‘මගේ මේ ලපේ මකනවට කවුරුවත් කැමති නෑ’ ජනප්‍රිය නිලි ශලනි කියන කතාව

සිනමාව රූපවාහිනය ජයගත් ඇය මේ වන විට පුංචි තිරයේ නිරතුරුව දකින්න ලැබෙන චරිතයක්. ශලිනි තාරකා කියන්නේ කලා ලෝකයේ තරු අතරේ ඉහළින්ම වැජඹෙන චරිතයක්. ඉතින් ලස්සන කියන මාතෘකාව ගැන කතා කරන්න අද අපි තෝරගත්තේ ඇයව. ඉතින් ශලිනි එන්න එන්න ලස්සන වෙන්න හේතුව මොකක්ද? දකින ගොඩක් අය මට කියන කතාව තමා ඔයා එන්න එනන ලස්සන වෙනවා කියන එක. මම ඇත්තටම ලස්සන රැකගන්න දෙයක් කරන්නේ නෑ. හැබැයි මම නිරෝගිව ඉන්න පොඩි පොඩි වැඩ ටිකක් කරනවා. ඒ අතරේ නිතර වතුර බොන එක ජිම් යන එක ප්‍රධානයි.

තව එළවළු පළතුරු කනවා නිතරම. මම කොහොමත් ශරිරයටදුක් දිලා ඇග කෙට්ටු කරගන්න දගලන කෙනෙක් නෙවෙයි. හැබැයි බැරි වෙලාවත් මට කෙට්ටු වෙන්න වුනොත් කෑම පාලනය කරනවා. රූපය සුන්දරව තියාගන්න ස්වාභාවික දේවල් කරනවා. ආයේ මම සැලුන් යනවා අනිවාර්යයෙන්.” මූණේ තියෙන ලපය නිසා ශලිනිගේ ලස්සන තවත් වැඩි වෙලාද? “ඇත්තටම ඒක දැන් මගේ අනන්‍යතාවය වෙලා. මමනම් ඇත්තටම කැමති මේ ලපේ අයින් කරන්න. ඒත් අපේ අම්මා කැමති නෑ ඒක නැති කරනවට. ඒ නිසාම උපන් ලපය තියාගෙන ඉන්නවා.”

වර්තමානයේ ගොඩක් අය ලස්සන කියලා දකින්නේ සුදු පාට සමට. ඒ ගැන ⁣ඔබ මොකද හිතන්නේ, “සුදු වෙන එක නෙවෙයි ලස්සන කියන්නේ. මොකද වර්තමානයේ ගොඩක් අය රූපය වෙනස්නරගන්න ලොකු උත්සහයක් ගන්නවා. අපිට ඇත්තටම ස්වාභාවිකව උරුම උන ලස්සනක් තියෙනවා. ඉතින් අපි ඒක රැකගෙන ඉන්න ඕනි. මොකද ඒක ලස්සන කරගන්න කියලා ගිහින් අපේ අය කරන්නේ තියෙන පෙනුමත් විරූපි කරගන්න එක. අපි කරපු පින් පව් අනුව තමා අපිට මේ විදිහට රූපයක් හිමි වෙලා තියෙන්නේ. ඒක ආරක්ෂා කරගන්න එකයි අපි කරන්න ඕනි.”

අතිතයට වඩා වර්තමානයේ කාන්තාවන් ලස්සනට ඉන්න උත්සහ කරනවා ඒ ගැන මොකද ඔබ හිතන්නේ? මොනම හේතුවකට හරි එහෙම දෙයක් සිද්ධ වුන එක හොදයි. කොයි කාන්තාවත් ලස්සනට පිරිසිදුවට පිළිවෙලට ඉන්න ඕන. ඒක විවාහ වුනා නැතිවුනා කියලා නෑ. ඒක ඒ විදිහට සිද්ධ වෙන්න ඕන. ගොඩක් කාන්තාවන්ගේ ලස්සන කියන්නේ ඇත්තටම පිරිසිදුකමයි පිළිවෙලයි.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *