‘දරුවට කිරි දෙන කාලේ මම මගේ ෆිගර් එක ගැන හිතුවේ නෑ’ ජනප්‍රිය නිලි නිරෝෂා කියන කතාව

ලෝකේ ජිවත් වෙන්න වටිනම සාධකයක් විදිහට ලස්සන කියන දේ හදුන්වන්න පුළුවන්. අපි කල්පනා කරලා බැලුවොත් ලස්සන කියන්නේ උපතින් අරගෙන එන සුන්දරත්වය දිගු කාලිනව පවත්වාගෙන යන එක. නවක පරපුරේ රංගන ශිල්පිනියක් වෙන නිරෝෂා තලගල එක්ක අපි අද කතා කරන්න සුදානම් වෙන්නේ ලස්සන කියන දේ ගැන.

නිරෝෂා කියන්නේ මේ වන විට ආදරණිය මවක්. මවක් වුනත් ඇය ඇ⁣ගේ රූපය ගැන ගොඩක් සැලකිලිමත්. ඒ ගැන අපි ඇයගෙන්ම අහන්න හිතුවා, “මම දරුවෙක් හිටියත් මම ගැන සැලකිලිමත් වෙනවා. විශේෂයෙන් මම මානසික සතුට ගැන හිතනවා. මේ කාලය තුළ දරුවා නිසා මම පුදුම සතුටකින් ජිවත් වෙනවා. හැබැයි ගොඩක් අය කියනවා දරුවා ලැබුනත් එක්ක මම ගොඩක් ලස්සන වෙලා කියලා.”

ඔබ කෑම බීම ගැන සැලකිලිමත්ද? “මම දරුවා ලැබිලා මුල් කාලේනම් හිතුවේ නෑ මොකද දරුවාට කිරි දෙන නිසා. හැබැයි මම කෑම බිම ගැන සැලකිලිමත් කෙනෙක් දැන්. නර්ථන ශිල්පිනියක් රංගන ශිල්පිනියක් විදිහට මම ශරිරයේ හැඩය පවත්ව ගන්න නිතරම ව්‍යායාම් කරන කෙනෙක්. ඒ නිසාම කෑම බිම ගැන හොදට හිතලා බලනවා. පළතුරු එළවළු තමා මම වැඩිපුරම ආහාරයට ගන්නේ. පිටි කෑම ගොඩක් වෙලාවට මම ආහාරයට ගන්නේ නෑ.”

ඔබ සුන්දරත්වය රැකගන්න ගෙදරදි මොන වගේ දේවල්ද කරන්නේ, “එළිමහන් රූගත කිරිම් අවසන් වුන සැනින් මම ගෙදර ඇවිත් යෝගට් එකකට කහ මිශ්‍ර කරලා ඇගේ ගානවා. ඇත්තටම ඒක ගොඩක් ප්‍රතිඵල දායක දෙයක්. ඒ වගේ කුරුලෑ වගේ දේකට අර්තාපල් යුෂ අරන් ගානවා. දවස් දෙක තුනකින් කුරුලෑව නැති වෙලා යනවා. මේ හැමදේම එක්ක හැමදාම උදේට මම උණුසුම් වතුරු විදුරුවක් දෙහි බිංදු දෙකක් දාපා බොන්න පුරුදු වෙලා ඉන්නවා. ඒ වගේම මම නිතරම වතුර බොනවා.”

කාන්තාවකගේ ලස්සන කියන දේ මනින්නේ කොහොමද? “මම නම් කෙනෙක්ගේ මතුපිටින් ඒ කෙනාව මනින කෙනෙක් නෙවෙයි. මොකද රූපය ලස්සන අයගේ හදවත ලස්සන නෑ. මොකද ඒ අයගේ චේතනාවන් හරි කුහකයි. ඇත්තටම අපි ආගමට දහමට මුල් තැන දෙනවනම් අපේ මුහුණ හදවතදෙකම ලස්සන වෙනවා. කාන්තාවක් ලස්සයි කියන්නේ එයාගේ හදවත වගේම එයාගේ පිරිසිදු කමත් එක්ක එකට එකතු වුන දෙයක් විදිහටයි මම දකින්නේ.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *