‘දෙවෙනි ඉනිම නිසා මගේ ජීවිතේ අනිත් පැත්ත හැරවුනා’ ජනප්‍රිය නළු මිලින්ද කියන කතාව

මිලින්ද මඩුගල්ල වර්තමානයේ පුංචි තිරයේ නිරතුරුව දකින්න ලැබෙන සොදුරු කලා කරුවෙක්. මේ වනවිට ටෙලිනාට්‍ය තුන හතරක රංගනයෙන් දායක මිලින්ද සම්බන්ධ වෙන චරිතයට උපරිම සාධාරණය ඉෂ්ඨ කරන රංගන ශිල්පියෙක්. අද අපි කතා කරන්න සුදානම් වෙන්නේ ඔහු ගැනයි. ඔබ කලාවට සම්බන්ධ වෙන්න හිතුවේ ඇයි, “පොඩි කාලේ ඉදන්ම මම කලාවට ආස කෙනෙක්.

ඒක එක අංශයකය කියලා නෑ ගොඩක් අංශ මම ආවරණය කළා. මම බන්දුල විතානගේ සර්ගේ රංගන පාඨමාලාව ඉගෙන ගත්තා. මම අදටත් ඒ දේවල් ඉගෙන ගන්නවා. මම මේ කලාවට ආසයි. මොකද අලුත් අලුත් දේවල් ඉගෙන ගන්න පුළුවන් කලාවක්. ඉගෙන ගද්දි හරි විනෝදජනකයි මේ රංගනය කියන කලාව”

ඔබ ක්ෂේත්‍රයට එන්නේ “අල්ලපු ගෙදර ටෙලිනාට්‍යයේ පොඩි චරිතයක් තමයි රඟපාන්නේ මුලින්ම. එතනින් පස්සේ මම රිදි තිරයට සම්බන්ධ වෙනවා. රිදි තිරයෙන් වේදිකාවට එන්න අවස්ථාව ලැබෙනවා. වේදිකාවෙන් තමා පුංචි තිරයට එන්න අවස්ථාව ලැබෙන්නේ. හෙමින් ආව ගමනක් තමා මේක. ඉතින් සතුටුයි කේෂ්ත්‍රයට ආව එක ගැන.”

ඔබ හොරෙන් ඕස්ට්‍රේලියාවට යන්නහැදුවා කියන කතාව ඇත්තක් ද, “සුපුන් රත්නායක මහතාගේ හතරවෙනි ටෙලිනාට්‍ය තමා ‘අඩෝ’ කියන්නේ. ‘අඩෝ’ කියන ටෙලි නාට්‍යයෙන් කියවෙන්නේ ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් යන සිද්ධියක්. මමත් බෝටිටුවෙන් ඕස්ට්‍රේලියාවට යන්න හදනවා. ඒත් මගේ අම්මා නැතිවෙන නිසා මට යන්න බැරි වෙනවා. ඒක ඇත්තටම සංවේදි කතා පුවතක් එක්ක බැදුන ටෙලිනාට්‍යයක්. සාමාජිය, දේශපාන හැම කොටසක්ම ආවරණය කරපු නිර්මාණයක්.”

දෙවෙනි ඉනිම නිසා ඔබට ලොකු රසික ප්‍රතිචාරයක් ලැබුනා නේද? ”ඇත්තටම ඔව්, ‘දෙවෙනි ඉනිම’ ටෙලිනාට්‍ය නිසා මට ගොඩක් දේවල් ලැබුනා. හැබැයි ඒක විලන් චරිතයක් නිසා රසික ආදරයක්නම් ලැබුනේ නෑ. පාරේදී දැක්කත් ගොඩක් අය මගෙත් එක්ක කතා කරන්නේ බයෙන් වගේ. ඒ එකෙන් තේරෙනවා මම ඒ චරිතයට සාදාරනයක් කරලා තියෙනවා කියලා, කොහොම වුනත් ‘දෙවෙනි ඉනිම’ නිසා මගේ ජීවිතේ අනිත් පැත්ත හැරවුනා’

කලාව පැත්තෙන් වෙනත් අංශ වලට උනන්දුවක් නැද්ද, “හඩකැවිම් අංශ වලට වගේ ආරාධනා ලැබෙනවා. හැබැයි මගේ ලොකු කැමැත්තක් නෑ ඒවාට. ⁣අනික මම කාලය කියන දේ කළමනාකරණය කරගන්න ඕනි. මම ගොඩක් කාර්ය බහුල වෙන්න කැමති කෙනෙක් නෙවෙයි. ඒ මොකද ම⁣ට පවුලක් තියෙනවා.මට දරුවෝ ඉන්නවා ඒ නිසා. මම කැමතියි එයාලා එක්ක සතුටින් ඉන්න. ඉතින් වැඩ ගොඩකට මම හරි වුනොත් මගේ සතුට කියන දේ මට අහිමි වෙනවා.”

කලා කටයුතු එක්ක ඔබේ ජිවිතේ ගෙවෙන්නේ කොහොමද කියලා කිවොත්, “මම ගොඩක් සතුටින් ජිවත් වෙන කෙනෙක්. මට ලස්සන පවුලක් තියෙනවා. දවසින් දවස අපිට අලුත් අත්දැකිම් ලැබෙනවා. මේ හැමදේම එක්ක ජිවිතේ ගලාගෙන යනවා. ඒ වගේම කළා කටයුතු වලට ගෙදරින් ලොකු සහයෝගයක් ලැබෙනවා ඇත්තටම සතුටුයි මේ ලැබුන ජීවිතය ගැන”

Leave a comment

Your email address will not be published. Required fields are marked *