‘කසාද බැඳලා හොඳට මට්ටු උනා, හැබැයි මම ළඟදීම ආයේ විවාහ වෙනවා’ උදාරි කියන කතාව

දෙරණ නාලිකාවේ රාවණා ටෙලිනාට්‍ය හරහා ප්‍රේක්ෂකයන්ගේ ආදරය නොඅඩුව ලබාගත් ඇය උදාරි කෞශල්‍යා. මියුසික් විඩියෝවක් හරහා මුලින්ම කලාවට පිවිසෙන උදාරි මුලින්ම සිය රංගන දායකත්වය මුලින්ම ලබා දුන්නේ මලි ටෙලිනාට්‍යයට. ඉන් පසුවයි ඇයට රාවණා ටෙලි නාට්‍යයේ රංගනයට ආරාධනා ලැබෙන්නේ. හැබැයි උදාරි කියන්නේ ඇය රංගනයට කිසිදු ආසාවක් කැමැත්තක් තිබුන කෙනෙක් නෙවෙයිලු. ඒ නිසාම ඒ ගැන ඇයගෙන්ම අහන්න හිතුවා. “ඒ කතාව ඇත්ත. මම පාසල් ගියේ කොළඹ මියුසියස් විද්‍යාලයට. මම සමාන්‍ය පෙළ විභාගය උසස් ලෙස සමත් වෙලා ව්‍යාපාර අධ්‍යන අංශයෙන් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට වරම් හිමිකරගන්නවා.

හැබැයි මම තාත්තාගේ ඉල්ලිමට කොළඹ විශ්ව විද්‍යාලයට මාරු වෙනවා. සරසවි අධ්‍යාපනය කරද්දි තමා මට මලි නාට්‍යයට ආරාධනා ලැබෙන්නේ. ඉතින් ඒ ඉදිරිපත්විම එක්ක මගේ ජිවි⁣තේ ගොඩක් දේවල් වෙනස් වෙනවා. කියන්නම ඕනි මම රඟපානවට තාත්තා මුලින්නම් කැමති වුනේම නෑ. මම වුනත් ඉගෙන ගත්තේ පුද්ගලික අංශයේ හොද රැකියාවක් කරන්න. නැත්නම් මගේම ව්‍යාපාරයක් පටන් ගන්න.⁣ ඒ මොන දේ වුනත් ඇත්තටම මම කැමතියි මම දැන් යන ගමනට”

උදාරි ජිවිතය දකින්නේ වෙනස්ම ආකාරයකට. ඇය දුටුව තරම් ජිවිතේ සුන්දර නැති බවයි ඇය පැවසුවේ. ඇය මැවු ලෝකයද ඇය සිතූ තරම් සුන්දර නොවන බවය පැවසුවේ. එහෙම ඇය ඉන්න තැන ගැන ඇයට සතුටක් ඇති බවයි අප හා පවසා සිටියේ. තව දුරටත් ඇය පවසා සිටිය මේ වගේ කතාවක්, “මම ජිවිතේ බොහෝ කැපකිරිම් කළා. අනුන්ගේ සතුට වෙනුවෙන් මම මගේ ජිවිතේ වටින දේවල් කාප කරපු අවස්ථා තියෙනවා. මම කාටවත් වැරැද්දක් කරන කෙනෙක් නෙවෙයි. ඒ නිසා මගේ ජිවිතේ සිද්ධ වුන දේවල් සිද්ධ වුනේ මගේම හොදට.”

විවාහය ආදරය ගැන උදාරි හිතන්නේ වෙනස්ම හැගිමක්, “හිතන තරම් ආදරේ සුන්දර නෑ. මුලින් පෙන්වන තරම් කා ලගවත් ආදරේ නෑ. ඉතාම සුළු පිරිසක් තමා ආදරේ හරියටම තේරුම් අරගෙන ජිවිතේ ඉස්සරහට යන්නේ. ආදරේ කියන දේ හදවතින් විදින හැගිමක්. අනික මම ජිවිතේ එක පාරක් මට්ටු වුනා. හැබැයි එහෙම වුන පළවෙනි කෙනා මම නෙවෙයි. මම මේ කතා කරන්නේ මුළු ජිවිත කාලේම තනියම ඉන්නවා කියලා නෙවෙයි මටත් ගැළපෙන කෙනෙක් ඉන්නවා. හැබැයි දැන් මගේ ජිවිතේ ආදරයට වඩා මුල් තැන මගේ ජිවිතේ මේ තැනින් ඉස්සහට යන එක. කොහොම වුනත් දැන් මම ආදරවන්තියක්. ඒ වගේම මම ඉක්මනින්ම නැවත විවාහ වෙයි”

Leave a comment

Your email address will not be published. Required fields are marked *