‘කෑම කද්දී මට කැරපොත්තෙක් කැවුනා’ ජනප්‍රිය නිලි දඟකාර හිමායා කියන කතාව

පුංචි තිරයේ හැමෝම ආදරේ කරන චරිතයක් විදිහට හිමායා බණ්ඩාර හදුන්වන්න පුළුවන්. ඇය වඩාත් ජනප්‍රියත්වයක් හිමි කරගත්තේ ‘දෙවනි ඉනිම’ ටෙලිනාට්‍යයේ සොනාලි ටිචර්ගේ චරිතයෙන්, පසුව ඇය සිංහල සිනමාවටත් එකතු වුනා. අද අපි අපේ කතාවට එකතු කරගත්තේ ඇයවයි. දෙවනි ඉනිමේ සොනාලි ටිචර්ට එකපාරටම මොකද වුනේ. “එකපාර කතාවෙන් අයින් වුනේ නෑ. කතාවේ පාසල් කාලේ දර්ශන තල ඉවර වුන ගමන් මගේ චරිතය කතාවෙන් ඈත් වුනා. හැබැයි අද වෙනකන් මට කවුරුත් දැනුම් දිමක් කරලා නෑ මගේ චරිතය ඉවරයි කියලා. මම අහලත් නෑ. හැබැයි සොනාලි ටිච නිසා ම⁣ට ගොඩක් දේවල් ලැබුනා. ලොකු රසික ආදරයක් ලැබුනා. මම මාත් එක්ක වැඩ කරපු මුළු කණ්ඩායටම අදටත් ආදරේ කරනවා.”

හිමායා දැන් නිවේදිකාවක් නෙවෙයිද? “2012 තමා මම ස්වර්වාහිනි නිවේදිකාවක විදිහට වැඩ කරන්න ගත්තේ. මම කොහොමත් නිදහස් නිවේදිකාවක් විදිහට වැඩ කරන්නයි කැමතියි. ඉතින් ඉස්සරහට මට ආයේත් නිවේදිකාවක් විදිහට වැඩ කරන්න අවස්ථාවක් ලැබුනොත් මම ඒ අවස්ථාව භාරගන්නවා.”

හිමායා පළවෙනි වතාවට සිනමාවට එකතු වුනා නේද? “ඔව් අවුරුදු 3කට පස්සේ තමා සාම කුමරු චිත්‍රපටය තිරගත වෙන්නේ. මම මේ නිර්මාණයට එකතු වෙන්නේ පාරිකා කියන චරිතයට. අපි මේ නිර්මාණ කරන්න සුවිශේෂ කැපකිරිම් කලා. කෑම බිම, වචන වලින් පවා. මොකද මේ නිර්මාණය ගෞරවාන්තික නිර්මාණයක්. මගේ චරිතය වුනත් එහෙමයි. ඒ නිසා මම වුනත් බොහොම දැහැමෙන් ඒ කාලය ගෙව්වා”

දර්ශන තලයේ ලබපු අත්දැකිම් ගැන කතා කලොත්, “මේ චිත්‍රපටය රූගත කලේ දිගන ප්‍රදේශයේ මහ වනාන්තරයක. අපි ගොඩක් දුෂ්කරතා මැද්දේ තමා මේ නිර්මාණ කලේ. අපිට දැනුන අපහසුතා ඇත්තටම කියන්න බැරි තරම්. හැබැයි ඒ හැමදේම හරිම සතුටින් අපි භාරගත්තා.

දවසක් මට අමතක නොවෙන සිද්ධියකට මුහුණ දෙන්න වුනා. ඒ තමා අපි ඒ කාලයේ නිර්මාංශ වෙලා හිටියේ. හැබැයි එක දවසක රෑ මම කෑම ගද්දි මට අමුතු දෙයක හැපුනා. ඒ මොනාද බලද්දි මට කැරපොත්තෙක් හැපිලා. ඉතින් ඔය වගේ අමතක නොවෙන මතකත් තියෙනවා නිර්මාණ නිසා ලැබුන” කියලයි ඉතින් ඔයාලා හැමෝම ගොඩක් ආදරේ කරන හිමයාගේ සුන්දර පින්තූර කිහිපයක් තමයි මේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *