‘ගොඩක් කාලෙකින් සංගීත් අයියා එක්ක ටික්-ටෝක් කරන්න බැරි වුනා’ ජනප්‍රිය නිලි සංජානා කියන කතාව

සංජානා ගමාරච්චි කියන්නේ මේ දිනවල බොහෝ දෙනෙක් ආදරේ කරන දිවිතුරා නාට්‍යයෙහි ටිනාගේ චරිතයට පණ පොවන, නිරන්තරයෙන් සුන්දර සිනහවකින් මුව සරසන් ඉන්න චරිතයක් ඉතින් ඇය ගැනයි අද අපි කතා කරන්න සුදානම් වෙන්නේ. දිවිතුරා ටෙලිනාට්‍ය නිසාම සංජානාට ලැබෙන ප්‍රතිචාර ගැන අපි කතා කරන්න හිතුවා, “ඇත්තටම හිතුවට වඩා ප්‍රතිචාර ලැබෙනවා මට. මට හිතාගන්න බෑ මෙච්චර රසික පිරිසක් ම⁣ට ආදරේ කරනවද කියලා. කතාවේ කොටස් කිහිපයක් යද්දිම සමහරු මාව වර්ණනා කරන් ගත්තා. මම ගැන හොයන්න ගත්තා. ඉතින් එහෙම හිතලා බලද්දි ඇත්තටම ටිනා කියන චරිතය නිසා සංජානා කියන මම නොහිතපු රසික ආදරයකට උරුමකම් කිවා. ඒ රසික ආදරේ ඇත්තටම හොද ආදරයක්”

ඔබ රංගනයට එන්නේ, “මම මුලින්ම හිරු ටිවි අවුරුදු කුමාරිට අයදුම් කරනවා. හැබැයි මට ඒකෙන් ජයග්‍රාහණ කරන්න ලැබෙන්නේ නෑ. මම හිරු ටිවි එක්ක එකතු වෙලා කරන පළවෙනි නිර්මාණය මේක. ඇත්තටම හිතුවට වඩා මේ නිර්මාණයට සහභාගි වෙන්න ලැබිම ලොකු සතුටක් මට. මොකද ගොඩක් අය මට උදව් කරනවා මගේ චරිතයට සාධාරණය ඉෂ්ඨ කරන්න”

සංජානා කියන්නේ ටික්ටොක් වල ප්‍රසිද්ධ චරිතයක් නේද? “ගිය අවුරුද්දේ කොරෝනා කාලේ මම ගොඩක් ටික්ටොක් කලා. මිලියන එකක නැරඹුම් වාර තිබුනා. මගේ ටික් ටොක් වටා ලොකු පිරිසක් රැදිලා ඉන්නවා. ඉතින් මට හිතෙනවා ඇත්තටම මම ටික්ටොක් වලත් ප්‍රසිද්ධ කෙනෙක් ⁣කියලා. කාලයකට ඉහත සංගීත් සතරසිංහ අයියා එක්ක ටික්ටොක් කලා. ඒවාත් කට්ටිය අතරේ ජනප්‍රිය වුනා. හැබැයි ළගදිනම් සංගීත් කරන්න වුනේ නෑ ටික්ටොක්”

ඔබ ටික් ටොක් වගේම යු ටියුබ් එකක් කරනවා. ඒ ගැනත් අදහසක් කියමු, “මම යුටියුබ් එකක් පටන් ගත්තා. හැබැයි ලොකු කාලයක් නෑ. මාස කිහිපයක් වගේ තමා. මේ කාලය ඇතුළත ගොඩක් අය මම වටේ එකතු වුනා. මම යුටියුබ් එකේ යම්කිසි නිර්මාණයක් කරන්නේ සතුට විනෝදය වගේ දේවල් ලබා ගන්න. අනිත් අයටත් ඒ රසාස්වාදය දෙන්න. ඒඅදහස නිසා වෙන්න ඇති ගොඩක් අයව මගේ යුටියුබ් එක වටා එකතු වෙලා තියෙන්නේ”

ඔබේ ආදර කතාව ගැන කතා කලොත්, “මම තාම පෙම්වන්තියක් නෙවෙයි. ගොඩක් අය ඒ වුනාට හිතන්නේ මට සම්බන්ධයක් තියෙනවා කියලා. මගේ වයසත් එක්ක මට හිතෙනවා මට තව කාලයක් මේ විදිහට ඉන්න ඕනි කියලා. තනිකඩ ජිවිතේ ඇත්තටම නිදහස් කියලයි මට හිතෙන්නේ. හැබැයි මාව ආද⁣රයෙන් රැකබලාගන්න මට ආදරේ කරන මාව තේරුම් ගැන්න කෙනෙක් ලැබුනොත් මම ආදරය ගැනහිතයි. හැබැයි තාම එහෙම අදහසක් මගේ හිතේ නෑ.අනික දැන් මගේ මුල් තැන මගේ අධ්‍යාපනයට.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *