Tue. May 17th, 2022

ලංකාවේ හැමෝම ගොඩක් ආදරේ කරන රංගන ශිල්පිනියක් තමයි සංජානා ගමආරච්චි කියන්නේ. පුංචි තිරයේ ඉන්න හැඩකාර දඟකාරම රංගන ශිල්පිනිය විදියට සංජානා හඳුන්වන්න පුළුවන්. හැබැයි සංජනාට තියෙන්නේ ගොඩක් සුන්දර ජීවිත කතාවක් නෙවෙයි. ගොඩක් දුක් කම්කටෝලු බොහොමයක් මැද අමාරුවෙන් ජීවිතේ ජයගත් තරුණියක් තමයි සංජානා කියන්නේ. ඉතින් මේ තමයි ඇය ඇයගේ ජීවිත කතාව ගැන ජනප්‍රිය යුටියුබ් නාලිකාවකදී කියපු කතාවක් තමයි මේ.

සංජානා මේ ෆීල්ඩ් එකට අලුත් ඉතින් මේ ගමන එද්දී කැපිලි කෙටිලි තිබ්බේ නැද්ද ”ඇත්තටම මම මේ ෆීල්ඩ් එකට අලුත් කෙනෙක්. මගේ පවුලේ කිසිම කෙනෙක් කලාවට සම්බන්ද නෑ. ඉතින් එක එක විදියේ බලපෑම් තියෙනවා. මගෙත් එක්ක එකට මේ ෆීල්ඩ් එකට ආව ගොඩක් අය ඒ දේවල් දරාගන්න බැරුව නතර වුනා. හැබැයි මට මගේ ගමන මට පුළුවන් විදියට ආවා”

කට කතා ඕපා දූප හැදෙන එක ගැන සංජනාට මොකද හිතෙන්නේ ”මට වචන කිව්වට කමක් නෑ, ඒත් මම කැමති නෑ මගේ පවුලේ අයට එක එක කතා කියනවට. ඇත්තම කියනවනම් පහුගිය කාලේ ගොසිප් හැදෙනකොට මම මාරවිදියට ශෝක් උනා. ඒ වෙලාවේ හිතාගන්න බැරි වුනා මම මොකද්ද කරන්න ඕන කියලා. ඒ වෙද්දී මගේ අම්මා නැතිවෙලා අවුරුද්දක්වත් වෙලා නෑ. එකත් එක්ක මේ වගේ දෙයක් උනාම මට හිතාගන්න බැරි උනා මම ඊළඟට මොකද්ද කරන්න ඕන කියලා”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *