Sat. May 21st, 2022

ලාකේය ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි චරිතයක් තමයි K.සුජීවා කියන්නේ, වේග රිද්ම ගායන ශිල්පිනියක් වන ඇය ලංකාවේ ඉන්න ජනප්‍රියම ගායිකාව විදියට හඳුන්වන්න පුළුවන් ඉතින් අද අපි කතා කරන්නේ ඇය සමග. ඔබ පසුගිය දවස්වල විරහ වේදනාවෙන් හිටියා නේද. කොහොමද දැන් ”ඔව් එහෙම කාලයක් තිබ්බා. හැබැයි මම මගේ ජීවිතයේ මම කාටවත් චෝදනා කරල නැහැ. මම මට වෙච්ච හැම දේම කිවුවා. මගේ ප්‍රතිපත්තියක් තියෙනවා මම කෙනෙක්ට ආදරෙන් හිටියනම් ඒ කෙනාට මොනදේ වුනත් පහර ගහන්නේ නෑ කියලා. මම තාම ඉන්නේ ඒ මතේ එයාලා මට විරුද්දව මොනවා කිවුවත් මම ඒවා වැඩිය ගණන් ගන්නේ නෑ”

ඔබගේ මෙම ගැටලුව සමාජ ජාලාවලින් ගොඩක් කතා වුනා නේද, ”සමාජ ජාලා වලින් විතරක් නෙවෙයි ප්‍රසිද්ධ මාද්‍ය වලින්නුත් කතා වුනා. මාජ මාධ්‍ය මගින් මොනවා හරි දෙයක් වුණා නම් මට ඒවා අදාළ කරගන්නෙ නැහැ. මම ගායිකාවක් විදිහට රසික රසිකාවියන්ට මගේ නිර්මාණ ගැන කියනවා. මගේ පෞද්ගලික ජීවිතයේ මම කාටද ආදරය කරන්නෙ, මම කවුරු එක්කද ජීවත් වෙන්නේ, මම මොනවද කරන්නේ මම කා එක්කද යන්නේ කියන්න එක එයාලට අදාළ නෑ කියලයි මම හිතන්නේ. ඉතින් එක එක අය මාද්‍යට ඇවිත් මම ගැන කතා කරනදේවල් වලට උත්තර දෙන්න මට වුවමනාවක් නැහැ.”

සුජීවා නැවත ආදරයක් ගැන හිතන්නේ නැද්ද ”මම දකින විදියට ආදරය කියන්නේ ගොඩක් සුන්දර දෙයක් විදියට ඒක මම හැමදාම කියනවා. අපිට ආදරයේ හරිම සුන්දරත්වය විඳින්න හරියනම කෙනා හමුවෙන්න ඕනෑ. එහෙම නැති උනාම ජීවිතයට සමහර අය එනවා ආයේ යනවා. ඉතින් ඒ වගේ සිදුවීමකට පස්සේ මම අද නිදහස් දිවියක් ගත කරනවා. හිත සතුටින් ඉන්නවා. මම කැමැති නැහැ ආයෙමත් ඒ නිදහස, ඒ සතුට නැතිකර ගන්න ඒනිසා මම ආයේ කිසිම පිරිමියෙක් එක්ක ආදරෙන් බැඳෙන්නේ නෑ කියලයි මට හිතෙන්නේ”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *