‘මට අම්මා වුනේ මගේ අක්කා’ ජනප්‍රිය නිලි තරිඳි කියන කතාව

තරින්දි ප්‍රනාන්දු පුංචි තිරය තුල දකින්න ලැබෙන දක්ෂ රංගන ශිල්පිනියක්.ටෙලිකතා ගණනාවකට සිය දායකත්වය දෙන ඇය ගැනයි අද අපි කතා කරන්න සුදානම් වෙන්නේ. ගොඩක් රංගන ශිල්පින් රංගන ජිවිතයට එනවත් එක්කම තමන්ගේ පෞද්ගලික ජිවිතේ ගැන කතා කරන එක නතර කරනවා. හැබැයි ඔබ එහෙම නෑ. “ඔව් මම මගේ පවුලේ අය⁣ගේ යට ගියාව කියන්න අකමැති කෙනෙක් නෙවෙයි. මොකද එදා මම හිටපු තැන අද නෑ. මගේ අම්මා තාත්තා පවා ලොකු කැපකිරිමක් කළා. මට මගේ අම්මා වගේ ඉන්නේ මගේ අක්කා. මගේ අක්කා මගේ අම්මා වගේම ධෛර්යයවන්ත කෙනෙක්. එයා එයාගේ ජිවිතේ ජයගන්න මාර්ගය හදගත්තේ තනියම.”

ඔබට අක්කා වගේ වෙන්න බැරි වුනාද, “අක්කා තමා මට කිවේ වාණිජ අංශයෙන් උසස් පෙළ කරලා බැංකුව රැකියාවක් කරන්න කියලා. මම අවුරුදු 4ක් විතර පෞද්ගලික බැංකුව රාජකාරි කළා. හැබැයි අපේ අම්මා නැති වුනත් එක්කම මම මානසිකව ගොඩක් ඇද වැටුනා. එකතැනක ඉදන් ජොබ් එකක් කරන එක පවා එපා ⁣වුනා. ඉතින් ඒ කාලේ මම මගේ මනස හදාගන්න නර්ථනය ඉගෙන ගන්න පටන් ගත්තා. එතනදි තමා මට රංගනයට එන්න පුළුවන් වෙන්නේ.”

තරින්දි ආදරය ගැන කතා කලොත්, “ඔව් මම ආදරය කරනවා.ආදරේ විදිනවා. මොකද අපි කවුරුත් කැමති ජිවිතේ ආදරය කියන දේ විදින්න. අපේ කලා කේෂ්ත්‍රයට සම්බන්ධ කෙනෙක් තමා මගේ ජිවිතේට එකතු වෙලා තියෙන්නේ.”

ඔබ ජිවිතය කියන දේ දකින්නේ කොහොමද? “මම ඉස්සර හිතුවේ ජිවත් වෙන්න ආහාරපාන, ඇදුම් පැළදුම් විතරක් ඇති කියලා. මට මගේ අමිමා නැති වුනාට පස්සේ ජිවිතේ ගොඩක් බලාපොරොත්තු තියාගෙන ජිවත් වෙන්න පුළුවන් වුනේ නෑ. මොකද අම්මා ඒ තරම් ඉක්මනට අපේ පවුල තනිකරලා යයි කියලා හීනෙන්වත් හිතුවේ නෑ. ඒත් ඒ අහිමි විම ජිවිතේ මට ගොඩක් දේවල් කියලා දුන්නා. ආසාවන් සරලවෙන තරමට අපිට ජිවත් වෙන්න හරි ලේසියි.”

රංගන ශිල්පිනියක් විදිහට බාධක නැතුව කලාවේ රැදෙන්න මොනවගේ දේවල්ද කරන්න ඕන කියලා තරින්දි හිතන්නේ, “ඒක කලාවට විතරක් නෙවෙයි. අපි ජිවත් වෙද්දි අපිට නොගැළපෙන අය හමුවෙනවා. අපි අපිටම සීමා දාගෙන ජිවත් වෙන්න පුරුදු වුනොත් අපිට කිසිම කෙනෙත් බලපෑම් කරන්න එන්නේ නෑ. මට රටේ ඕනිම තැනකට තනියම ගෞරවාන්විත විදිහට ගිහින් එන්න පුළුවන්. මොකද මගේ ජිවිතය ඇතුලේ මට සීමා තියෙනවා.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *