‘දැන් ගෙදර රෙදි ගොදන්නෙත් මගේ සැමියා’ දඟකාර මාධවී කියන කතාව

කලා ලෝකයේ කාගේත් ආදරය මෙන්ම ගෞරවය දිනාගත්ත පවුලක් විදිහට ඇන්තනි පවුල හදුන්වා දෙන්න පුළුවන්. එදා මෙදා තුළ සමාජයේ බොහෝ දෙනෙක් කතා කරන මේ පවුලේ එක්කෙනෙක් ගැන කතා කරන්නයි අපේ මේ සුදානම. ජැක්සන් පවුලේ එකම දියණිය ඇය නමින් මාධවී වත්සලා ඇන්තනී. පවුලේ එකම දියණිය මෙන්ම වැඩිමල් දියණිය වෙන මාධවී ගායනයට, නර්ථනයට, රංගනයට මෙන්ම නිවේදනයටද ගොඩක් දක්ෂයි.

මාධවීගේ පෞද්ගලික විස්තර ගැන කතා කලොත්, ”මම මාධවී වත්සලා ඇන්තනී. ජැක්සන් ඇන්තනීගේ එකම දුව.1988 අගෝස්තු තමා මම ඉපදෙන්නේ. ඒ කියන්නේ මේ වෙද්දි මගේවයස අවුරුදු 33 වගේ වෙනවා. මම විවාහකයි. කලාවේ කටයුතු එක්ක මගේ ජිවිතේ ගෙවිලා යනවා සුපුරුදු විදිහටම. ගායනය, නර්ථනය, රංගනය හැම අංශයකටම මම සම්බන්ධ වෙනවා.”

ඔබේ විවාහය ගැන කතා කලොත්. “එක එක අය මගෙන් ප්‍රයෝජන ගත්තා මගේ හිත හොඳ වැඩිකමින්. මගේ ජිවිතේ හොදම කාලේ එකතැන නතර වුනා. ඒ කොහොම වුනත් මම ගෙවුන අවුරුදු දහය අපරාදේ. හැබැයි මම පසු තැවෙන්නේ නෑ. මම විවාහ වෙලා ඉන්නේ මිලාන් ධනංජය සිල්වා එක්ක. අපි විවාහ වෙන්නේ 2019. මම හිතන්නේ මම ජිවිතේ ගත්ත. හොදම තිරණය තමා ඔහු හා විවාහය විම.”

මිලාන් ගැනත් විස්තර කලොත්. “ජීවිතේ හොදම කාලේ හමුවුන කෙනෙක් මිලාන් කියන්නේ. අපි සැමියා බිරිඳ කියලා කිසිම වෙනසක් නෑ. ගෙදර වැඩවුනත් දෙන්නම බෙදාගෙන කරනවා. ජිවි⁣තේ මට නැගිටින්න කියලා දුන්න කෙනා තමා මගේ සැමියා. වෙලාවකට එයා රෙදි පවා සෝදනවා. මට උයන දේවල් වලටත් උදව් කරනවා. ඇත්තටම මිලාන් කියන්නේ හොද සැමියෙක්. මගේ පවුලට හොද පුතෙක්.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *