2022 මගුල් කන්න හදන නළු නිලියෝ

ගෙවුන අවුරුද්ද නිමාවෙලා අලුත් නව වසරක් උදා වෙලා තියෙනවා. ඒකාකාරී ජීවිතයට කොටු වුන අවුරුද්දක් නිමා වෙද්දි නව වසරට හැමෝම බලාපොරොත්තු ගොන්නක් එක්ක පියවර තියෙනවා. ඉතින් අද අපි කතා කතා කරන්න සූදානම් වෙන්නේ බොලිවුඩයේ 22 අවුරුද්දේ විවාහ වෙන්න බලාපොරොත්තුවෙන් ඉනනන තරු ගැන.

2022 වසරේ මුලින්ම යුගදිවියට එළඹෙන යුවල ලෙසට රසිකයන් හඳුනන්නේ රන්ඛිර් කපුර් සහ ආලියා භාත්. ඒ ආදර කතාව රසිකයන් අතර ජනප්‍රිය වුණේ 2018 වසරේ දී. දවසින් දවස ඒ ආදරය වැඩි වූවා මිස ඒ ආදරේ අඩුවක් නම් රසිකයන් දැක්කේ නැහැ. මාධ්‍යවල වාර්තා වී ඇති ආකාරයට ඔවුන් ජනවාරියේදී විවාහ වන බවත් දෙසැම්බර් සිට ඔවුන්ගේ සියලු රංගන වැඩකටයුතු වලින් ඔවුන් ඈත් වු බවත්වය. තවද මෙම විවාහ මංගල්‍යයට කොවිඩ් තත්ත්වය මත සමීපතම අය පමණක් සහභාගි කරගන්න බලාපොරොත්තු වන බව කියා සිටිනවා. කට කතා වලින් ඔවුන් විවාහ ගිවිසගෙන සිටින බව ප්‍රකාශ කර සිටියත් ඔවුන් නිරන්තරයෙන්ම එකිනෙකා හා ගැවසුණ යුවලක්.

අර්ජුන් කපූර් සහ මලයිකා අරෝරාගේ ආදර කතාව ප්‍රසිද්ධ වෙන්න පටන් ගත්තේ 2019 වසරේ දී. මොන තරම් කටකතා පැතිරුණත් වුණත් ඔවුන් ඔවුන්ගේ ප්‍රේම සම්බන්ධතාවය ගැන කිසිදු දෙයක් ප්‍රකාශ කර සිටියේ නැහැ. එයට හේතුව ඔවුන් දෙදෙනා අතර තිබූ අවුරුදු 11 ක වයස් පරතරය වෙන්න ඇති. කෙසේ වෙතත් මලයිකා කියන්නේ දික්කසාද ගැහැනියක්. එහෙත් ඇය කසාද වුවත් අර්ජුන්ට එය ප්‍රශ්නයක් නැති බවයි ඇය ප්‍රකාශ කර සිටියේ. දික්කසාද වීමෙන් ජීවිතය වැටී සිටි ඇය නැවත ආදරය දැක්කේ අර්ජුන්ගෙන් බවත් වෙන කිසිදු ප්‍රශ්නයක් ඔවුන්ගේ ආදරයට බලපෑමක් ඇති නොකල බවත් කියා සිටියා. අර්ජුන් මාධ්‍යට ප්‍රකාශ කර සිටියේ 2022 වසරේ දී ඔවුන්ගේ විවාහය සිදුවන බවයි.

පෙබරවාරි හෝමාර්තු විවාහ ගිවිසගන්න තවත් තරු යුවළක් ගැන බොලිවුඩය කතා වෙනවා. ඒ රිචා චාධා සහ අලි පසාල්. මොවුන් භාර ගත්ත වැඩකටයුතු නිමා වීමෙන් පසුව ඔවුන්ගේ විවාහය සිදුවන බවයි පවසා ඇත්තේ. රාහුල් සහ ආදියාගේ සම්බන්ධතාවය ද මේ වන විට රසිකයන්ට නොරහසකි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *