‘මම කොල්ලෙක් හදාගත්තේ යාලුවෙක් වගේ ආශ්‍රේ කරන්න’ ජනප්‍රිය ගායක ශිහාන් කියන කතාව

ශිහාන් මිහිරංග නම කියුවත් නොදන්න කෙනෙක් නැති තරම්. වර්තමාන තාරුණ්‍යයේ බොහෝ දෙනාගේ හදවත දිනාගත් ඔහු ගැනයි අද අපි කතා කරන්න සුදානම් වෙන්නේ. රියලිටි වංශ කතාවේ පෙරළියක් කරන හිරුස්ටාර් වේදිකාවේ විනිසුරුවරයෙක් ද වන මොහු කලාවට පිවිසුනේද රියලිටි තරඟයක් හරහායි. ශිහාන් ⁣කියන්නේ ලෝකයට හැමෝම ආදරය කරන ගායකයෙක්. හැබැයි ඔහු පවුලට සෙනෙහෙ බර තාත්තා කෙනෙක්.

ඉතින් ශිහාන් මොන තැනක හිටියත් ප්‍රේක්ෂක ආදරයනම් ඔහුට නොඅඩුව ලැබෙනවා නේද, “ඔව් අපේ කේෂ්ත්‍රයේ ගොඩක් අය හිතන්නේ විවාහ වෙලා දරුවෝ ලැබුනට පස්සේ මේ ක්ෂේත්‍රයේ ඉස්සරහට යන්න බෑ කියලා. හැබැයි ඒ අතින් මම වෙනස් කෙනෙක්. මොකද මම මගේ පවුල් ජීවිතේ කිසි දේක⁣ට සම්බන්ධ කරගෙන නෑ. ඒ නිසාම මට විවාහය දරුවන් සිටිමමේ කලාවේ ඉස්සරහට යන්න කිසිම විදිහකින් බලපෑමක් වෙලා නෑ. අනික මම පවුල් ජිවිතේ ඇතුලේ මටම හදාගත්ත විදිහක් තියෙනවා. අන්න ඒ දේවල් නිසා මගේ පවුල හැමදාම සතුටින් ආදරයෙන් ඉන්නවා වෙනසක් නැතුවම “

දරුවෝ ඉන්න පවුලක් ඔබ කොහොමද දකින්නේ. “මම දකින්නේ දරුවෝ ඉන්න පවුලක් කියන්නේ අංග සම්පුර්ණ පවුලක්. මට දරුවෝ ඉන්නවා. මම දරුවෝ ගොඩක් ඉන්නවට වුනත් ආසයි. මම ආසයි පුතාලාට. මොකද මට ඕන පුතාලා එක්ක යාළුවෝ වගේ⁣ ඉන්න. මම වුනත් මගේ තාත්තා එක්ක හිටියේ යාළුවෝ වගෙයි. දරුවෙක් ලැබෙන්න මුල් වතාවට ඉද්දි මම ප්‍රාර්ථනා කලෙත් පුතෙක්ම ඕනි කියලා.”

තාත්තාගේ ආදරය කියන්නේ මොන වගේ දෙයක්ද, කෙටියෙන් නිර්වචන කලොත්, “පිය සෙනෙහස කියන්නේ ගොඩක් තැන්වල ඇගයීමට ලක් නොවුන දෙයක්. මමත් තාත්තා කෙනෙක් වෙනකන් මගේ තාත්තා ඇගයීමකට ලක් කරලා නෑ. ආසියානු රටවල තාත්තා කියන්නේ පවුලේ ලොකුම වගකිම දරන කෙනා. අරක කරන්න, මේක කරන්න වගකිම් ගන්න මේ දේවල් තියෙන රාමුවක තමා තාත්තා කියන චරිතය කොටු වෙලා තියෙන්නේ. හැබැයි කොතනකවත් තාත්තා ඒ වගකිම් කලත් ඔහුට හිමි තැන ඔහුට ලැබුනද කියන්න තියෙන්නේ ප්‍රශ්නයක් විතරයි.”

ඔබේ පවුල සාර්ථක පවුලක් වෙද්දි ඒකට හේතුව ජනප්‍රියත්වය හා බැදුන වාසනාවද? “මේ ලෝකේ කොහෙවත් සර්ව සම්පුර්ණ ⁣අය කොහෙවත් නෑ. හැබැයි අපි අපේ ජිවිතේ75%ක් වත් සාර්ථක වෙන්න උත්සහ කරන්න ඕනි. මම පෞද්ගලිකව හිතනවා ඇත්තටම මම සම්පුර්ණ කෙනෙක් කියලා. වාසනාව ගැන කතා ⁣කලොත් ඇත්තටම මට වාසනාව නිසා ලැබුන දෙයක් නෑ. අනේ මම වාසනාවන්තයි කියලා මම නිකන් බලාගෙන හිටියනම් ඇත්තටම අද ශිහාන් කියලා කෙනෙක් බිහි නොවෙන්න තිබුනා.

මම ජනතාව මට දුන්න අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත්ත කෙනෙක්. මම කවදාවත් මගේ උත්සහය අත් නොහැරපු කෙනෙක්. මම මට ලගා කරගත්ත යම් ජයග්‍රාහණයක් තියෙනවනම් ඒ මගේ කැපවීම නිසා ලැබුන දෙයක්. මම අභියෝග එක්ක ජිවිතේ ජයගත්ත කෙනෙක්. වැටෙන්න වැටෙන්න නැගිටින්න උත්සහ කරපු කෙනෙක්. අන්න ඒ නිසා මගේ⁣ ජිවිතේ මම යම් යම් තිරණ වලට හේතුව වාසනාව නෙවෙයි.”

ඔබ හිතන විදිහට ඔබේ දරුවන්ගේ අනාගතය කොහොම විය යුතුද, “මම මගේ දරුවන්ගේ අනාගතය ගැන ලොකුවට හිතලා නෑ. කෙටියෙන් මම මගේ දරුවන්ට කවදාවත් කියලා නෑ ‘හොදට ඉගෙන ගන්න’ කියලවත්. එයාලා මම ඉන්න කේෂ්ත්‍රයට කැමතියි කියලා මට දැන්මම දැනෙනවා. හැබැයි මම ඒකටවත් එයාලාට බල කරලා නෑ. හැබැයි මම මගේ දරුවන් වෙනුවෙන් මම විදපු දුක එයාලාට විදින්න ලැබෙන්න එපා කියලා හැම මොහොතකම ප්‍රාර්ථනා කරනවා. මම කොච්චර කාර්යබහුල වුනත් මම මගේ දරුවෝ දෙන්නා වෙනුවෙන් කාලය වෙන් කරනවා. ඒක තමා මම මගේ දරුවෝ වෙනුවෙන් කරන ලොකුම දේ.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *