‘පාලුවෙලාවට පූසා හුරතල් කර කර ඉන්නවා’ තරුණයන් වශීකරගත් හිරුෂි කියන කතාව

නිවේදිකාවක් ගායිකාවක් විදිහට ජනතාවගේ හදවතට රිංගන ඇය හිරුෂි ජයසේන. අද අපි ලස්සන ගැන කතා කරන්න තෝරගත්තේ ඇයවයි. ඔබ අද නිවේදිකාවක් ගායිකාවක් විදිහට ජනතාව අතරට යන්නේ ලස්සන කියන දේ නිසාද,? “කොහෙත්ම නෑ. මොකද මම ගායිකාවක් වගේම නිවේදිකාවක් වෙන්නේ මගේ දක්ෂතාවය නිසා. උත්සහය උනන්දුව කැපවිම කියන කාරණා වල එකතුවක් විදිහටයි අද මම යම් තැනක් මටම නිර්මාණය කරගෙන තියෙන්නේ. පවුලෙන්, පාසලෙන් ලැබුන හරි මඟ පෙන්වීම ය⁣ටතේ මට මගේ නිර්මාණශිලි හැකියාවන් වර්ධනය කරගෙන ඉස්සරහට යන්න හැකියාව ලැබෙනවා.”

ලස්සන වෙන්න හිරුෂි මොනවද කරන්නේ,? “මම මගේ දවස ආරම්භ කරන්නේ උදෙන්ම හොද වතුර විදුරුවක් බිලා. ඊට අමතරවම මම හිතලා දවසකට වතුර ගොඩක් බොනවා. සම මතුපිට නිරෝගිව තියාගන්න ශරිර අභ්‍යන්තර වර්ධනයට වතුර කියන දේ ගොඩක් වැදගත් වෙනවා. මම කෑමබීම ගැන හිතනවා. විශේෂයෙන් තෙල් පිටි කෑම මම ආහාරයට ගන්නවා හරිම අඩුයි. අනික ලස්සනට ඉන්න නින්ද කියන දේ ගොඩක් වැදගත්.

කාර්යබහුල නැති දවසට මමත් පැය හයක් හතක් සුව නින්දක් ලබනවා. මම එළවළු කන්න ටිකක් හොරයි. හැබැයි අම්මා මට එළවළු කවනවා. පළතුරු ජූස් බොන්න කැමතියි. ඇගේ හැඩය ගැනනම් මම ලොකුවට හිතන කෙනෙක් නෙවෙයි. හැබැයි මම නර්ථනයෙන් කැලරි දහනය කරනවා. විශේෂයෙන් මම ගෙදර නිකන් ඉන්න වෙලාවට සිංදුවක් දාගෙන හොදට නටනවා. ඒක මගේ විනෝදාංශය කිවොත් හරි.”

සුන්දර කාන්තාවක් අසුන්දර වෙන්න හේතුව ඔබ දකින විදිහට, “ඇත්තටම කාන්තාවක් අසුන්දර වෙන්නේ එයාට එයා ගැන හොයන්න හිතන්න කාලයක් නොමැති වි යාමයි. කාන්තාව කියන්නේ වගකිම් ගොන්නක් තියෙන කෙනෙක්. ඉතින් ඒ වගකිම් නිසාම ඇයට ඇය ගැන හිතන්න කාලයක් නෑ. තව දෙයක් ඇයට පවුලෙන් කිසි සහයෝගයක් නොලැබිම. ඒ හැමදේම නිසා කාන්තාවකට ඇය ගැන ඇගේ රූපය ගැන හිතන්න කාලය නැති වෙන්නපුළුවන්. ඒ නිසාම ඒ රූපය කැත වෙන්න ඉඩකඩ වැඩියි. ඉතින් අපි අපිට උපතින් ලැබුන රූපය ආරක්ෂා කරගන්න හිතන්න ඕන. ඒකට අවශ්‍ය දේවල් කරන්න ඕනි.”

කාන්තාවකට ලස්සන කියන දේ වැදගත් කියලා හිතනවාද,? “අනිවාර්යෙන් ඔව්. මොකද කාන්තාව කියපු සැනින් අපිට මතක් වෙන්නේ ලස්සන. හැබැයි කාන්තාවක් මතුපිටින් ලස්සන වෙලා මදි. ඇතුළාන්තයෙන් ලස්සන වෙන්න ඕන. මොකද බාහිර ලස්සන අද තිබිලා හෙට නැති වෙන්න පුළුවන්. හැබැයි හදවතේ ලස්සන එහෙම නැති වෙලා යන්නේ නෑ.”

හිරුෂි ගෙදර පාලුවෙන් ඉන්න වෙලාවට මොකද කරන්නේ ”මට එහෙම පාලුවෙන් ඉන්න වෙලාවක් නැති තරම් මොකද මම නිතරම මොකක් හරි කරනවා. නෙට්ෆ්ලික්ස් බලනවා නැත්නම් පොතක් කියනවනවා. අනික මට කොහොමත් පාළුවක් දැනෙන්නේ නෑ මොකද මගේ ‘මලලසේකර’ ඉන්නවා නේ. මට මෙයා දුන්නේ මගේ අයියා, එයා මෙයාට කිවුවේ ‘බ්ලාබී’ කියලා මම තමා ආදරේට මෙයාට ‘මල්ලේ’ කියලා දැම්මේ. ඉතින් නිකන් ඉන්න වෙලාවට මෙගේ හුරතල් පුසා එක්ක හුරතල් වෙවී ඉන්න එක තමා කරන්නේ”

Leave a comment

Your email address will not be published. Required fields are marked *