු වගකිමක් විදිහටයි මම දකින්නේ. මොන දේ වුනත් මේ දෙකම මම සමබරව කරගෙන යනවා.”

දුලානි එන්න එන්න ලස්සන වෙනවා. රහස මොකක්ද? “මම කරන වෘත්තින් දෙකටම ඇත්තටම ලස්සන කියන දේ බලපානවා. ඒ නිසා මම මොන වැඩේ තිබුනත් ලස්සන කියන දේ ගැන හිතනවා. මම කෑම බීම ගැන ගොඩක් සැලකිලිමත් කෙනෙක්. නිකන් හිතුවොත් ආසියානු රටවල කාන්තාවන් අවුරුදු 35 පස්සේ මහත් වෙනවා. ඒකට හේතුව පිටි කෑම. මම නම් කෑම පාලනය කරන කෙනෙක්. ඒ වගේම පළතුරු හොදට කනවා. ඖෂධීය කැඳ බොනවා. නිකරම වතුර බොනවා. මොකද නර්ථනය කරන අවස්ථා වලදි පවා මම වතුර බොනවා. ඒ වගේම උදේ නැගිටපු ගමන් කරන්නෙත් හොද වතුර විදුරුවක් බොන එක. රෑටනම් ආහාර ගන්නේ සුළුවට.”

කෙනෙකුගේ ලස්සන කියන දේ ඔබ දකින්නේ කොහොමද ? “අංක එක පිරිසිදුකම. අනික ඒ කෙනා ශරිරය පවත්වාගෙන යන විදිහ. ඇදුම් පැළදුම් තෝරගන්න විදිහ. සමාජයේ ජිවත් වෙන විදිහ, හැසිරෙන විදිහ, කතා කරන විදිහ මේ හැමදේම ලස්සන කියන දේට බලපානවා. ඇත්තටම කෙනෙක බාහිරින් ලස්සන වුනා කියලා වැඩක් නෑ. කාන්තාවක් තුළ ලස්සන වගේම ආදරය කරුණාව නිරන්තරයෙන් තියෙන්න ඕන. සමේ පාටින් අපිට කෙනෙක් ලස්සනයි කියලා නිගමනය කරන්න බෑ.”

කෙනෙකුට ලස්සන හිමි වෙන්නේ, “සංසා⁣රේ පිනක් විදිහටයි මම විස්වාස කරන්නේ. ගොඩක් ලස්සන දෙමාපියන්ට විරූපි දරුවෝ ඉපදෙනවා. සමහර වෙලාවට දෙමාපියන් දෙන්නටම වඩා දරුවා ලස්සනට ඉපදෙනවා. ඒක තමා කර්මය.”

විලාසිතා ගැන කතා කලොත්, “මම විලාසිතා කරන්න කැමති කෙනෙක්. හැබැයි මම කැමති චාම් ඇදුම් සහිත චාම් විලාසිතා වලට. තැනට සුදුසු විදිහට මම ඒ තැනට සහභාගි වෙනවා. ඒ වගේම මම කැමතියි ටිකක් කැපිලා පේන ඇඳුම් වලට. මම කොන්ඩ විලාසිතාව්ලටත් ගොඩක් ආසයි. හැබැයි මම මොන විලාසිතාවක් කලත් ඒක මට ගලපෙනවානම් විතරයි මම කරන්නේ”

Leave a comment

Your email address will not be published. Required fields are marked *