‘එක සින්දුවයි කිවුවේ ප්‍රවීණයෝ ගොඩක් මට බය වුනා’ ජනප්‍රිය ගායිකා ටීෂා කියනකතාව

මීට වසර කිහිපයකට ⁣පෙර කරලියට පැමිණි ඈ නමින් ටීෂා පෙරේරා. ඇය ගැන බොහෝ දෙනා කතා කරන්න පටන් ගත්තේ ‘පියාපත් ඇවිදින්’ ගීතය සමඟින්. ඇය එකවරම මෙරට අතහැර විදේශ ගත විමත්සමඟ ජාත්‍යන්තර වේදිකාව ජය ගැනිමට උත්සහ කරයි. ටීෂා රට අතහැර විදේශ ගත වුනේ ජාත්‍යන්තරය ජය ගැනිමේ අරමුණින්ද? ”මෙහෙමයි ටීෂා කියන්නේ මල් වියන් මැදින් තමන්ගේ ගමන හදාගත්ත කෙනෙක් නෙවෙයි. මගේ ගම නුවර. තාත්තා වෛද්‍යවරයෙක්. හැම වෙලාවකම මට සිද්ධ වුනේ ඉගෙනිම එක්ක බැදිලා ඉන්න. හැබැයි ඒ කාලේ මම ලොකු මහන්සියක් ලොකු කට්ටක් කාලා තමා සංගීතය ගැන ඉගෙන ගත්තේ.

මම කාටවත් කරදර නොකර තමා මගේ ගමන යන්නේ. කෙටියෙන් මම රැඩිකල් චරිතයක්. මට ගෙදරින් හැමදාම කිවේ ස්ටේජ් උඩ සිංදු කියන්න එයාලා දරුවෝ හැදුවේ නෑ කියලා. හැබැයි මම මගේ ගමන ආවා. මගේ පළවෙනි ගීතයෙන් පස්සේ මට ආරාධනා ලැබුනා. එදා මගේ පවුලේ අය සතුටු වුනා. මම ප්‍රසංග වේදිකාවට වෙනස් චරිතයක් මට තර්ජන එන්න ගත්තා. මම එක සිංදුවයි කීවේ ප්‍රවිණයන්ට දරාගන්න බැරි වුනා ඒකයි ඒ අය මට විවිද විදියට බලපෑම් කලේ. ඒ තර්ජන මැද්දේ මම හිතුවේ එක දෙයයි. මම වෙනසක් කරන්න ගිහින් මට හානියක් කරගන්න ඕනි නෑ කියලා. මම එක සිංදුවෙන් ජනප්‍රිය වෙද්දි ගොඩක් අයට ඒක දරාගන්න බැරි වුනා. ඒ හැමදේම නිසා මම ඇමරිකා වලට ඇවිත් ගණකාධිකරණ උපාධිය කරන්න තිරණය කළා.”

ඇමරිකාවට ගියපු ඔබ අලුත් වැඩක් පටන් ගත්තා නේද? “ඔව් මට ඉංග්‍රිසි ගීත කිහිපයකට ආරාධනා ලැබුනා. මම හරිම ආසාවෙන් ඒ වැඩ කරන්න ගත්තා. මේ රටේ දක්ෂතා තියෙන අය ගොඩයි. ඒ වගේම ෂෝෂල් මිඩියා ජනප්‍රියත්වය වෙනුවෙන් ගොඩක් බලපානවා. මම මගේ තැන හදාගන්න මහන්සි වෙනවා අවුරුදු ගානකට පස්සේ.”

ඔබ කරපු සදාතනික ආදරේ පෞද්ගලික අත්දැකිමක්ද? “ඔව් ඒක මගේ පෞද්ගලික අත්දැකිමක්. මොකද මගේ සැමියා දින කිහිපයකට ලංකාවට ගිය වෙලාවේ මට පුදුම පාලුවක් දැනුනේ. මගේ හැමදේම මගේ සැමියා. එයාට මම ගොඩක් ආදරෙයි. ඒ නිසාම මට මේ ගීතය ඉක්මනට එළිදැක්වන්න ඕනි වුනා. අද මට මගේ ගිත වලට ආදරේ කරන පිරිසක් ඉන්නවා. ඒ ගැන මට ඇත්තටම සතුටුයි.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *