2022 වෙන්න යන දේ ගැන අනෝජ් ද සිල්වා කරන විශේෂ හෙළිදරවුව

හෙළ වෙදකම කියන්නේ අපි කවුරුත් දන්න විදිහට ලංකාවෙන් තුරන් විගෙන යන වෛද්‍ යවිද්‍යාවක් කිවොත් හරි. ගොඩක් දුරට මේ හෙළ වෙදකම පැවත එන්නේ අපි කවුරුත් දන්න විදිහට පරම්පරාවෙන් පරම්පරාවට. හෙළ වෙදකමට ජනප්‍රිය පුද්ගලයෙක් වන අනෝජ් ද සිල්වා ගැනයි අද අපි කතා කරන්න සුදානම් වෙන්නේ. ඒ ඔහු නව වසර ඒ කියන්නේ 2022 වසර ගැන කියු අනාවැකි සමඟින්.

ඔහු කොරෝනා වසංගය ගැන ගැනද නොකියා සැවොම දැනුවත් කලා කිවොත් හරි. ඔහු අදටත් පවසන්නේ කිසිදු විටෙක කිසිදු අර්බුධය හේතුකොටගෙන පෙළපාලි නොයන ලෙසයි. ඊට හේතුව නැවත නැවත රට වහන්න සිද්ධ වුනොත් මේ රට කිසිදු විටෙක ගොඩනගන්න බැරි බවයි. මොකද පෙළපාලි යන රැලිවලට කොරෝනා ඇති වුණා හෝ නැති වුණා කියා රට වහන්න වුනොත් මේ රට යළි ගොඩනඟන්න සක්විති රජෙක් පහළ වුවත් බැරි නිසා. ඔහු තවදුරටත් කොරෝනා රැල්ල ගැන පවසා සිටියේ මේ දුප්පතා සහ පොහොසතා අතර පන්ති භේදයක් ඇති කිරීම බවයි. ඔහුද නැවත නැවත පවසන්නේ නැවත රට වහන තැනට වැඩ නොකර දුක දරාගෙන ජීවත් වන ලෙසයි. ජාත්‍යන්තර වශයෙන් මේ වන විට කොරෝනා රෝගයට විසදුම් ලැබෙමින් පවතින නිසාම ඉදිරියේදි කොරෝනා රෝගය යම් පාලනයකට පත් වෙමින් පවතින බවද ඔහු පවසා සිටියා.

150000 ට වඩා අධික රෝගීන් පිරිසක් සුවපත් කරපු අනෝජ් ද සිල්වා මේ වන විට තම ක්‍රියාවෙන් බොහෝ දුර බැහැරව වනයකට අසන්න ප්‍රදේශයක ජිවත් වන බවයි පැවසුවේ. ඔහු වසර 15 කට වඩා අධික කාලයක් රෝගින් වෙනුවෙන් තම ජිවිතය කැප කළ අයෙක්. එසේ ජීවිතය රෝගින්ටම කැප කරපු නිසාම ඔහු මේ වන විට නිදහස සොයා ජීවත් වෙන කෙනෙක් නිසාම කිසිදු අයෙකුට ඔහු ඉන්න තැන පවසන්නේ නැත.

ඔහු 2022 නව අවුරුද්දට ලෝකයේ සිදුවන පෙරලිය ගැන පවසා සිටියේ මේ වගේ අදහසක්, ඔහු මීට පෙරද පවසා සිටියා සිංහල බෞද්ධ නායකයෙකු මේ රට තුළ බිහිවන තෙක් මේ රටට සිදුවන දේ ගැන. උදාහරණයක් ලෙස ද ඔහු කියා සිටියේ 2004 සුනාමි දින පටන්මේ රටට සිදුවන ස්වභාවික විපත් මතක් කරමින්. නායකයා හරි නම් මේ රටට ස්වභාවික විපත් නො එන බව ඔහු ස්ථිරවම කියා සිටියා. මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස දිවුරුම් දෙන දා පටන් පටන් ගත් සොභාවිකව විපත් කිසිදු අඩුවක් නැතිව තව ද රටට තුළ පවතින බවද කියා සිටියා.

අනාවැකියක් ලෙස ඔහු පැවසුවේ 2022 වසරේ ද මෙම ස්වභාවික විපත් වලින් රටට කිසිදු අඩුවක් නොමැති බවයි. නමුත් 2022 ජුනි මාසයෙන් පසු මිනිස්සුන්ට පරිණත බුද්ධියක් මෙන්ම තීරණ ගැනීමේ හැකියාවක් පහළ වෙන බවත් ඔවුන් මුලාවෙන් මිදෙන බවත් පවසා සිටියා. මෙය දේශපාලන පෙරළියකට වඩා සමාජයීය පෙරළියක් ලෙසයි ඔහු හඳුන්වන්නේ. කෙසේ වෙතත් එය දේශපාලන පෙරළියක් වුවහොත් රටට වඩාත් සුබදායක බවයි තවදුරටත් කියා සිටියේ.

තවදුරටත් ඔහු පවසා සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වෙන්නෙත් පෙර ඔහු ජනතාව ඉල්ලූ බවයි. නමුත් ඔහුගේ ක්‍රියාකලාපය රටට ගැලපෙන්නේ නැති නම් ඔහු ඇතුළුව සමස්ත අයගෙන් තොරව කෙනෙකු ජනතාවට තෝරා ගන්න යැයි ද ඔහු පවසා සිටියා. අනෝජ් ද සිල්වා පවසන ආකාරයට මේ වන විට ගොඪාභය රාජපක්ෂ මහතා පක්ෂ විපක්ෂ දෙකම රටට නොගැළපෙන බව තේරුම් අරගෙන අවසන් වී ඇත. කෙසේ වෙතත් ඔහු ජනතාවට කියා සිටියේ අලුත් රජෙක් නිර්මාණය කරන ලෙසයි. ඒ ඔහු නොවිය යුතු බවද පැවසුවා. මොකද ඔහු තවම ඒ ගැන තීරණයක් ගෙන නැති නිසා. දැන් සියලු ජනතාව කළ යුත්තේ සුදුසු තැනට සුදුසු නායකයෙකු පත්කර ගැනීම බවයි ඔහු පවසන්නේ.

මනුස්සයෙකුට රජ වෙන්න උස මිටි කළු-සුදු අධ්‍යාපනය යන කිසිදු දෙයක් බල නොපාන බවද ඔහු පවසා සිටියා. සුදු ජාතිකයන් විසින් මේ සියලූ සියලු කරුණු කාරණා ජනතාවගේ ඔළුවට දැමුවේ නිවැරදි නායකයකු බිහි කිරීම වැළැක්වීමට බවද ඔහු තවදුරටත් පවසා සිටියා. ඔහු කිසිදු රටකට අවශ්‍ය විදියට ඔහුගේ කිසි දෙයක් වෙනස් කිරීමට කැමති නැති බව ද පබල ලෙස පැවසුවා. අවසන් වරට ඔහු පවසා සිටියේ සමාජයට නිවැරැදි දැක්මක් අවශ්‍ය කාලය පැමිණ ඇති බවයි. ඒ නිසාම සියලු දෙනාම බුද්ධිමත් ලෙස කටයුතු කිරීමට කාලය උදා වී ඇති බව ද සත්‍ය ගවේෂණය කිරීමට මිනිසුන් පෙළඹිය යුතු බවද පවසා සිටියා.

Leave a comment

Your email address will not be published. Required fields are marked *