‘මගේ හංගන්න දේවල් නෑ’ ජනප්‍රිය නිලි නදීෂා කියන කතාව

නදීශා අලහප්පෙරුම කියන්නේ වර්තමාන රංගන ශිල්පින් අතරේ තවත් කැපි පෙනෙන චරිතයක්. අද වන විට පුංචි තිරය පමණක් නොව යුටියුබ් හරහාද ජනතාවට ටෙලිනාට්‍ය නරඹන්න පුරුදු වෙලා ඉන්නවා. ඉතින් එහෙම නිරතුරුව රසික හදවත් දිනාගත් ඇය ගැන කතා කරන්නයි අද අපේ සුදානම. ගොඩක් රංගන ශිල්පිනියන්ගේ සැබෑ ජීවිතෙත් රංගනයක් වගේ ඉතින් ඔබේ සැබෑ ජිවිතයත් රඟපෑමක්ද? “ජිවිතය කියන්නේ රඟපෑමක් නෙවෙයි. මොකද රඟපෑම කියන්නේ ලෝකයේ ගොඩක් අය ගරුකරන ඉහළ වෘත්තියක්. රංගන ශිල්පිනියක් විම ගැන මට තියෙන්නේ ඇත්තටම සතුටක්. අපේ ජිවිතය කියන්නේ දුක සතුට දෙකම අතරේ දෝලනය වෙන දෙයක්.

මට මගේජිවිතේ ගැන ලොකු ලොකු දේවල් ගැන බලාපොරොත්තු නෑ. මට ජිවිතේ මොන දේ නොලැබුනත් මම ලැබුන දෙයින් සතුටු වෙන කෙනෙක්. අනික මගේ ජිවිතේ හංගන්න දේවල් කොතනකවත් නෑ. මම ඔළුව කෙලින් තියාගෙන ජිවත්වෙන කෙනෙක්. මම ගැහැණියක් මවක් විදිහට ඇත්තටම මම ගැන ආඩම්බර වෙනවා. ඒ වගේම මම ගෙවන ජිවිතේ ගැන ගොඩක් සතුටු වෙනවා.”

රංගන ශිල්පිනියක් මවක් බිරිඳක් ලෙස ඔබට ඔබේ දෛනික කටයුතු සමබරව කරගෙන යන්න පුළුවන් ද? “පේන තරම් ලේසි දෙයක් නෙවෙයි මේ වගකිම් අරගෙන ජිවිතේ ඉස්සරහට යනවා කියන එක. හැබැයි ඕනිම ගැහැණියකට මේ තත්වයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒක වෙනස් කරන්න කාටවත් බෑ. දරුවෝ හදන්න කලින් තිබුන නිදහස දැන් නෑ කියලනම් හොදටම දැනෙනවා. මම මොන දේ වුනත් මගේ මුල් තැන පවුලට දිලා තමා අනිත් අභියෝග භාරගන්නේ. වර්තමාන සමාජ තත්වය එක්ක මම හිතන්නේ කාන්තාව කියන කෙනා ස්වාධින වෙන්න ඕනි. මොකද ඒක තමන්ගේ ජිවිතේට ලොකු හයියක්. මට මේ හැමදේම සමබරව කරගෙන යන්න මගේ සැමියා මව්පියන් ලොකු සහයෝගයක් දෙනවා. ඒ නිසාම හැමදේම බැලන්ස් කරගන්න මට පුළුවන් වෙනවා.”

ඔබේ දියණිය ගැනත් පහුගිය කාලයේ කතා වුනා. ඒ ගැන කතා කලොත්, “ඔව් මගේ දුව සුනාමි චිත්‍රපටයට සම්බන්ධ වුනා. කලාව කියන්නේ සංවේදි හදවත් සුවපත් කරන්න පුළුවන් මාධ්‍යයක්. මගේ දුව ආස මොන දේටද මමත් අමිලත් එයාට එයාගේ ගමන යන්න උදව් කරනවා. හැබැයි කිසිම වෙලාවක මම එයාලාට බලපෑම් කරන්නේ නෑ. එයාට මේ නිර්මාණයට සම්බන්ධ වෙන්න පුළුවන් වෙන්නේ ඇත්තටම එයාගේ වාසනාවට. එයා⁣ට ගොඩක් අය උදව් කළා. අම්මා කෙනෙක් විදිහට ඇත්තටම මට ගොඩක් සතුටුයි මගේ දරුවෝ ගැන.මගේ දුවගේ පළවෙනි නිර්මාණය තමා මේක.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *