‘ටික කාලෙකින් මම රට යනවා’ හුරතල් නිලි හර්ෂි කියන කතාව

හර්ෂි අංජුමාලා. වර්තමානයේ රංගන ශිල්පින් අතරින් තරුණ රංගන ශිල්පිනියක්. නර්තන ශිල්පිනියක් ලෙස කලාවට පිවිසෙන ඇය ගැනයි අද අපේ සොදුරු කතා බහ. දක්ෂතාවය නිසාම අංජු ඇයට හිමි තැන ලියා අවසන්. ඔබ පුංචි තිරයෙන් රිදි තිරයට පැමිණිමේ කතාව ඇත්තක්ද? “ඔව් ඒක ඇත්තක්. ඒක වෙනස් අත්දැකිමක්. මම රංගනයට ඇවිත් අවුරුදු දෙක හමාරක් වගේ වෙනවා.

ඒ ආව ගමනේ ටෙලිනාට්‍ය කිහිපයකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙනවා. ඒ එක්කම නොහිතපු විදිහට මට සිනමා නිර්මාණයක ප්‍රධාන චරිතයට සම්බන්ධ වෙන්න අවස්ථාව හිමි වෙනවා. ඒ ‘සේද මාවත’ කියන සිනමා කෘතිය. මේ චිත්‍රපටයේ රූගත කිරිම් අවසන් වෙනවත් එක්ක මට තවත් චිත්‍රපටයකට ආරාධනා ලැබෙනවා.”

පුංචි තිරයේ ඔබේ වැඩ කටයුතු කොහොමද? “සිදු ටෙලි නාට්‍යයෙ රූගත කිරිම් වලට සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ වගේම හාරත හේරා ටෙලි නාට්‍යයටත් සම්බන්ධ වුනා. ඉතින් එකිනෙකට වෙනස් චරිත. මේ කණ්ඩායම් හැම එකක්ම් ලොකු සහයක් දෙනවා මගේ චරිතය සාර්ථක කරගන්න.”

දිගටම රංගනය තුළ ඉන්නද කල්පනාව? “නෑ මගේ අධ්‍යාපන කටයුතු වලටයි මම මුල් තැන දෙන්නේ. තව අවුරුදු දෙකකින් වගේ මම විදේශ ගත වෙන්න හිතාගෙන ඉන්නේ. රංගනය කියන දේ මම මුල ඉදන් කරගෙන ආපු දෙයක් නෙවෙයි. හැබැයි සිදු ටෙලිනාට්‍ය එක්ක ම⁣ට ගොඩක් දේවල් ලැබුනා ජිවිතේට. ඒත් වෘත්තියක් විදිහට රංගනය කරන්න මම කැමති නෑ.”

ඔබ අද ඉන්න තැන ගැන මොකද හිතෙන්නේ? “කියාගන්න බැරි සතුටක් තියෙනවා. මම නිර්මාණ බදාගෙන ඒවාට සම්බන්ධ වෙන කෙනෙක් නෙවෙයි. මාව තෝරගත්ත පිරිසක් ඉන්නවා නිර්මාණ වලට. මම චරිත තෝරබේරගෙන මට ගැළපෙන චරිත වලට සම්බන්ධ වෙනවා. මම හෙමින් මගේ ගමන යන කෙනෙක්. මට මේ ලැබෙන ප්‍රේක්ෂක ආදරය ගැන මම ගොඩක් සතුටු වෙනවා. අනික මට ජිවිතේට ලොකු අත්දැකිම් ලැබුනා සහ ලැබෙනවා.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *