මේධා ජයරත්න කියන්නේ කලා ක්ෂේත්රයේත් දක්ෂ රංගන ශිල්පිනියක්. ගැහැනියක් විදියට ඇය ජීවිතේට මුහුණ දෙන්නේ විවිධ ගැටලු හමුවේ. ඔබ ගෙවන ජීවිතයත් එක්කඔබට එල්ලවෙන බාහිර බලපෑම් කොයිවගේද, ඕනම ප්‍රශ්ණයකට මුහුණ දෙන්න තරම් ආත්ම ශක්තියක් මම ළඟ තියෙනවා. මම ප්‍රශ්න වලින් හැංගිලා පැනලා යන කෙනෙක් නෙවෙයි. මට විවිධ අයගෙන් විවිධ බලපෑම් ආවා.
ගැහැනියක් තනියම ජීවත් වෙද්දී වෙද්දි අනිත් අය බලාපොරොත්තු වෙන්නේ මොන වගේ දේවල්ද කියලා අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ .එවැනි පුද්ගලයන්ට පිළිතුරු දුන්නේ කොහොමද කියලා ඔවුන් දන්නවා.කොහොමත් මේ රටේ දික්කසාද ගෑනියෙක්ටවත් පාඩුවේ ඉන්න දෙන්නේ නැහැ .
ඔබේ සැමියා දක්ෂ අධ්යක්ෂවරයෙක්. පහුගිය කාලේ ඇතිවුණු ප්‍රශ්නත් එක්ක නැවත ඔබට ඔහුගේ නිර්මාණවලට සම්බන්ධ වෙන්න පුලුවන්ද, මම කවදාවත් මගේ පෞද්ගලික ජීවිතේ නිර්මාණ සමඟ සසඳන්නේ නෑ. මට මුගෙන් ආරාධනාවක් ලැබුණොත් මම වෘත්තිය ගැන හිතලා එයට සම්බන්ධ වෙනවා.
ඔබ වෘත්තියෙන් රංගන ශිල්පිනියක්. මේ ගෙවෙන කාලයේ ඔබ වෙනත් දේකට කැප වෙන්න කැමති නැද්ද, මට ජීවත්වෙන්න සාමාන්‍ය මුදලක් ලැබුනහම ඇති.කොහොමත් මහා පරිමාණයෙන් මුදල් හොයන්න මම කැමති නැහැ. ලද දෙයින් සතුටු වෙන්න පුළුවන් හැකියාවක් මට තියෙනවා.