‘මම කටකතා ගණන් ගන්නේ නෑ’ ජනප්‍රිය නිලි නිත්‍යා කියන කතාව

ස්වර්වාහිනියේ විකාශය වෙන පාර දිගේ ටෙලිනාට්‍ය හරහා සහෝදරත්ව ප්‍රේමය ගැන කියා දෙන ඇය නිත්‍යා දේවින්දි. ටෙලිනාට්‍ය තුළ රුවිනිගේ චරිතයට පණ පොවයි. ඉතින් අද අපි සුදානම් වෙන්නේ ඇය හා කතා කරන්නයි. මුලින්ම පාර දිගේ ගැන කතා කලොත් “මම මේ කාලය පුරාවටම සම්බන්ධ වුන හොදම ටෙලිනාට්‍ය වගේම සුවිශේෂි නාට්‍යයක් විදිහට පාර දිගේ ටෙලිනාට්‍ය හදුන්වා දෙන්න පුළුවන්. මට මගේ ජිවිතේ ගොඩක් දේවල් ඉගෙන ගන්න ගොඩක් දේවල් එකතු කරගන්න පුළුවන් වුනා මේ යන ගමන තුළ. ඇත්තටම මේ වගේ ප්‍රවිණයන් එක්ක එකතු වෙලා වැඩ කිරිම ගැන මට තියෙන්නේ ලොකු සතුටක්.”

අපි ඔබව මුලින්ම දකින්නේ මුතුලෙන්දොර ටෙලිනාට්‍ය හරහා. ඒ ගැනත් මතක් කලොත්, “2019 දෙරණ අවුරුදු කුමාරි තරඟයේ අවසන් 12 දෙනාඅතරට මම තේරිපත් වෙනවා. ඉතින් ඒ හරහා තමයි මම කලාවට පිවිසෙන්නේ. ඒ කාලය තුළ ගොඩක් රසිකයන් මාව ආදරයෙන් වැළඳගත්තා. හැබැයි ඊට වඩා පාර දිගේ රුවිනි කියන චරිතයට මට ප්‍රේක්ෂක ආදරයක් ලැබෙනවා.”

ඔබ හදිස්සියේ මුතුලෙන්දොර ටෙලිනාට්‍යයෙන් ඉවත් වෙනවත් සමඟම විවිධ කටකතා පැතිරුනා. ඒගැනත් කියමු, “කටකතානම් කාට කියන්න බැරිද? හැබැයි ඇත්ත කතාව දන්නේ මම විතරයි. මම චරිත භාරගෙන අතරමග දාලා යන කෙනෙක් නෙවෙයි. මාව ඒ නිර්මාණයෙන් ඉවත් කරන තැනටම වැඩ සිද්ධ වුනා. ඉතින් ඒ නිසයි මම ඉවත් වෙන්නේ.තටනතා වලට හරියන්නම් මම කවුද කියන්න අද පාරදිගේ ටෙලිනාට්‍ය නිසාම රසිකයන් අදුරගෙන තියෙනවා. හැබැයි ඒ සිදුවිම් නිසාම මම ලොකු කලකිරිමකින් හිටියේ. ඒ වේදනාව ගැන කියන්න බෑ මට. ඒ තරම් වේදනාවක්”

ජිවිතේට ආව ප්‍රශ්න ඔබ භාරගත්තේ කොහොමද ? “2018 මගේ පියා පිලිකාවකින් නැති වෙනවා. එදායින් පස්සේ මට ලොකු ප්‍රශ්න ගානකට මුහුණ දෙන්න වුනා. මම හැබැයි එඩිතරව ශක්තිමත්ව ඒ හැමදේකටම මුහුණ දුන්නා. මට හයියක් වෙන්න අයියා නිතරම මම ලග හිටියා. මගේ පවුලේ අයත් එහෙමයි. මම ලගින්ම හිටියා”

Leave a comment

Your email address will not be published. Required fields are marked *