ළඟදී මම ලොකු දානයක් දුන්නා – ජනප්‍රිය නිළිය දිනිති වල්ගමගේ

කළා ලෝකයට ඇවිත් ඉතාම කෙටි කාලයකින් විශාල ප්‍රේක්ෂක පිරිසකගේ ආදරේ දිනාගන්න සමත්වුණ ගොඩක් සුන්දර රංගන ශිල්පිනියක් තමයි දිනිති වල්ගමගේ කියන්නේ. ඉතින් අද අපි කතා කරන්න සුදානම් වෙන්නේ හැමෝම ආදරේ කරන දිනිති වල්ගමගේ සමග, දිනිති ඇත්තටම ඇයි ඔබ ගුවන්සේවිකාවක් වෙන්න හිතුවේ ”මට පොඩි කාලේ ඉඳන්ම ඕන වුනේ ලෝකය දකින්න මේ ලෝකයේ තියෙන සුන්දර තැන් දකින්න, සමහර වෙලාවට මම අහලා තියෙන තැන්, පොටෝ වලින් දැකලා තියෙන තැන් මට හීනෙනුත් පේනවා. ඇත්තටම සොබාදහමට ගොඩක් ආදරෙයි.

ඒ සොබාදහම විඳින එක තමයි මගේ එකම සතුට එහෙම නැතුව රඟපාන්නවත් ජොබ් එකක් කරන්නවත් මගේ හිතේ තිබ්බේ නෑ. හැබැයි මගේ හීනවලට යන්න සල්ලි ඕන වුනා. ඉතින් මම වෘත්තීයමය වශයෙන් ගුවන් සේවිකාවක් වෙන්න තීරණය කළා. හැබැයි ඒ වෘත්තීය නිසා මගේ හීන වලට ලංවෙන්න ගොඩක් පහසු වුනා. අද මම යම් තැනක ඉන්නවනම් ඒකට විශාල ශක්තියක් වුනේ මගේ රැකියාව”

පසුගිය දවසක දිනිති ලොකු දානයක් දුන්නා කියලා අපිට දැනගන්න ලැබුනා මොකද්ද ඒ කතාව ”ඔව් ඔව් මම සයිබර් දානයක් දුන්නා, ඇත්තම කියනවනම් මෙහෙමයි මම මගේ ගැන සෝෂල් මීඩියාවල ෂෙයාර් වෙන දේවල් බලලා හිත රිද්දගන්නේ නෑ මට ඒ වගේ වෙලාවකුත් නෑ මම මහන්සි වෙලා වැඩ කරන කෙල්ලෙක්. මම කතා කරන විදිය අඳින පළඳින විදිය අල්ලලා ගොසිප් හදලා ශෙයා කරලා රීච් වැඩිකරගන්න උත්සහ කරන අයට මම අනුකම්පා කරනවා. මට මඩ ගහලා කීයක් හරි හොයා ගන්න අයට මම සයිබර් දානයක් දුන්නා කියලා හිත හදා ගන්නවා මටත් පින් ලැබෙන විදියේ වැඩක් නේ, මොනවා වුනත් මම ගැන දාන පොස්ට් වලට වැටිලා තියෙන කමෙන්ට් හරිම නිර්මානශීලීයි”

Related Posts

Leave a Reply

Your email address will not be published.