Tue. May 17th, 2022

ස්වර්වාහිනි නාලිකාවේ විකාශය වන නාඩගම් ගාරය ටෙලි නාට්‍යය කියන්නේ මෙරට ජනප්‍රිය ටෙලි නාට්‍යයක්. මේ ටෙලිනාට්‍ය සෑම චරිතයක්ම ජනතාවගේ හදවතේ රැඳෙනු ඇත. ඒ වගේම බොහෝ දෙනෙක් ආදරය කරනු ඇත. ඉතින් මේ සූදානම් වෙන්නේ එහෙම ආදරේ කරන චරිතයක් ගැන කතා කරන්න.ඇය රංගනයට අලුත් මුහුණුවරක්.නවක යොවුන් පරපුරේ ඇය නිම්මි මනෝහාරි. පහුගිය දිනවල බොහෝ දෙනෙක් ඇය ගැන කතා කරන්න පටන් ගත්තේ ඇය විවාහ දිවියට එළඹුණා යන කටකතාවක් සමගයි. ඊට හේතුව ඇය මංගල ඇඳුමකින් සැරසී ඡායාරූප කිහිපයකට පෙනී සිටීමයි.

ඇත්තටම නිම්මි කාටත් හොරෙන් විවාහ වුණාද, ඇත්තම කතාව ඒ විදිහ ගොසිප් ගොඩක් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරුණා. මමත් ඒ දේවල් දැක්කා. ඒ අතරේ සමහරු සුභ පැතුම් එක් කරලා තිබුණා. හැබැයි ඇත්තම කතාව එහෙම දෙයක් සිද්ද වුණේ නැහැ. ඒක photoshoot එකක් විතරයි. නොහිතපු විදිහට ඒ ඡායාරූප බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය වුණා. ලැබුණු සුභ පැතුම් ගැන සතුටුයි.

සැබෑ ජීවිතයේදි විවාහ වෙන්නෙ නැද්ද දැන්ම, තවම මම ඒ ගැන හිතලා නැහැ. නමුත් ජීවිතයට ගැළපෙන හොඳ කෙනෙක් ලැබුණොත් ඉක්මනින් විවාහ වේවි. හැබැයි ඉක්මන්වෙලා මම තීරණ ගන්නේ නැහැ. ජීවිතේට හරියන කෙනා තෝරාගන්න ඕන.

ඔබට සිනමාවට ආරාධනා නැද්ද, මම හිතන්නේ කලා ලෝකයේ ඉන්න ඕනෑම ශිල්පියෙකුගේ හීනයක් තමයි සිනමාවට පිවිසෙන එක. මට වුණත් ඒක පොදු දෙයක්. ඒ නිසා ඒ බලාපොරොත්තුව මටත් තියෙනවා. මේ වෙද්දි මට සිනමාවට ආරාධනා ලැබිලා තියෙනවා. හැබැයි යම් යම් හේතු මත ඒ හැමදේම ගිලිහුනා. ඉදිරියේදී බලමු මට එහෙම වාසනාවක් තිබුනොත් මම සිනමාවට සම්බන්ධ වේවි.

ඔබ රංගනයට පිවිසෙන විට ඔබේ ගෙදරින් බලපෑමක් නැද්ද, මගේ ගෙදරින් කිසිම අකමැත්තක් නැහැ මම කලාවට සම්බන්ධ වෙනවට. අම්මා තාත්තා දෙන්නම මට ලොකු සහයෝගයක් දෙනවා. මම අද ඉන්න තැන ගැන ගොඩක් සතුටු වෙන්නේ මගේ අම්මා. මගේ අම්මට තමා උවමනාව තිබුනෙ මාව රංගන ශිල්පිනියක් කරන්න. මුලින්ම නිර්මාණවලට ආරාධනා ලැබෙද්දී මම ඒ දේවල් ප්‍රතික්ෂේප කරලා තියෙද්දි අම්මා තමයි කිව්වේ ප්‍රතික්ෂේප නොකර ඒ දේවල් වලට ඉදිරිපත් වෙන්නෙ කියලා.

නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යය පොඩ්ඩිට ලැබෙන ප්‍රතිචාර කොහොමද, ඇත්තටම ඒ ලබන ආදරය ගැන කියන්න මම ලග වචන නෑ. ලංකාවේ කොහේ ගියත් මට ඒ ආදරයෙන් නොඅඩුව ලැබෙනවා. ගොඩක් අය මට දැන් කතා කරන්නේ පොඩ්ඩි කියලා. නාඩගම් කාරයෝ ටෙලි නාට්‍යය කියන්නේ මගේ ජීවිතයේ පළවෙනි අත්දැකීම. පලවෙනි අත්දැකීමෙන්ම මේ වගේ ආදරයක් ලැබීම ගැන සතුටුයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *