ළඟකදී ඉඳලා එයා මම රඟපාන්න යනවට මොකවත් කියන්නේ නෑ – හිරාන් යට්ටෝවිට

කළා ලෝකයේ හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න නිරූපන ශිල්පියෙක් තමයි හිරාන් යට්ටෝවිට කියන්නේ, කොහොම වුනත් හිරාන් කාලයක් කළා ලෝකයේ පේන්න හිටියේ නෑ, හැබැයි මේ වනවිට් හිරාන් රංගන ශිල්පියෙක් විදියට ‘බන්ධනා’ ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයකට පනපොවනවා, ඉතින් අද අපි කතා කරන්න සුදානම් වෙන්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුනිකා ප්‍රේමචන්ද්‍රගේ ආදරණීය සැමියා වන හිරාන් යට්ටෝවිට සමග, ඉතින් හිරාන් පහුගිය කාලේ පේන්න හිටියේ නෑ ඉතින් ඒ කාලේ මොනවද කලේ ”මම ඒ කාලේ වැඩියෙන්ම උනන්දු වුනේ මගේ ආර්ථික තත්වය ගොඩනගා ගන්න, ඉතින් ඒ නිසා මම ඒ සම්බන්දයෙන් ගොඩක් මහන්සි වුනා, ඒ වගේම මගේ බිරිඳ හිරුනිකාගේ දේශපාලන වැඩ වලත් සහයෝගයක් දුන්නා,”

හිරාන් රඟපානවට හිරුනිකා කැමති නැද්ද, ”එයාගේ කැමැත්ත අකමැත්ත වඩා මම මුලදී බැලුවේ අපේ ඵමලි ලයිෆ් එක හරියට අරගෙන යන්න, එකට සැමියෙක් වශයෙන් මම විශාලා කැපකිරීමක් කරන්න ඕන, මගේ වයිෆ් බිසී වෙන වෙලාවට මම බිසී වුනොත් ෆැමලි එක කරගෙන යන්න අමාරුයි, හිරුනිකා දේශපාලන වැඩ නිසා කොහොමත් නිතරම වගේ බිසී, ඉතින් මම ලමයින්ගේ වගේම පවුලේ වගකීම් බාරගත්තා, හරිම ආසාවෙන් තමයි මම ඒ වැඩ කලේ, පවුලේ හැම වගකීමක්ම බිරිඳට පවරලා හරියන්නේ නෑ නේ, මම රඟපාන්න යනවද කලින් නම් හිරුනිකා වැඩිය කැමති වුනේ නෑ, හැබැයි ළඟකදී ඉඳලා එයා මම රඟපාන්න යනවට මොකවත් කියන්නේ නෑ, අපි අතර හොඳ තේරුම් ගැනීමක් තියෙනවා ඉතින් මම වගේම එයත් ඒ විශ්වාසය උපරිමෙන්ම රකිනවා”

ඔබ දකින විදියට හිරුනිකාට තියෙන විශේෂ දක්ෂතා මොනවද..? ”හිරුනිකාර රඟපාන්න වගේම ගොඩක් ලස්සනට සින්දු කියන්න පුළුවන්, මගේ ළඟ තියෙනවා කැරෝකේ සෙට් එකක්, අපි විවේකයෙන් ඉන්න වෙලාවට එයා ඒකෙන් ලස්සනට සින්දු කියනවා, මම හරිම ආසයි එයා සින්දු කියනවා අහන්න, හිරුට ලස්සනටම කියන්න පුළුවන් හින්දි සින්දු, ලතා මන්ගේෂ්කාර්ගේ සින්දු තමයි හිරුනිකා ලස්සනටම ගායනා කරන්නේ”

Related Posts

Leave a Reply

Your email address will not be published.