ළඟදී විවාහ වෙන්න ඉන්න ජනප්‍රිය ගායක සනුක සහ වින්ඩි කුරුළු ජෝඩුව වගේ ඉන්න ලස්සන

අපේ ගායන ලෝකයේ ඉන්නේ ගායකයන් අතරින් වැඩිය පේන්න නැති නමුත් කාලෙන් කාලෙට පේන්න ඇවිත් නිර්මාණයක් එළිදක්වලා ඒ තුලින් ඉමහත් ප්‍රසිද්දියක් බලාගෙන නැවතත් කාලයක් නිහඬව ඉන්න දක්ෂ ගායකයෙක් තමයි සනුක වික්‍රමසිංහ කියන්නේ. ඒ විතරක් නෙවෙයි සනුක දක්ෂ වාදකයෙක්. ඒ වගේම තමයි ප්‍රවීණ ගායන ශිල්පි සංගීත් වික්‍රමසිංහගේ වැඩිමහල් පුතා තමයි සනුක. තරුණ පරම්පරාව අතරේ සනුක වැඩිපුරම ජනප්‍රිය වුනේ ‘සංසාර සිහිනේ’ ගීතය හරහා, ඒ වගේම ‘දෙවියන්ගේ බාරේ’ රැප් එක නිසාත් සනුක තරුණ පරම්පරාව අතර ගොඩක් ජනප්‍රිය වුනා.

සනුකගේ නිර්මාණ කටයුතු වලට පවුලේ අයගෙන් ලැබෙන සහයෝගය කොහොමද ”සමහර වැඩ වලදී අම්මයි තාත්තයි දෙන්නම නිදිමරාගෙන මගේ වැඩ වලට උදවු වෙනවා. ඒ වගේම තමයි මගේ මල්ලි එයත් මගේ වැඩවලට ගොඩක්ම උදවු කරනවා, මොකද මගේ හැම ප්‍රසන්ගයකටම මාව එක්කගෙන යන්නේ මගේ මල්ලි, ඇත්තටම ඒ වගේ සහෝදරයක් ලැබුනේ මගේ වාසනාවට”

සනුකගේ ආදරවන්තිය තමයි ජනප්‍රිය ගායක රූකාන්ත ගුණතිලකගේ බාලම දියණිය වන වින්ඩි ගුණතිලක සමග. වින්ඩි කාලයක් පදිංචිව හිටියේ ඇමරිකාවේ. කොහොමින් කොහොම හරි කාලයත් එක්ක මේ ආදරය දළුලා වැඩෙන්න පටන්ගන්නවා. ඒ වගේම මේ ආදරයට ඔවුන්ගේ පවුලේ දෙකෙන්ම ආශිර්වාදය ලැබිලා ඉතින් ළඟදීම මේ දෙදෙනාගේ විවාහය අපට දැකගන්න පුළුවන් වේවි.”

Related Posts

Leave a Reply

Your email address will not be published.