‘එකපාරක් වුන වැරැද්ද මම ආයේ වෙන්න දෙන්නේ නෑ’ දෙවෙනි වරට විවාහ වුන ශේෂාද්‍රි කියන කතාව

වර්තමානය වන විට බොහෝ දෙනෙකුගේ ආදරය දිනාගත්ත පවුලක් විදිහට ප්‍රියසාද් පවුල හදුන්වන්න පුළුවන්. අද අපි සුදානම් වෙන්නේ වැඩිය කතා බහට නොඑන ඒ පවුලේ සුන්දර චරිතයක් ගැන කතා කිරිමට. ඇය නමින් ශේෂාද්‍රි ප්‍රියසාද්. රංගන ශිල්පිනියක්, නිවේදිකාවක් ලෙසත් ඇය ලංකාවේ ගොඩක් ජනප්‍රියයි.

දැන් ගෙවන ජිවිතේ ගැන ශේෂාද්‍රිට දැනෙන්නේ කොහොමද, “ඇත්තටම මේ වෙද්දි මම විවාහක කෙනෙක්. මම ආස කොහොමත් සැහැල්ලුවෙන් ජිවත් වෙන්න. මොකද කාර්යබහුලත්වයක් මවාගෙන ජිවත් වෙන්න මම කොහොමත් කැමති නෑ. මේ මනුෂ්‍ය ජිවිතය කියන්නේ ගොඩක් උතුම් දෙයක්. අපිට ඉපදුන දවසේ ඉදන් ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් මැරෙනකන්ම අපිට ජිවිතේ ගෙනියන්න සිද්ධ වෙන්නේ ප්‍රශ්න කියන දේත් එක්ක. ඉතින් මේ හැමදේම එක්ක අපි අපේ ජිවිතේ ගෙවන්න ඕනි”

ගෙවුන කාලය ගැන ආපස්සට හිතලා බැලුවොත්, “අපිට ජිවිතේ එක එක කාලවලදි එක එක අත්දැකිම් ලැබෙනවා. අපි වයසින් පරිණත වෙන්න වෙන්න තමා අපිට යම් දේවල් ⁣තේරුම් යන්නේ. ජිවිතේ එකපාරක් වුන වැරදි ආයේ කොතනකවත් වෙන්න මම ඉඩ තියන්නේ නෑ. පසුතැවිලා, දුක්වෙලා තමන්ගේ මානසික මට්ටම පහතට දාගෙන ජිවිතේ ඉස්සරහට යන්න බෑ කියලා මම තේරුම් ගත්ත තැන් තියෙනවා. අපි දුක්වෙලා පසුතැවෙන්න කාලයක් තියෙනවනම් අනිවාර්යයෙන් අපි ඒ කාලය පහුකරන්නම ඕනි කොච්චර දුකක් වුනත්.”

ඔබ ගෙවන කලා ජිවිතේ කොහොමද? “මම මේ ක්ෂේත්‍රයට එන්නේ මුලින්ම ළමා නිවේදිකාවක් විදිහට. ඒ ආව ගමන අද මාව යම් තැනක නතර කරලා තියෙනවා. හැඩකැවිම් කටයුතු කරනවා. ඒ වගේම නිවේදිකාවක් විදිහට පහුගිය දිනවල රියලිටි වැඩසටහන් කළා. රංගන ශිල්පිනියක් විදිහට සම්බන්ධ වෙනවා. හැම අතින්ම ටික ටික දේවල් ඉගෙන ගනිමින් ඉස්සරහට යනවා.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *