කළා ලෝකයේ ඉන්න ගොඩක්ම සුන්දර රංගන ශිල්පිනියක් තමයි චුලක්ෂි රනතුංග කියන්නේ. රිදී තිරය හරහා හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න ඇය ගොඩක් දක්ෂ නර්ථන ශිල්පිනියක්. චුලක්ෂි මුලින්ම රංගනයට පිවිසෙන්නේ නිරුපන ශිල්පිනියක් විදියට. ඉතින් අද අපි කතා කරන්නේ චුලක්ෂි රණතුංග සමග. චුලක්ෂි ඔබ දැන් නිරූපනයෙන් ඈත්වෙලාද ”ගොඩක් අය මගෙන් ඔය ප්‍රශ්නේ අහනවා, ඇත්තටම මම නිරූපනයෙන් සමුගෙන නෑ, කවුරු හරි එහෙම කියනවනම් ඒක බොරුවක්. මට නිරූපනයට ආරාධනයක් ලැබුනොත් හොඳයි කියලා හිතෙන එකකට සහබාගී වෙනවා”
ඔබ සිනමා නිලියක්, හැබැයි ඔබ ටෙලිනාට්‍ය වලින් දකින්න ලැබෙන්නේ නෑ, ඒකට හේතුව ඔබ තෝරාගන්නේ සිනමාව විතරද, ”මම කැමති සිනමා නිළියක් වෙන්න. හැබැයි එහෙමයි කියලා ටෙලිනාට්‍ය වලට අකමැති නෑ. ආරාධනාවක් ලැබුනොත් පිටපත කියවලා හොඳයි කියලා හිතුනොත් මම බාරගන්නවා. හැබැයි මම කොටස් ගණන පිලිබඳ ගොඩක් සැලකිලිමත් වෙනවා”
අපිට ආරංචියක් ආවා ඔබ බනානා කේක් කන්න ගොඩක් ආසයි කියලා ඇත්තද එක ”අම්මෝ ඒක ලොකු බොරුවක් මම ආසම නෑ බනානා කේක් කන්න. බනානා කේක් විතරක් නෙවෙයි මම කිසිම කේක් වර්ගයක් කන්න කැමති නෑ. ඉස්සර හොස්ටල් එකේ ඉන්න කළා අපිට රූල් එකක් තිබ්බා කෑම කන්න පුළුවන් කෑම කාමරේ විතරයි කියලා. වෙන තැන්වල කාලා තිබ්බොත් අපිව පනිෂ් කරනවා. ඉතින් දවසක් වෙන තැනක කෑම කාලා නම් ලිස්ට් එකක් අපිව බලාගන්න කෙනා ලඟට ගිහින් අපිට කිවුවා හොරාට කාපු අය නැගිටින්න කියලා. ඉතින් අපි හිතුවේ අපි කියලා කරන්න දෙයක් නැති නිසා අපි නැගිට්ටා නැත්තන් ඩබල් පනිෂ්මන්ට්. එහෙම නැගිට්ටම තමා දැනගත්තේ ඒ ලිස්ට් එකේ අපේ නම් නෑ කියලා. නැගිට්ට නිසා අපිව පනිෂ් කළා ඒ ටී ටයිම් එකට ගෙදරින් එවපු ඔක්කොම කන්න කියලා අපේ ගෙදරින් එවලා තිබ්බේ ලොකුම ලොකු ෆෘට් කේක් එකක්. එක තනියම කන්න වුනා එදායින් පස්සේ මට කේක් අප්පිරියයි”