Tue. May 17th, 2022

දමිත්‍රි සුබසිංහ කියන්නේ බොහොම අහිංසක දක්ෂ නිහතමානි රංගන ශිල්පිනියක්. 2019 වර්ෂයේ දෙරණ අවුරුදු කුමරිය ලෙස අභිෂේක ලැබූ ඇය මේ දිනවල බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය චරිතයක් වන්නේ ඉස්කෝලේ ටෙලි නාට්‍යය නිසා. ඉතින් අපිත් සූදානම් වෙන්නේ විහාරා සමඟ කතා කරන්න. ඇත්තටම දමිත්‍රි ට විහාරා ටිචර් නිසා ලැබෙන ජනප්‍රියත්වය ගැන මොකද හිතෙන්නේ, මට දැන් ගොඩක් අය කතා කරන්නේ විහාරා ටීච කියලා. ඕන කලාකරුවෙක් සතුටු වෙන්නේ ප්‍රේක්ෂකයින්ගෙන් ලැබෙන ආදරයත් එක්ක. මම හිතන්නේ රංගන ශිල්පිනියක් විදියට මට ලැබෙන ආදරය ගැන මම ගොඩක් සතුටු වෙනවා. ඒක මම හිතන්නේ වාසනාවක් විදිහට. පොඩි බබාලා වුණත් මට ගොඩක් ආදරේ කරනවා. සමහරු මට කෝල් කරලා විහාර ටික කියලා කතා කරනවා. ප්‍රේක්ෂක හදවත් තුළ මම ගොඩක් රැදුන චරිතයක් වෙලා.

ලඟදිම විවාහ වෙන්න යනවා කියන්නේ ඇත්තද, ඔව් ඒ දේවල් සිද්ධ වෙන්නත් ඕනිනේ. දැන් මගේ ජීවිතයට කෙනෙක් ඉන්නවා. ඔහු කලා ක්ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක් නම් නෙවෙයි. ඔහු බැංකු ක්ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක්. හැබැයි අපි දෙන්නා තවම විවාහ වෙන්න කාල කාලසීමාවක් තෝරගෙන නෑ .

ඔබේ කලා ජීවිතයේ ආරම්භය ගැන මතක් කළොත්, 2019 දෙරණ අවුරුදු කිරුළ හිමි වීමත් සමග තමයි මට රංගනයට එන්න අවස්ථාව ලැබෙන්නේ. මම මීට කලින් රංගනය ගැන කිසි ම හැදෑරිමක් කරල නැහැ. ඒ නිසා මුලින් නම් රංගනය ගැන බය හිතුනා. මම මුලින්ම රඟපාන්නේ නොනිමි කියන ටෙලි නාට්‍යය. ඊට පස්සේ පාවෙලා වලාකුලේ ඒවිද අම්මා. ඊට පස්සේ තමයි මට ඉස්කෝලේ ටෙලි නාට්‍යයෙන් රංගනයට එන්න අවස්ථාව ලැබෙන්නේ. මම කරපු හැම චරිතයක්ම බොහෝ දෙනාගේ ආදරයට ලක් වුණා.

ඔබට විහාරා ටිචර්ගේ චරිතය ලැබෙන්න විශේෂිත හේතුවක් තියෙනවාද, ඔව් මට විහාරා ටිචර්ගේ චරිතය ලැබෙන්න විශේෂ හේතුවක් තියෙනවා. ඒ චරිතය නර්තන ගුරුවරියක් නිසාම ඒකට හොයපු කෙනා නර්තන ගැන දැනගන්න ඕනෑ. ඉතින් මට මේ චරිතයට ආරාධනා ලැබෙන පාවෙලා වලාකුලේ ඒවිද අම්මා ටෙලි නාට්‍යය ඉවර වුන ගමන්මයි. විහාර ටීචර් ගේ චරිතය ගොඩක් මට සමීප චරිතයක් වුණා. කොහොමත් අපේ අම්මට පොඩි කාලේ ඉදන්ම ඕන වුනේ මාව ගුරුවරියක් කරන්න. හැබැයි මම ඉගෙන ඉගෙනගන්නේ වාණිජ අංශයෙන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *