Tue. May 17th, 2022

ලංකාවේ මේ වනවිට හැමෝම අතර ජනප්‍රිය වෙලා තියෙන සිනමාපටයක් තමයි ‘ආශාවරී’ කියන්නේ. පසුගිය දිනක එම සිනමාපටය විකාශන දින 50 සම්පුර්ණ කළා. ලංකා සිමවාවේ ආදායම් වාර්තා බිඳ දමපු සිනමාපටයක් ලෙස ‘ආශාවරී’ සිනමාපටය හඳුන්වන්න පුළුවන්. ඉතින් මෙම සිනමාපටය හරහා ලාංකේය සිනමාට අලුතෙන්ම හඳුන්වා දුන්න සුන්දර රංගන ශිල්පිනිය තමයි ඉෂාන්කා ජහන්වී කියන්නේ. ඉතින් අද අපේ කතාබහ ඇය සමගයි.

ඉෂාන්කා කොහොමද ‘ආශාවරී’ නිසා ලැබෙන ප්‍රතිචාර ”ඇත්තටම ඉහල ප්‍රතිචාර ලැබෙනවා. ආශාවරී කියන්නේ මගේ පලවෙනි සිනමා අත්දැකීම. එකෙන්ම මෙහෙම ප්‍රතිචාර ලැබේවි කියලා මම හීනෙකින්වත් හිතුවේ නෑ. ඉතින් මේ විදියට ලැබෙන ආදරේ ගැන ගොඩාක්ම සතුටුයි”

ඔබගේ පලවෙනි සිනමාපටයේ පෙම්වතා උනේ තරුණියන්ගේ සිහින කුමාරයා හේමාල් නේද, කොහොමද ඒ අත්දැකීම ” මම ඒකාලේ ඉඳන්ම ගොඩක්ම ආස චරිතයක් තමයි හේමාල් අයියා, ඉතින් ඒ වගේ කෙනෙක් එක්ක රඟපාන්න ලැබීම ලොකු සතුටක් ඒක වචනයෙන් විස්තර කරන්න බෑ, හේමාල් කියන්නේ හරිම නිහතමානී චරිතයක්. අපි දෙන්නා ගොඩක්ම හිටියේ ප්‍රේම ජවනිකා වල, මගේ ආධුනික බව නැතිවුනේ එයා වගේ ප්‍රවීනයෙක් එක්ක රඟපාපු නිසා, කැමරාව ඉස්සරහා අපි රඟපෑවේ ඇත්තටම පෙම්වතුන් වගේ හේමාල් අයියා එක්ක ඒ දේවල් කලේ ඇත්තම කියලා හිතාගෙන ඒකයි ඒ රංගන සාර්ථක වුනේ”

ඉෂාන්කා දැන් පෙම්වතියක්ද ? ”ඇත්ත ආදරයක් මට තාම ලැබිලා නෑ, කවදා හරි මටත් ඇත්තට ආදරේ කරන කෙනෙක් ලැබේවි, මමත් පෙම්වතියක් වේවි, හැබැයි අපේ අම්මා කැමති මම පුළුවන් තරම් කාලයක් විවාහ නොවී ඉන්නවට හැබැයි එයාට මම තනිවෙයි කියලා පොඩි බයකුත් තියෙනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *