‘මට අම්මා කෙනෙක් වෙන්න ආසයි’ ජනප්‍රිය නිලි හිරූශි කියන කතාව

පසුගිය කාලයේ වැඩි දෙනාගේ ආදරය දිනාගත් ටෙලිනාට්‍යයක් විදිහට පාවෙලා වළාකුලේ ඒවිද අම්මා හදුන්වා දෙන්න පුළුවන්.එහි අනුරාධි ඩොක්ටර්ගේ චරිතයට දායක වු හිරුෂි වසුන්දරා ගැන කතා කරන්නයි අපේ සුදානම්. හිරුෂි කලාවට සම්බන්ධ වෙන්නේ 2007 වසරේ. ඒ ‘පුංචි පැංචි’ වැඩසටහනේ නිවේදිකාවක් විදිහට. ඇය බොහෝ සෙයින් නිවේදිකාවක් ලෙස ජනතාව⁣ගේ හදවත දිනාගන්න සමත් වෙනවා. ඉන් පසු ‘රාවනා’ අඩවිය කියන නිර්මාණය තුළින් ඇය ළමා රංගන ශිල්පිනියක් ලෙස කලාවට සම්බන්ධ වුනා. කාලයක් නිහඩව වුන් ඇය නැවතත් කලාව තුළ නිරන්තරයෙන් දකින්න පුළුවන් චරිතයක් බවට පත් වෙලා තියෙනවා.

කාලේකට පස්සේ තමා ඔබ නැවත කලාවට සම්බන්ධ වෙන්නේ. ඒ ගැන කතා කලොත්, “මම දීර්ඝ කාලින ටෙලි නාට්‍යයකට සම්බන්ධ වුන පළවෙනි වතාව තමා ‘පාවෙලා වළාකුලේ ඒවිද අම්මා’. මම ඩොක්ටර් අනුරාධි කියන චරිතයට ගොඩක් නැමති වුනා. මොකද ඒ චරිතය හරි අහිංසක චාම් චරිතයක් නිසා. අනික මට ඒ චරිතය ගොඩක් දැනුනා. ඒ චුටි දූ මගේ කියන හැගිම මට දැනුනා. සමහර තැන් වලදි මම ඇත්තටම ඇඩුවා. අපි අතරේ තිබුනේ පුදුම බැදිමක්. මට ඇත්තටම අම්මා කෙනෙක් වෙන්න හිතුන අවස්ථා තිබුනා. ඊටපස්සේ තමයි මම ‘ටීචර් අම්මා ටෙලිනාට්‍යට සම්බන්ද වුනේ”

මේ නිර්මාණය එක්ක ඔබට රංගනයට ලැබෙන ආරාධනා වැඩියි නේද, “ඔව් ආරාධනා ලැබෙනවා. හැබැයි මාව නිතරම ප්‍රේක්ෂකයාට දකින්න සිද්ධ වෙන්නේ නෑ. මොකද මම මගේ හිතට දැනුන නිර්මාණ වලට තමයි සම්බන්ධ වෙන්නේ. මම මුදල් ඉපයිමට රංගනයට එකතු වුනේ නෑ. ප්‍රේක්ෂකයා තෘප්තිමත් කරන එකයි මගේ බලාපොරොත්තුව”

ඔබ කලායක් කලාවෙන් ඈත් වෙලා හිටියා නේද? “අධ්‍යාපන කටයුතු එක්ක මම නිවේදන අංශයෙන් ඈත් වුනා. 2018 දෙරණ අවුරුදු කුමාරි තරඟය එක්ක මම ආයේ කලාවට සම්බන්ධ වෙනවා. පෝදා ටෙලිනාට්‍ය වගේ දේවල් වලට මම සම්බන්ධ වුනා. හැබැයි මම හැමදාම ආස කලේ රංගන ශිල්පිනියක් වෙනවට වඩා වෘත්තිමය නිවේදිකාවක් වෙන්න.”

හිරුෂි කලාව ගැන දරන්නේ මොන වගේ අදහසක්ද? “ඇත්තටම කලාව කියන්නේ අවබෝධයකින් යනවනම් යන්න පුළුවන් දුර ගමනක්. ගොඩක් අය මේ කේෂ්ත්‍රයට එන්නේ කිසිම අවබෝධයක් නැතුව. මට වුනත් ගොඩක් අත්දැකිම් නෑ. මමත් අලුත් කෙනෙක්. අපි දිහා එක එක අය බලන්නේ විවිධ කෝන වලින්. ඒ නිසා මම වුනත් මේ ගමන යන්නේ හරිම පරිස්සමෙන්. මට ජනප්‍රිය වෙන්න ඕන කියන හැගිම නෑ.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *