හුරතලේට හිටපු මගේ කොල්ලා, අපිට දැන් ලෝයර් පුතුකුත් ඉන්නවා – දෙව්නකට නිමන්ති සුබපැතූ හැටි

සිරස නාලිකාවේ විකාශනය වන ‘හිත ලඟ හිනැහුනා’ ටෙලිනාට්‍ය හරහා වගේම ‘ඝරසර්ප’ සිනමාපටය හරහාත් හැමෝගෙම ආදරේ දිනාගන්න සමත්වුණ රංගන ශිල්පියෙක් තමයි දෙව්නක පෝරගේ කියන්නේ, කොහොම වුනත් මේ වනවිට දෙව්නක ‘හිත ළඟ හිනැහුනා’ නාට්‍යයෙන් ඉවත්වෙලා ඉන්නේ, ඉතින් අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ හැමෝගෙම ආදරේ දිනාගත්ත දෙව්නක සමග, ඉතින් දෙව්නක කොහොමද සිහිනට ලැබුන ප්‍රතිචාර ” හිත ළඟ හිනැහුනා කියන්නේ හැමෝම වගේ ආසාවෙන් නරඹපු ටෙලිනාට්‍යක්, ඉතින් ඒ නිසා මට ගොඩක් ඉහල ප්‍රතිචාර ලැබුනා, කොහොමවුනත් මට හද්දීසියේම ඒ නාට්‍යයෙන් ඉවත්වෙන්න සිදුවුනා, ඒක ගැන පොඩි කනගාටුවක් තියෙනවා, නමුත් සිහිනට පනපොවන්න අලුතෙන් ඇවිත් ඉන්න මගේ සහෝදර රංගන ශිල්පියාගේ රංගනය දැක්කම ඒ දුක නැතිවෙලා ගියා ඇත්තටම එයා ගොඩක් හොඳට ඒ චරිතය රඟපානවා”

දෙව්නකට රංගනයට අරාධනා ලැබෙන්නේ ඔබගේ නැන්දා නිමන්ති පෝරගේ නිසාද..? ”මගේ නිමන්ති නන්දා සහ මාමා වන ප්‍රභාත් රෝෂන් තමයි මාව කළා ක්‍ෂේත්‍රයට අරගෙන එන්නේ, ඇත්තම කියනවනම් ඒක මගේ රංගන ජීවිතයට ලොකු රුකුලක් වුනා, මොකද ඒ සහයෝගය නිසා තමයි අද මම රංගන ක්‍ෂේත්‍රයේ යම් තැනකට ඇවිත් තියෙන්නේ, මේ වෙනකන් කාගෙන්වත් වචනයක් අහන විදියට මම ජීවත් වෙලා නෑ, ඒ නිසා තමයි මට අදටත් නිර්මාණ වලට ආරාධනා ලැබෙන්නේ”

අපි ඔබ දකින්නෙම පෙම්වතාගේ චරිතය හරහා, ඉතින් කියන්නකෝ බලන්න තිරයේදී පෙම්වතා වෙන එක ලේසි දෙයක්ද..? ‘මෙහෙමයි තිරයේ පෙම්වතා වෙන එක එච්චර අමාරු වැඩක් නෙවෙයි හැබැයි මගේ මගේ සහයට මට ගැලපෙන නිලියක් ලැබෙන්න ඕන, මොකද අපි අතරේ මිත්‍රත්වයක් ගොඩනැගුනොත් තමයි අපිට ලංවෙලා පෙම්වතුන් වගේ රඟපාන්න පුළුවන් වෙන්නේ”

ජනප්‍රිය නිසා තරුණියන්ගේ ආකර්ෂණය එහෙම ලැබෙනවා ඇති නේද, ආදර යෝජනා එහෙම එන්නේ නැද්ද..? ”ආදර යෝජනානම් ගොඩක් එනවා, හැබැයි ඉතින් එහෙමයි කියලා ඒවා බාරගන්න විදියක් නෑ මොකද මම දැනටම ආදරවන්තයෙක්, ඒ වගේම මම නාදුනන අය එක්ක වැඩිය සමීප වෙන්න යන කෙනෙක් නෙවෙයි, රසික ආදරය ලැබෙනවට මම කැමතියි හැබැයි එතනින් එහාට මගේ කිසිම සම්බන්දයක් නෑ”

ඉතින් අපි හැමෝම ආදරේ කරන දෙව්නකගේ උපාධි සිහිනය පසුගිය දවසක සැබෑ වුනා, ඒ නීතිවේදී උපාදි සිහිනයයි, ඉතින් ඒ සුබ පුවත ඇහුන ගමන් දෙවුනකගේ නැන්දා වන නිමන්ති විසින් සමාජ ජාලාවලට සටහනක් එකතු කරලා තිබ්බා ඒ ”ඉස්සර පේපර් ආටිකල් එකක් කරනකොට ඉන්ටර්විවු කරන්න පොටෝස් ගන්න ගෙදරට එනවා. මගේ පේපර් ආටිකල් එකක් කරන්න පත්තරේකින් අපේ ගෙදර එනවා කියලා දැනගත්තාම මටත් කළින් ලෑස්ති වෙන්නෙ පුතේ ඔයා. ඊට පස්සේ මගේ ළඟටම වෙලා ඉන්නවා. අම්මා ළඟටවත් යන්නේ නෑ, කොහොම හරි පොටෝස් වලටත් මාත් එක්කම ඉන්නවා.

ප්‍රභාත් මාමව මුලින්ම මුණගැහෙන්න මම සතුටු උයනට ගියෙත්, ඔයාගෙ අම්මයි තාත්තායි ඔයයි එක්ක ආච්චිට හොරෙන්. ප්‍රභාත් මාමා පොඩි එකාව ශේප් කරගන්න ටෝයි කාර් එකක් දුන්නා. අපි ගෙදර ආවට පස්සේ ආච්චි මේක කොහෙන්ද කියලා විස්තර අහද්දි නැන්දා එක්ක MerryGo round ගිය අන්කල් තමයි මේ ටෝයි එක දුන්නේ කියලාත් කීව්වා ඒ තරම් හුරතලේට හිටිය මගේ කොල්ලා මෙච්චර දුරක් ගියාද කියලා හිතා ගන්නත් මට බෑ. ඔයා තෝර ගත්ත පාර හරියටම හරි. උගත්කම වෙන කිසිම දේකට සසදන්න බෑ ඔයා ගැන අපිට ගොඩාක් ආඩම්බරයි පුතේ. ජීවිතේ ඔයා තියන තියන හැම පියවරක් ම ජයෙන් ජයම ලැබෙන්න මගේ ඕනේ. (දැන් ඉතින් Lawyer පුතෙකුත් ඉන්නවා)”

Related Posts

Leave a Reply

Your email address will not be published.