අපි වෙඩින් එකත් ප්ලෑන් කරලා තිබ්බේ ඒත් ඒ හැම දෙයක්ම නැතිවෙලා ගියා – 32 උපන්දිනය තනියම සමරන ශලනි

අපේ කළා ලෝකයේ ඉන්න රංගන ශිල්පිනියන් අතරින් ලංකාවේ අංක එකටම ඉන්න දක්ෂතම වගේම සුන්දරම රංගන ශිල්පිනිය විදියට ශලනි තාරකා නිතරඟයෙන් හඳුන්වන්න පුලුවන් කාලෙන් කාලෙට විවිධ නිර්මාණ හරහා රසික සිත් ස්පර්ෂ කරන ලංකාවේ අංක එකේ රංගන ශිල්පිනිය එහෙමත් නැත්නම් වර්තමාන නිලි රැජින ශලනි සමගයි අද අපේ කතාබහ, ඉතින් ශලනි මොකද වෙන්නේ මේ දවස්වල ”මේ දවස්වල ඉතින් කියාදෙන්න ආදරේ තරම් ටෙලිනාට්‍ය එක්ක තමයි කාලය ගෙවිලා යන්නේ, ඒ නාට්‍යයේ වැඩ ටික සාර්ථකව කරගෙන යනවා, වෙන ඉතින් පුංචි පුංචි වැඩ තමා”

දැන් අපේ රංගන ක්‍ෂේත්‍රය දිහා බැලුවම පේනවා හිසේ කෙස් ගානට රංගන ශිල්පිනියන් ඉන්නවා ඒ ගැන ඔයාට මොනවද හිතෙන්නේ ”මෙහෙමනේ මේ වෙද්දි පැජන්ට් සහ අවුරුදු කුමාරි තරගවලින් ඕනම කෙනෙක්ට රංගන ශිල්පිනියක් විදියට කලා ක්ෂේත්‍රයට එන්න පුළුවන්කමක් තියෙනවා, එක නාට්‍යක දෙකක රඟපානවා, හැබැයි ඒ කෙනාගේ අනාගතේ තීරණය වෙන්නේ රංගන හැකියාව මත, රංගන ශිල්පිනියක් වෙන්න තියෙන උනන්දුව සහ කැපවීම මත, මමත් මේ ක්‍ෂේත්‍රයට ආවේ රියැලිටි තරගයකින්, හැබැයි මම රංගනය තුල මගේ හැකියාව ගොඩනගාගෙන තිබ්බේ නැත්නම් අද මම මේ ඉන්න තැනට එන්න මට කීයටවත් බෑ, ඒනිසා මම කියන්නේ තමන්ට ලැබෙන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න”

ශලනි කියන්නේ ප්‍රේක්ෂකයන්ගේ ආදරේ අඩුවක් නැතිව විඳින කෙනෙක් ඉතින් ඒ ආදරේ ගැන මොකද හිතන්නේ ”මම අද මේ ක්‍ෂේත්‍රයේ මෙච්චර දුර ගමන් ඇවිත් තියෙන්නේ ආදරණීය ප්‍රේක්ෂකයින් මට දුන්න මේ ආදරේ නිසා, ඒ ආදරේ තරම් වටිනා සම්මානයක් මට නෑ, ඇත්තම කියනවනම් මේ ලැබෙන ප්‍රේක්ෂක ආදරේ ගැන මට ගොඩක් ආඩම්බරයි,”

ශලනි අපිට කියන්නකෝ බලන්න ඔයාගේ ගැන විස්තර ටිකක් ”මම ඉපදෙන්නේ බලන්ගොඩ, මගේ තාත්තගේ ගම රත්නපුරය, අම්මයි තාත්තයි බැන්දට පස්සේ රත්නපුරේ ඇවිත් පදිංචි වෙලා, ඊට කාලෙකට පස්සේ අපි මීගමුවෙ පදිංචියට ආවා, ඒ අම්මගේ ගම මීගමුවේ නිසා, මම රංගන ශිල්පිනියක් වෙනකන් අපි පදිංචිවෙලා හිටියේ මීගමුවේ, මට අයියා කෙනෙකුයි නංගි කෙනෙකුයි ඉන්නවා, දැන් අපි ඉන්නේ කොළඹ,”

ශලනි ඔයාට දැන් විවාහ කාලය හරි නේද..? ”මම තවම ජීවත් වෙන්නේ මගේ පවුලේ අය එක්ක, මගේ අයියයි නංගියි දෙන්නම විවාහ වෙලා ඉන්නේ, මගේ විවාහය මම මගේ ජීවිතේට ප්‍රශ්නයක් කරගන්නේ නෑ, මම හිතනවා මගේ විවාහයට සුදුසු කාලය ආවම මට ඒක දැනගන්න ලැබේවි කියල , මට කලින් ප්‍රේම සම්බන්දතා තිබිලා තියෙනවා, හැබැයි අපි විවාහය ගැන කොච්චර ප්ලෑන් කරලා තිබ්බත් ඒ දේවල් හරිගියේ නෑ, අපි හිතන විදියට හැමදේම වෙන්නේ නෑ නේ, ඒ නිසා විවාහය සම්බන්ධ අනාගත සැලසුම් මට නැහැ. ඒක දෛවයට බාරවෙලා තියෙන දෙයක් මම එක දෛවය වෙනස් කරන්න උත්සහ කරන්නේ නෑ”

ඉතින් මේ විදියට කාගේත් ආදරේ දිනාගන්න සමත්වුණ ශලනි ඇයගේ 32වන උපන්දිනය අද (15) සැමරුවා, ඒ වගේම ඇය අපූරු පින්තූර රැසක් සමාජ ජාලාවලටත් එකතුකරලා තිබ්බා, අවුරුද්දකින් වයසට ගියත් ශලනි කියන්නේ දවසින් දවස තරුණ වෙන සුන්දර රංගන ශිල්පිනියක් ඉතින් අපිත් ඇයට ඇයගේ ආදරේ ඉක්මනින්ම මුණගැහිලා ලබන වසරේ විවාහ වෙන්න ලැබෙන්න කියලා උපන්දිනය දවසේ සුබපතනවා..!

Related Posts

Leave a Reply

Your email address will not be published.