Tue. May 17th, 2022

ගායන ශිල්පියෙක් විදියට හැමෝම ගොඩක ආදරේ කරන චරිතයක් තමයි අතුල අධිකාරි කියන්නේ, වෙනස්ම ගායන ශෛලයක් සහිත අතුල තමන්ටම කියලා ආවේනික අනන්‍යතාවක් ගොඩනගාගත් ආදරණීය ගායන ශිල්පියෙක්. ඉතින් අපි අද කතා කරන්නේ හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න අතුල අධිකාරි සමග. වර්ථමානයේ පෙම්වතුන් අතරේ ඇතිවන සක සංකා ගැන තුලට කියන්න තියෙන්නේ මොනවද ”මෙහෙමයි අපි කපල් දහයක් ගත්තොත් ගොඩක් අය කෝල් ගන්නවා වීඩියෝ කෝල් ගන්නවා ළඟ ඉන්න කෙනාව පෙන්නනවා. ඒතරමට සැකෙන් ඉන්නේ. මම අහන්නේ ඇයි එහෙම ඉන්න අත්හරින්න පුළුවන්නේ. මම ජීවිතේට වීඩියෝ කෝල් අරගෙන නෑ අඩුම තරමේ සමිතටවත්. පරක්කු වෙන්න හේතු කියලා ළඟ ඉන්න කෙනා පෙන්නලා නෑ. විශ්වාස නැත්නම් ඇයි එකට ඉන්නේ. නිකමට හිතන්නකෝ මහත්තයා එලියට ගියාම එයා කාත් එක්කද ඉන්නේ කියලා බලන්න 4ටෝ එකක් ගහලා එවන්න කියන එක කොච්චර පහත්ද කියලා.

ඔබ හිතන විදියට විවාහ වෙන අය ඉක්මනට වෙන් වෙන්නේ ඇයි? ”මම දන්න ගොඩක් අය ඉන්නවා අවුරුදු නවයක් දහයක් යාළුවෙලා ඉඳලා විවාහ වුනාට පස්සේ මාස පහෙන් හයෙන් ඩිවෝස් වෙනවා. සමහර අය ඇල්බම් එක එද්දී ඩිවෝස් වෙලා මම නම් කියන්නේ බෝයිෆ්රෙන් ගර්ල්ෆෙන්ඩ් උනාම යාළුවො වගේ ඉන්න ඕන එතකොට මොන දේ උනත් ඒ යාළුකම නැතිවෙන්නේ නෑ,”

ඔබට සමිතව කොහොමද මුලින්ම හම්බුනේ. ”මට එයා මුණගැහුනේ 92 වසරේදී ඒ සින්දුවක් කරලා ඒ දවස්වල මම පත්තර වලටත් කියලා තිබ්බා ගායිකාවක් බඳින්නෙ නෑ කියලා. මොකද බැන්දම නීති දානවා. ඩාන්සින් කරන කෙල්ලෙක් බැන්දම නටන්න එපා කියනවා. හැබැයි ඩාන්සින් නිසාම තමා එයාව බඳින්නේ. එමම නම් එහෙම නීති දාලා නෑ.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *