‘තාත්තට වඩා එයා මට ආදරෙයි’ රංගනයට සමුදුන් ජනප්‍රිය නිළිය කවීෂා කියන කතාව

ෂෙහාන් ජයසුරිය කියන්නේ ක්‍රිකට් පිස්සන් දන්නම චරිතයක්. හැබැයි අ⁣පි මේ කතා කරන්න සුදානම් වෙන්නේ ඔහු ගැන නෙවෙයි. ඔහුගේ ආදරණිය ප්‍රේමයට උරුමකම් කියු ඇය ගැනයි. ඇය නමින් කවීෂා කාවින්දි. ඇමරිකාවේ පදිංචි කවිෂා රංගන ශිල්පිනි ඩිලානිගේ සහ ගායන ශිල්පි සමන්⁣ මහතාගේ ආදරණිය දියණියයි.

ෂෙහාන්ගේ ආදරේ ගැනම කියලම අපි කතාව පටන් ගමු. ඔබට කොහොමද ඔහුව දැනෙන්නේ, “ඇත්තටම ඒ ආදරේ ගැන කියන්න මටවත් හිතාගන්න බෑ. එයා මාව ගොඩක් තේරුම් ගත්ත කෙනෙක්. තාත්තා කෙනෙක් වගේ එයා මාව හොදට බලාගන්නවා. මාව ආරක්ෂා කරනවා. එයා ඇත්තටම මට තාත්තා කෙනෙක්ට වඩා ආදරෙයි. අපේ ආදරය හරි පුදුමයි වගේම එයාගේ ආදරයත් මට හරි පුදුමයි. මගේ ජිවිතේ ඉස්සරහට යන්න ඇත්තටම මට ඒ ආදරේ ලොකු හයියක් .ඒ වගේම ඒ ආදරේ සුන්දරයි.”

ෂෙහාන් වගේ කෙනෙක් තෝරගැනම ගැන කවිෂාට මොකද හිතෙන්නේ, “දැන් අපේ ආදරය මෙහෙම සුන්දරව ගලාගෙන ගියාට මේ ආදරේට අපි ⁣ලොකු කැප කිරිමක් කළා. ගොඩක් දුක් වින්දා. සමහරු අපි දෙන්නට එක එක දේවල් කිවා. හැබැයි ඒ හැමදේම අපි දෙන්නා ඉවසගෙන දරාගෙන හිටියා. අපි ආව දුර ගැන ඇත්තටම අපිට තියෙන්නේ ලොකු සතුටක්. දුෂ්කර කාලයක් ගෙවලයි අපි මෙතනට ආවේ. අපේ ආදරේ ඒ නිසාම ගොඩක් ශක්තිමත්. ඒ වගේ කෙනෙක් මගේ ජිවිතේට එකතු වුනාට මට ඇත්තටම ගොඩක් සතුටුයි”

කවිෂා ෂෙහාන් නිසා රංගනයට තිත තියලද? “එහෙම නෑ මට හොද නිර්මාණයක් ලැබුනොත් අනිවාර්යයෙන් මම සම්බන්ධ ⁣වෙනවා. එයානම් කියන්නේ හොද නිර්මාණයක්නම් යන්න කියලා. හැබැයි මට හිතෙනවා එයා මට ආවේ රඟපාන්න දෙන එකක් නෑ කියලා. හැබැයි මම රංගනයට නර්ථනයට වගේම ගායනයටත් ආසයි.”

ආදරේදි තරහ වෙලා නැද්ද. “දුර ඉද්දි ඉතින් පොඩි පොඩි දේවල් වලට තරහ වෙනවා. හැබැයි ළග ඉද්දි අපි තරහ වෙලා නෑ. දුරින් ඉද්දි කා අතරත් එහෙම ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්නේ. තරහා උනත් අපිට තරහා වෙලා වැඩි වෙලාවක් ඉන්න බෑ දෙන්නගෙන් එක්කෙන් ඉක්මනට කතා කරලා යාළුවෙනවා. කොහොමත් රන්ඩු වෙවී යාලු වෙවී ඉද්දි තමයි ඒ ආදරේ සුන්දර වෙන්නේ එක වෙනම ආතල් එකක්”

Leave a comment

Your email address will not be published. Required fields are marked *