පාරදිගේ දිගේ ටෙලිනාට්‍යයේ ‘මානවී’ කියන චරිතය මේ වනවිට ගොඩක් ජනප්‍රියයි. ඇගේ සැබෑ නම ස්වප්නා පාදුක්ක. ඉතින් මේ සුදානම ඇය හා කතා කරන්න. කුඩාකාලයේ පටන් රංගනයට ආස වුන ස්වප්නා මෙවර ස්වරණ කුමරිය තරඟයේ අවසන් 15 දෙනා අතරට පැමිණි තරුණියක්. ඉතින් අපි හිතුවා මේ දවස්වල ලංකාවේ හැමෝම කතාවෙන මේ නවක රංගන ශිල්පිනිය එක්ක පොඩ්ඩක් කතා කරන්න.
ස්වප්නා හිතුවට මානවි චරිතය වෙනස් චරිතයක් නේද? “ඇත්තටම ඔව්. මේ චරිතයේ හැම වෙලාවකම තියෙන්නේ රංඩු වෙන්න. මොකද කතාවේ මට තව නංගියක් ඉන්නවා. හැබැයි අපේ අම්මා එක්කෙනෙක් වුනාට දෙන්නාට තාත්තලා දෙන්නෙක්. ඉතින් ඒ දේවල් එක්ක නිතරම මට තියෙන්නේ රංඩු වෙන්න. ඒ වගේම මේ කතාවේ මගේ පෙම්වතා එක්කත් න ඉතරම රන්ඩු වෙන්න තමා තියෙන්නේ”

රඟපාන එක ලේසි දෙයක්ද? “අපොයි නෑ. හිතුවට වඩා රඟපාන එක හරි අමාරුයි. රූපවාහිනියේ බලනකොට අපිට හිතෙන්නේ ඒක හරි ලේසි වැඩක් වගේ. හැබැයි චරිතයක් නිරූපණ කරන්න කොච්චර අමාරුද කියලා අපිම හිතලා බලන්න අපි කරන්නම ඕන. හැබැයි මම අලුත් කියලා කවුරුත් මාව පැත්තකට කලේ නෑ. හැමෝම උදව් කළා මගේ චරිතයට. ප්රවිණයන්ගේ පවා උපදෙස් ලැබුනා මට මේ කතාවෙ මට හිමි චරිතයට සාධාරණය කරන්න.”
මානවිට ලැබෙන ප්‍රතිචාර ගැන කතා කලොත්, “ඇත්තටම ඒ ගැන මට ගොඩක් සතුටුයි. මොකද ගොඩක් අය අද මාව දන්නවා. මම මාක්ස් එක දාගෙන පාරේ ගියත් මගෙන් ගොඩක් අය අහනවා ඔයා ‘මානවි’ නේද කියලා. ඇත්තම කියනවනම් දැන් පාරේ යන්නත් නෑ එච්චර මිනිස්සු ඇවිත් කතාකරනවා අන්තර්ජාලය හරහාත් මට ගොඩක් ආදරණිය රසික ආදරයක් ලැබෙනවා. මට හිතෙනවා ඇත්තටම ගොඩක් අය පාර දිගේ ටෙලිනාට්‍ය බලනවා නේද කියලා.”
මානවි නිසාම ඔබ දැන් ජනප්‍රිය වෙලා. ඒ නිසාම ආරාධනා ගොඩක් ලැබෙනවා නේද? ”වෙළඳ දැන්විම් කිහිපයකට ආරාධනා ලැබුනා. හැබැයි ආරාධනා ලැබුන පලියට මම රංගනයට සම්බන්ධ වෙන කෙනෙක් නෙවෙයි. මගේ ප්‍රතිරූපයට හානියක් නොවෙන ආරාධනා භාරගෙන මම නිර්මාණ වලට සම්බන්ධ වෙනවා.