පුංචි තිරයේ අමතක නොවන චරිතයක් විදිහට රංගන ශිල්පී අශිතා මතසිංහ හඳුන්වා දෙන්න පුළුවන්. ඔබ දැන් නිරූපණ ක්ෂේත්රයෙන් ඈත් වෙලාද, ඉස්සර නම් නිර්මාණ කිහිපයකට සම්බන්ධ වුණා. හැබැයි එය වෘත්තිය මට්ටමෙන් කරන්න මම හිතුවේ නෑ. නිරූපණය කියන්නේ හොඳ හැදෑරීමක් මත කළ යුතු දෙයක්. මම හිතන්නේ මේ වයසත් එක්ක මට ඒක කරන්න කාලය අඩුයි.
ඔබ තාමත් සුන්දර කමකට හිමිකම් කියන අයෙක්.ගොඩක් අය එහෙම කියනවා. සමහරවිට මම හිතන පතන විදිහත් ඒකට වැදගත් වෙනවා ඇති. අපි වයසයි කියලා හිතුවොත් අපිට ගොඩක් දේවල් කරගන්න බැරිවෙනවා. ඒ නිසා අපි වැඩ කරන්න ඕනේ අපි වයස නෑ කියලා හිතලා.
අනාගතයේ බලාපොරොත්තු මොනවගේද, මගේ දරුවෝ තුන්දෙනත් දැන් ටිකක් ලොකුයි. ඒ නිසාම අපි දැන් අනාගතය ගැන හිතන්න ඕන. මගේ දරුවන්ට ස්ථාවරත්වයක් හදලා දෙන්න ඕන. මේ හැමදේම ගැන හිතලා පුංචි ව්‍යාපාරයක් පටන් ගන්න හිතෙනවා. ලැබෙන ආරාධනා වෙලාවත් එක්ක කළමනාකරණය කරගෙන සම්බන්ධ වෙනවා.
මේ හැමදේම එක්ක බොහෝ දෙනෙක් සමාජ මාධ්‍ය තුළ අශිතා ගැන කතා කරන්නේ ඇය සමාජ මාධ්‍ය තුළ යොමුකර තිබු සංවේදී සටහනක් නිසා. ඒ ඇගේ දියණියගේ අසනීපය සම්බන්ධයෙන්. ඇයි සියලු දෙනාගෙන් ඉල්ලා සිටියේ තම දියණිය අසනීපයෙන් බවත් ඇයට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන ලෙසත්ය.