Tue. May 17th, 2022

අපේ ගීත ගායන ක්‍ෂේත්‍රයේ ඉහලින්ම ඉන්න ධක්ෂ ගායකයෙක් තමයි අතුල අධිකාරි කියන්නේ, ඔහුට වයස අවුරුදු 18 වෙද්දී දක්ෂ කීබෝඩ් වාදන ශිල්පියෙක් ලෙස ධක්ෂතා පෙන්වූ අතුල පසුව එකල තාරුණ්‍යයේ සිහින කුමරා බවට පත්වෙනවා. අතුල විවාහ වෙන්නෙත් ලංකාවේ ගොඩක් ජනප්‍රිය ගායිකාවක වන සමිතා මුදුන්කොටුව සමග. නමුත් පසුව ඔවුන් දෙදෙනා වෙන් වනවා. ඉන්පසු අතුල විවාහ වෙන්නේ අමායා සමග. නමුත් එම විවාහයත් සාර්ථක වෙන්නේ නෑ.

ඉතින් කාලයක් හැමෝම ගොඩක් ආදරේ කරන චරිතයක් වුන අතුල ඔහු ගැන කියන්නේ මේ වගේ කතාවක් ” මම හරිම සරල සංකීර්ණ කෙනෙක්. ආදරේට ආදරේ කරන කෙනෙක් ප්‍රථම ප්‍රේමය අවසන් වුනා කියලා ආදරේ කරන එක නතර කරන කෙනෙක් නෙවෙයි. විවාහ නොවුනත් මම ආදර වන්තයෙක්. මගේ ආදරේට සීමා නෑ. අතුල කියන්නේ අසීමාන්තිකව ආදරේ කරන කෙනෙක්” කියලයි.

ඉතින් මේ තරම් ආදරේ පුරවාගෙන ඉන්න අතුලගේ විවාහ සාර්ථක වෙන්නේ නැත්තේ ඇයි. ”මෙහෙමනේ ලෝකේ කිසිම දෙයක් සියයට සියයක් සාර්ථක නෑ. සාමාන්‍යයෙන් කියනවනම් මම මගේ පෙම්වතිය වැටේවි කියලා අල්ලාගෙන පාරේ ගිහින් නෑ. අපේ අයගේ පොඩි හීන මානයක් තියෙනවා ගානියෙක්ට දොරක් අරින එක ඉඳගන්න පුටුව හදලා දෙන එක පුංචි මදිකමක් වගේ. ඒ අතින් සුද්දෝ හරිම දියුණුයි. සමිතාගේ අම්මට උනත් එයා ඉන්න කාලේ මම දොර ඇරලා දෙනවා වාඩිවෙන්න පුටුව හදලා දෙනවා. ඒ මගේ හැටි.”

ඔබගේ පවුල් අර්බුද ගැන මොකද කියන්න තියෙන්නේ ”මට කෙනෙක්ට යටත්ව හිඳීමේ හැකියාව ගොඩක්ම අඩුයි. අවුරුදු 14දිවත් තාත්තා මගේ කාමරේට එන්නේ නෑ ඒ වගේ නිදහසක් යටතේ හැදුන කෙනෙක් මම. තරහා යන අවස්ථා එනවා එත් මම කවදාවත් ළමයින් ඉස්සරහා කෑගහගෙන නෑ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *