‘හිමාලි නිසා තමයි මම මෙහෙම පොහොසත් උනේ’ කෝටිපති චන්දිමාල් කියන කතාව

වෘත්තියෙන් රූපලාවණ්‍ය ශිල්පියෙක්. මේකප් කිරීම සහ මනාළියන් ඇන්දවීම ඔහුගේ ප්‍රධාන වෘත්තියයි. නමින් ජයසිංහ ආරච්චිලාගේ චන්දිමාල්. ඉතින් අද අපි කතා කරන්නේ ඔහු ගැනයි. ඇත්තටම චන්දිමාල් උපතින්ම සල්ලි කාරයෙක් ද, ”නැහැ මම ගොඩක් දුප්පත් පවුලක කොල්ලෙක්. මම ගොඩක් දුක් විඳලා තමයි මේ තැනට ආවේ. මගෙ අම්මගෙන් කවුරුහරි ඇහුවොත් කියයි මම කොච්චර දුක් වින්දද කියලා. මගේ තාත්තා කෑම කඩයක් කළේ. මටයි අක්කටයි උගන්නන්න තාත්තා ගොඩක් දුක් වින්දා. අවුරුදු 15 රූපලාවණ්‍ය ක්ෂේත්‍රයට ඇවිල්ලා තමයි මම සල්ලි හම්බ කරන්න පටන් ගත්තේය. ඇත්තටම දැන් මට සල්ලි තියෙනවා. ඒ හැම සල්ලියක් ම මම දුක් විඳලා තමයි හම්බ කළේ.”

ඔබ ක්ෂේත්‍රයට එන්නේ කොහොම ද , ”ඒක හරි අහම්බෙන් සිද්ධවුන දෙයක්, මගෙ අක්කගෙ වෙඩින් එකේදි එයාව අන්දනවා දැකලා තමයි මට ඒ ආසාව ඇති වුණේ. එදා තමයි මට හිතුනේ රූපලාවණ්‍ය රූපලාවණ්‍යවේදියෙක් වෙන්න. දැන් මගේ මුළු අනාගතයම ඒක තමයි. මම කාටවත් සෙකන්ඩ් වෙන්න කැමැති කෙනෙක් නෙවෙයි. ම⁣ට ඕනෙ වුණේ මගේම තැනක මගේම වෘත්තියක්.”

මේ ගමන පටන් ගන්නේ කොතනින්ද , ”සිරස ඩාන්සින් ස්ටාර් වැඩසටහනෙන් තමයි මම වැඩ පටන් ගන්නේ. මම ඉස්සරහට එන්න පටන් ගත්තේ එතනින්. මට එතැනදී ගොඩක් ප්‍රබල චරිත මුණගැහෙනවා. මම මුලින්ම ජනප්‍රිය වෙන්නේ හිමාලි සයුරංගි ගේ වෙඩින් එකේදි, කවුරුත් මාව නොදන්න කාලේ හිමාලි මට වෙඩින් එක දෙනවා. ඇත්තටම මම අදටත් හිමාලිට ගරු කරනවා එදා මාව විශ්වාස කලාට. එදා හිමාලි මාව විශ්වාස කරපු නිසා මට මගේ ගමන යන්න ලේසි වුනා. මගේ ගමන හදාගන්නත් ලේසි වුනා.”

ඔබ ගැන පැතිරෙන කට කතා ගැන කතා කළොත් ”ගොඩක් අය කියනවා මම ගොඩක් සල්ලි වියදම් කරල බර්ත් ඩේ පාර්ටි ගන්නවා කියලා. හැබැයි ඇත්තටම මම එම සල්ලි වියදම් කරන කෙනෙක් නෙවෙයි. මම සල්ලි වල අගය හොඳට දන්නවා මොකද මම දුක් විඳලා සල්ලි හොයපු නිසා. ගොසිප් වල යන කතා හැමදේම ඇත්ත නෙවෙයි. මොකද ගොසිප් නිර්මාණය කරන්නේ හැමෝම හැමදේම ඇත්තටම දැනගෙන නෙවෙයි. බර්ත් ඩේ පාටිවලට උනත් මම සාමාන්‍යයෙන් වියදම් කරන්නේ සුළු මුදලක්. මොකද මට අනුග්‍රහයන් ලැබෙනවා. මම දුප්පත් පවුලක නිසා වෙන්නැති ගොඩක් අය මාව විවේචනය කරන්නේ. හැබැයි මම වැටෙන කෙනෙක් නෙවෙයි.”

ඔබ මත්පැන් පානය කරන කෙනෙක්ද , ”මං කවදාවත් කටේවත් තියලා නැහැ. මට මත්පැන් බොන්න කිසිම උවමනාවකුත් නැහැ. ආගමට දැහැමිව ජීවත් වෙන කෙනෙක්. මම මොන දේ කළත් අවසානයට මම අරගෙන යන්නේ මම කරන කියන දේ විතරයි.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *