Sat. Jun 25th, 2022

ප්‍රියසාද් පවුලේ ඉන්න දඟකාරම හැඩකාරම චරිතය තමයි ශනුද්‍රි ප්‍රියසාද් කියන්නේ. රංගන නර්තනය වගේම ගායනය අංශයටත් ශනුද්‍රි ප්‍රියසාද් ගොඩක් දක්ෂයි. දෙවෙනි ඉනිමේ සමල්කා විදියට හැමෝගෙම අවදානය දිනාගන්න සමත්වුණ ශනුද්‍රි පසුව එම නාට්‍යයෙන් ඉවත්වෙනවා, ඒ වගේම මේ වනවිට ඇය හිරු නාලිකාවේ විකාශනය වන දිවිතුරා ටෙලිනාට්‍යයෙන් දැකගන්න පුළුවන්. ඉතින් දැන් අපි කතා කරන්න සූදානම් වෙන්නේ ප්‍රියසාද් පවුලේ දඟකාරිය එක්ක.

ශනුද්‍රි කොහොමද ඉතින් ? ”හොඳයි වදරක් නෑ, හැබැයි මම මේ දවස්වල ටිකක් කාර්යබහුලයි, ටෙලිනාට්‍යක රූගතකිරීම් වලට සම්බන්ද වෙලා ඉන්නවා. ඒ වගේම මගේ යූටියුබ් නාලිකාවේ වැඩත් කරගෙන යනවා, ඒ වගේම මම තව පොඩි පොඩි වැඩ ටිකක් කරන්න හිතාගෙන ඉන්නවා ඒවා බලමු ඉස්සරහට”

ශනුද්‍රි ඔයා දැන් ඉගනීම ඉවර කරලද ඉන්නේ ”මම කළේ අලෙවි කළමනාකරණ අංශයේ උපාධියක්. දැන් උපාධිය කරලා ඉවරයි. හැබැයි මම ඉගනීම නතර කරලා. ඒත් මේ වැඩ එක්ක පටලවාගන්න මම කැමති කොහොම හරි මහන්සිවෙලා වෙලාව හදාගෙන ආයේ ඉගනීම පටන් ගන්න ඕන. මොන දේ කරන්නත් අපි ඉගනගෙන තියෙන්න ඕන නේ.

කොහොම වුනත් තාම කවුරුවත් දන්නේ නෑ ශනුද්‍රිගේ පෙම්වතා කවුද කියලා. හැබැයි ශනුද්‍රි පෙම්වතියක් කියලා ඇය ඇයගේ සමාජ ජාලා ගිණුමට එකතු කරලා තිබ්බා. ගොඩක් අය හිතාගෙන ඉන්නේ ඇයගේ පෙම්වතා ජනප්‍රිය ගායක දිනේෂ් ගමගේ කියලා. පසුගිය දවසක දිනේෂ් සමාජ ජාලා හිනුමට එකතු කරලා තිබ්බා ‘කැමති දෙයක් අහන්න කියලා’ ඉතින් ඔහුගේ රසිකාවියක් අහලා තිබ්බා ‘අයියා ශනුද්‍රි ඔයාගේ පෙම්වතියද’ කියලා. හැබැයි දිනේෂ් මේ ප්‍රශ්නයට පිළිතුරු දීල තිබ්බේ නෑ, ඒ වෙනුවට ඔහු කලේ, ‘හුඟක් අය අහනවා ඔය මන්ගේ GFද කියලා?’ ශනුද්‍රි මේ ප්‍රශ්නෙට උත්තර දීලත් නෑ, ඒ කියන්නේ ඇත්තටම පෙම්වතුන්ද, දෙන්නා පෙම්වතුන් නෙවෙයිද, නැත්තම් අනේ මන්දා බලන් ඉමු නේද හැන්ගි හැන්ගි වෙස් බැන්දට නටන්න වෙන්නේ එළියේ නේ,