‘තරහා ගියාට මම ගොඩක් අහිංසකයි’ හුරතල් බෝනික්කි ෂෙහානි කියන කතාව

ෂෙහානි කහඳවල ළමා නිවේදිකාවක් විදිහට කලා⁣වට පිවිසෙන අතර මේ වන විට බොහෝ දෙනෙකුගේ ආදරය දිනාගත් රංගන ශිල්පිනියක්ද වි හමාරයි. ගායිකාවක් විමේ සිහිනයක ජිවත් වන ඇය සමඟයි අද අපේ සොදුරු කතා බහ. ෂෙහානිට ඇය කලාවට එන්න හිතුනේ කොහොමද? “හරි අහම්බෙන් තමා මම නිවේදනයට එන්නේ. ඒ එක්කම මට රංගනයට එන්නත් අවස්ථාව ලැබෙනවා. දැන් මම දිගටම රංගන කටයුතු වල තමා ඉන්නේ. හැබැයි පොඩි කාලේ ඉදන් මම ආස කලේ ගුවන් සේවිකාවක් වෙන්න. හැබැයි කලාවට ආවත් එක්කම මට හිතුනා රංගනය කියන දේ හොදයි කියලා.”

ෂෙහානි කියන්නේ මොන වගේ කෙනෙක්ද, “මම මතුපිටින් බලද්දි කෙනෙකුට හිතෙන්න පුළුවන් ආඩම්බර චරිතයක් විදිහට. ඒත් ඇත්තටම එහෙම නෑ. මම බොහොම සරළ කෙනෙක්. මට ඉක්මනට තරහ යනවා හැබැයි මම ගොඩක් අහිංසක කෙනෙක්. මාව දන්න අය දන්නවා මම කවුද කොහොම කෙනෙක්ද කියන්න.”

ඔබට ජිවිතේ ගැන දැනෙන්නේ කොහොමද ? “මේක රවුමක් වගේ. දෙමාපියන් අපිව බිහි කරලා අධ්‍යාපනය දිලා අපිව හොද කෙනෙක් විදිහට සමාජයට යවනවා. අපි ඒ හැමදේම එක්ක මොළය පාවිච්චි කරලා වැඩ කරන්න ඕනි. මමනම් බුද්ධිමත් විදිහට වැඩ කරන්න කැමති කෙනෙක්. කවදා හිටියත් අපි මැරෙන මිනිස්සු. අපි සමාජයට හරවත් විදිහට ජිවත් වෙන්නයි ඕන”

ඔබ ගායිකාවක් කියන්න කවුරුත් දන්නවා. ගායිකාවක් විදිහට ඔබේ ස්ථාවරත්වය තියාගන්න මොනාද කරන්නේ. “අපි අද කාලේට ගැළපෙන්න හැඩගැහෙන්න ඕන. ඒකට අතිතය කියන දේ ගොඩක් වටිනවා. ගොඩක් අය අපිට ප්‍රසංසා කරන්නේ අතිතයේ දේවල් වලට. හැබැයි අපි වර්තමානයේ හොද දෙයක් කලොත් අපේ අනාගත අයෝජනය තමයි ඒක. අලුත් තාක්ෂණය එක්ක අපි ඉස්සරහට යන්න ඕනි. මම කැමතියි අද කාලේට ගැළපෙන දෙයක් කරන්න. මොකද සංගීතය කියන්නේ විශ්ව භාෂාවක්. එහිදි අපි කෙනෙක්ට විදින හැගෙන දෙයක් කරන්නයි බලාපොරොත්තු වෙන්න ඕනි”

ෂෙහානි ආදරය ගැන කතා කලොත්, “ආදරය කියන දේ නැතුව බෑනේ. මනුස්සකම පවතින්නේ ආදරයත් එක්ක. ආදරය ජිවිතයතට අත්‍යවශ්‍ය වෙනවා. මමත් ආදරේ විදිනවා. ආදරේ කියන්නේ හැමෝටම පොදු දෙයක්. හැබැයි ආදරේ සහ විරහව කියන්නේ එකම කාසියේ දෙපැත්ත එකත් දැනගෙන ඉන්න ඕන”

Leave a comment

Your email address will not be published. Required fields are marked *