‘ඔයාලා හිතන් ඉන්න විදියේ දඟ කෙල්ලෙක් නෙවෙයි මම’ එමාෂා කියන කතාව

ඇය බොහොම නිහතමානී අවිහිංසක නවක රංගන ශිල්පිනියක්. මනා සුන්දරත්වය කට ද හිමිකම් කියන ඇය නමින් එමාෂා සෙනෙවිරත්න. ඉතින් මේ සූදානම ඇය ගැන කතා කරන්නයි. දෙවනි ඉනිම ටෙලි නාට්‍ය හරහා ප්‍රේක්ෂකයින්ගේ ආදරය දිනාගත්ත ඇය මේ දිනවල දී කවුරුත් අතර ජනප්‍රිය හිතුවක්කාර ටෙලි නාට්‍ය තුළින් ද ප්‍රධාන චරිතයක් ලෙස දකින්න ලැබෙනවා. දෙමවුපියන්ගේ ආදරේ නොඅඩුව ලබන ඇය දෙමාපියන්ගේ කීකරු දියණියක් බවයි ඇගේ දෙමාපියන් පවසන්නේ. පවුලේ ආදරය මැද හැදී වැඩෙන එමාෂා තවමත් පෙම්වන්තියක් නොවන බවයි ඇය පැවසුවේ.”

හිතුවක්කාර ටෙලිනාට්‍ය හරහා වඩාත් ජනප්‍රිය වන එමාෂා ඇත්තටම හිතුවක්කාර චරිතයක් ද ? ”මම හිතුවක්කාර චරිතයක් නෙවෙයි මම බොහොම කීකරු ළමයෙක්. ඒක මගේ දෙමාපියන් වගේම මගේ පාසලේ අයත් දන්නවා. මම පාසල් යන කාලේ පාසලට අම්මා තාත්තා ආවහම ගුරුවරු නිතරම කිව්වේ මගේ හොඳ විතරයි. ගුරුවරු මට ගොඩක් ආදරෙයි. ඒ දේවල් නිසා මගේ අම්මා තාත්තා නිතරම මම ගැන සතුටු වුණා. මගේ පෙර පිනකට තමයි මට මේ වගේ දෙමාපියන් දෙන්නෙක් හම්බවුනේ. මගේ අම්මා තාත්තාගේ ගුණ ධර්ම වෙන්න ඇති මගේ ජීවිතේට පිහිටලා තියෙන්නේ.”

හිතුවක්කාර ටෙලි නාට්‍යයේ චරිතය ගැනත් කතා කළොත්, ”මම රඟපාන්නේ රන්මිණි කියන චරිතය. එයා බොහොම උගත් දක්ෂ ගෑනු ළමයෙක්. දඩබ්බර නැති අහිංසක චරිතයක්. ඇය පියාගේ දැඩි නීති රීති යටතේ තමයි කාලය ගත කරන්නේ. නමුත් ජීවිතයේ එක් තැනකදී ඇය තීරණය කරනවා රැකියාවක් කරන්න. ඇය රැකියාවත් සමග කොළඹට එන්න තීරණය කරනවා. කොළඹට එන ගමනේ දී ඇයට මුහුණ පාන්න සිදුවන සිදුවීම් තමයි මේ කතාවේ පෙන්නුම් කරන්නේ. මේ කතාව ආදර්ශමත් කතාවක්.අනික මේක රංගනයට සම්බන්ධ වෙලා ඉන්න කණ්ඩායමත් හරිම හොඳයි.”

වෘත්තීය විදියට රංගනය තෝරගන්න ද බලාපොරොත්තුවෙන් ඉන්නේ, ”රංගනය කියන්නේ මම හරි ආසාවෙන් කරන දෙයක්. හැබැයි වෘත්තියක් විදියට රංගනය කරනවද යන්න මම තවම හිතලා නැහැ. ව්‍යාපාර පරිපාලනය ගැන ඉගෙන ගත්ත නිසා දැනට මගේම ව්‍යාපාරයක් කරගෙන යනවා. මගේම ඇදුම් ව්‍යාපාරයක් තව එකට එකතු කරන්න බලාපොරොත්තු වෙනවා.”

ආදරය ගැන මොකද හිතන්නේ, ”ආදරය කියන්නේ අවංක පිරිසිදු දෙයක්. හැම මොහොතකම අනිත් කෙනා වෙනුවෙන් හිට ගන්න පුළුවන් වෙන්න ඕන. ආදරයකදී ගෞරවය ගුණධර්ම කියන දේවල් ඉතාම වටිනවා. ආධ්‍යාත්මික පැත්තෙනුත් හොඳ නුවණක් තියෙනවා නම් හොඳයි. ජීවිතේ අපි අරගෙන යන එකම දේ ගුණ ධර්ම විතරයි. කෙටියෙන්ම අපි කරන පින් පව් විතරයි. ඒ නිසාම දෙන්නෙක් එක්ක යහපත් විදිහට ජිවිතේ ගත කරනවනම් එතන සතුට කියන දේ රැදෙනවා.

Leave a comment

Your email address will not be published. Required fields are marked *