Tue. May 17th, 2022

ඕනෑම පුද්ගලයකුගේ ස්වර්ණම යුගය ලෙස සැලකෙන්නේ අවුරුදු 40ත් 50ත් අතර කාලය .අපේ ආයුෂ කාලය අවුරුදු අසූවක් කියලා හිතුවොත් අපි අවුරුදු හතළිහක් ගෙවලා ඉවරයි.අපේ ලංකාවෙ ගොඩක් හිතන්නේ අපි දැන් ජීවත් වෙලා ඉවරයි දැන් යන තැනකටත් දෙයක් කරගන්න ඕන කියන මානසිකත්වය මත ජිවත් විමයි.හැබැයි බටහිර රටවල් වල මේ තත්වය ගොඩක් දුරට වෙනස් .එයාලා ජීවිතය හොඳම කාලේ පටන් ගන්න අවුරුදු 40 ට පස්සේ.ඒ තමා දරුවන් විවාහ කරලා දීලා ඔවුන්ගේ සැදෑ සමය ගත කරන එක .ජීවිතය විඳින්න පුළුවන් කාලය ඇත්තටම ඒ කාලේ කියලා ඕනම කෙනකුට හරියට කල්පනා කළොත් හිතෙන්න පුළුවන්.ඉතිං අවුරුදු හතළිහක් පස්සේ ලස්සනට ඉන්න ඔබට මේ දේවල් කරන්න පුළුවන්.

සමබර ආහාර වේලක් ගැනීම, නිසියාකාර ශරීරය ව්‍යායාම්වල යෙදීම, පිටි කෑම සියයට හැටක් අවම කර පෝෂදායි ආහාර ගැනිම හා ක්ෂණික ආහාර ගැනීමෙන් වැළකීම, 50% ක් කල්පනා කිරීමෙන් වැලකිම, ක්‍රියාකාරකම්වල නිරතවීම, ඊට අමතරව පහත කරුණු පිළිබඳවද අවධානය යොමු කළ යුතුයි. ඔබේ මානසික පීඩනය වැඩි නම් ඔබ වෛද්‍යවරයෙකු වහාම හමුවිය යුතුයි.

කැල්සියම් 1000mg සහ විටමින් D, දිනපතා ශරීරයට ලබා ගැනීම.ඊට හේතුව අස්ථි දිරා යෑමෙන් වැළකී වැළකී සිටීමට. මෙම ඖෂධ කෑමවලින් ලබා ගැනීමට වගබලා ගත යුතුයි. මාස තුනකට වරක් තමන්ගේ රුධිර පරීක්ෂාවක් සිදු කර ගැනීම. ඒ මඟින් සීනි කොලෙස්ටරෝල් ආදි ලෙඩ රෝග හදුනා ගත හැක.මේ සියල්ල නාරි හා ප්‍රසව වෛද්‍ය වරයෙක මගින් සිදුකල යුතුයි.

දිනපතා ආහාර ගැනීමෙන් පසුව කෙසෙල් ගෙඩියක් ආහාරයට ගත යුතුයි .එය මලබද්ධයට ඉතා හිතකරයි. අවුරුදු හතළිහෙන් පසුව අනිවාර්යෙන් ඇස් පරික්ෂා සිදුකරගත යුතුයි. ජීවිතය තුළ ඊර්ෂ්‍යාව ක්‍රෝධය අතහරින්න. මැදිහත් සිතින් යහපත් සිතුවිලි වලින් පෝෂණය වන්න. ආගමට දහමට යොමු වන්න. නමුත් එහි අන්තයට ගිහින් ජීවිතය ගැන කළ කළ නොකිරෙන්න. ආහාර ගැනීමෙන් පැය බාගයකට පසු සීනි නැති කහට කෝප්පයක් බොන්න. දිනකට වතුර බෝතල් හයක් පමණ පානය කරන්න. නින්දට පෙර දෙහි යුෂ දැමු වතුර වීදුරුවක් පානය කරන්න. කිරිපිටි පානය නොකර දියරකිරි පානය කරන්න. එය දවසකට එක වරක් පමණක් භාවිතා කරන්න. උදෑසන ද අවදි වූ විට දෙහි යුෂ වීදුරුවක් පානය කරන්න. ගැස්ට්‍රයිටිස් ඇතිනම් වෛද්‍ය උපදෙස් මත එය පානය කරන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *