40 පැනලත් තවම දහඅටේ කෙල්ල වගේ ඉන්න පූජා ඇය වැඩිපුරම බය දේ ගැන කියන කතාව

ඉන්දු ශ්‍රී ලාංකික සම්භවයක් සහිත නිළියක් ලෙස ඇයව හැඳින්විය හැකිය. සිංහල, දෙමළ, තෙළිඟු, මලයාලම් නිළියක් වන ඇය සිනමාව තුළ දක්ෂ රංගන ශිල්පිනියක්. ‘අංජලිකා’ , ‘සුවඳ දැනුණා ජීවිතේ’, ‘ආසයි මං පියාඹන්න’ ආදී සිංහල චිත්‍රපට වලින් ප්‍රේක්ෂක හදවත් දිනාගත් ඇය ඉන්දියාවේත් විශාල රසික පිරිසකගේ ආදරේ දිනාගත් රංගන ශිල්පිනියක්. ඇය නමින් පූජා ගෞතමී උමාශංකර්. ඉතින් අද අපි සූදානම් වෙන්නේ අය ගැන කතා කරන්නයි. ඉන්දියාවේ සිටින සිට පැමිණි පූජා මෙරට ප්‍රේක්ෂක හදවත් දිනා ගත්තේ සිනමාව තුළින්. ඇයට සිනමාව ආදුනික තැනක් නෙවෙයි.

ඉතින් අපි හිතුවා පූජාගෙන් මුලින්ම මේ වගේ ප්‍රශ්නයක් අහන්න. ඇත්තටම පූජා ඔයා ගොඩක්ම බය මොනවටද, ”ඇත්තටම කියනවනම් මම වතුරට ගොඩක් බයයි. චිත්‍රපටි වල මට වතුරට පනින සීන් තියෙනවා. මම ඒ දේවල් වලට මුහුණ දෙන්නේ හරිම බයෙන්. මට හිතෙන්නෙම මම එතන ගිලේවි කියලා. පූල් වලටනම් බය නෑ මොකද ඒවගේ ලොකු ඩීප් කක නෑ නේ. ගගට වැවට නම් ටිකක් බයයි”

පුජා කියන්නේ වයස ගියත් වයස නොපෙනෙන සුන්දර නිළියක්.ඇගේ පෙනුම තවමත් තාරුණ්‍ය පෙනුමකට හිමිකම් කියනවා.මේ වන විට පුජා කියන්නේ විවාහක කෙනෙක්. ඇය විවාහ වු පුද්ගලයා කලාවට සම්බන්ධ කෙනෙකු නොවන බවත් ඔහු ව්‍යාපාරිකයෙකු බවත් ඇය පැවසා සිටියා.

පුජා සිනමාවට පිවිසෙන්නේ බාලාගේ නාන් කඩවුල් කියන චිත්‍රපටය හරහා.එහිදි ඇය රඟපෑවේ දෑස් අන්ධ සිඟන්නික⁣ගේ චරිතය වෙද්දි ඒ චරිතය බොහෝ දෙනෙකුගේ ආකර්ෂණය දිනාගන්න සමත් වුනා. ඉන්පසු ඉන්දීය සිනමාපට රැසකට රංගන දායකත්වය ලබාදුන් ඇය පසුව ලංකාවේ සිනමාවට පය තබානවා. ඉතින් ඇය ලංකාව පිලිබඳ අපිට කිවුවේ මේ වගේ

”ඇත්තටම මම ලංකාවට ගොඩක් ආදරෙයි ලංකාවේ ගොඩක් අය හරිම සුහදශීලීයි. ඒ වගේම මෙහෙ මිනිස්සු අහිංසකයි ඉතින් මම ලංකාවට ගොඩක් ආසයි, අනිත් එක ලංකාවේ ෆිල්ම් එකක් කලත් ඒ කණ්ඩායම ගොඩක් එකමුතුක් එයාලා හැමෝම ගැන බලනවා. ඉතින් ඒ නිසා මම ලංකාවට ගොඩක් ආසයි”

Leave a comment

Your email address will not be published. Required fields are marked *