Sat. May 21st, 2022

මේ දිනවල බොහෝ දෙනෙක් ආදරේ කරන ටෙලි නාට්‍යයක් තමා කාරයෝ කියන්නේ. නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යය හරහා ජනතාවගේ ආදරය බොහෝසෙයින් දිනාගත් ඔහු මේ දිනවල ටෙලි නාට්‍ය තුළින් දැකගත නොහැකි වුවත් ඉදිරියේදි නැවත ඔහුව දකින්න ලැබෙන බවයි ආරංචි වෙන්නේ. ඔහුගේ දියණිය ද වරෙක ප්‍රකාශ කර තිබුණා වෛද්‍ය උපදෙස් මත ඔහු විවේකයෙන් ඉන්න බවත් ඉදිරියේදී ඔහු වෛද්‍ය උපදෙස් මතම රංගනයට එන බවත්. සැබවින්ම ඔහු චරිතාංග නළුවෙක්. ඉතින් ඔහු නමින් ගිරිරාජ් කෞෂල්‍ය.

විවිධ කතා වලින් විවිධ චරිත පෙන්නුම් කරන ඔහු ඇත්තටම චරිත වලට මාරු වෙන්නේ කොහොමද කියලා වරෙක අපි අහපු ප්‍රශ්නයට ඔහු පිළිතුරු දුන්නේ මෙහෙමයි, මම හිතන්නේ මට ඒක වේදිකාවෙන් ලැබුන ආභාෂයක්. අපි වේදිකාවෙන් බිහිවුණ නළුවෝ. අපි එකම වේදිකාවේ විවිධ චරිත රඟ පෑවා. ඒ චරිත එකිනෙකට වෙනස්. ජීවිතයේ මම ලබපු අත්දැකීම් තමයි මාව මේ තරම් සාර්ථක චරිත වලට යොමු කළේ. මම එක ටෙලි නාට්‍යයක රඟපාන චරිතයට හාත්පසින් වෙනස් චරිතයක් තමා අනිත් නාට්‍යයේ රඟපාන්න සිද්ධ වෙන්නේ.

ඔබ තෝරා ගැනීමක් සිදු කරනවද රංගනයේදී, ලොකුවට නම් තෝරා ගැනීමක් සිද්ධ කරන්නේ නැහැ, හැබැයි පෞද්ගලිකව මම අකමැති චරිත තියෙනවා, ඒ වගේ චරිත වලට මම සම්බන්ධ වෙන්නේ නෑ. මම කැමති සමාජයට පණිවුඩයක් දෙන්න පුළුවන් චරිත රඟපාන්න. නාඩගම් කාරයෝ ටෙලිනාට්‍යය කුකුල මුදලාලිගේ චරිතයට මට විශාල ප්‍රතිචාර ලැබුණා.

ඔබ වඩාත් කැමති වේදිකාවට ද ටෙලි නාට්‍යවලට ද, වේදිකාව කියන දේට මම හැමදාම ආදරෙයි. මොකද වේදිකාවේදී අපිට ලැබෙන ප්‍රතිචාර සජීවී ප්‍රතිචාර. ඒ නාට්‍යයක ප්‍රතිචාර ලැබෙන කාලයක් යනවා. හැබැයි දැන් පවතින තත්ත්වයත් එක්ක මට වේදිකාවට වඩා ටෙලි නාට්‍ය වලට තමයි සම්බන්ධ වෙන්න ඉඩ තියෙන්නේ. වේදිකාව කියන දේ ටිකක් ඈත් වෙලා ඈත්වෙලා කීවොත් හරි.

ඉතින් ගිරිරාජ් ගැන පහුගිය කාලවල විවිධ කටකතා යද්දී ඔහු රංගනයට සමු දෙනවා යැයි බොහෝ දෙනෙක් ප්‍රකාශ කරද්දී ඔහුගේ සමීපතම අය ප්‍රකාශ කර සිටියේ මේ වගේ අදහසක්,

ගිරිරාජ්ට අසාධ්‍යයයි කියන කතාව බොරුවක්. ඔහු අසනීපෙන් තමයි ඉන්නේ. ඔහුට සුපුරුදු විදිහට ප්‍රතිකාර කටයුතු කරනවා. ඔහු මේ දිනවල රංගනයට එකතු නොවන්නේ පවතින covit තත්වය නිසා. නැතුව ඔහු රංගනයෙන් සමු අරගෙන නැහැ. ඔහු ගැන යන කටකතා ගොඩක් දේවල් බොරු. ඔහුට හොඳටම හොඳ උනහම මේ තත්ත්වෙ ටිකක් සමනය උනහම නැවතත් ඔහු රංගනයට එයි. ගොඩක් අය සමාජයට බොරු ප්‍රචාරය වන්නේ තමන්ගේ වාසිය උදෙසා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *