හිත නිදහස් කරගන්න ඕන නිසයි මම පෙම්වතා එක්ක පැරීසියට ගියේ – දිල්කි උරේෂා

ගායන ශිල්පිනියක් ලෙස ලංකාවේ හැමෝගෙම ආදරේ දිනාගන්න සමත්වුණ ගොඩක් සුන්දර ගායන ශිල්පිනියක් තමයි දිල්කි උරේෂා කියන්නේ. දිල්කි ලංකාවේ වැඩිපුරම ජනප්‍රිය වුනේ ‘සත්තයි මට ඔබ වාගේ’ ගීතය හරහා, හඳපානේ, ඇහැළිය මල, මගෙන් දුර වැනි ගීතවලට ලයාන්විතව පණ පොවන දිල්කි කියන්නේ එළිමහන් ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි චරිතයක්. ඉතින් අද අපිත් එක්ක කතාබග කරන්න එකතුවෙලා ඉන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරේ කරන දිල්කි උරේෂා සමගයි. කොහොම වුනත් මේ වනවිට දිල්කි ලංකාවේ නෑ ඉතින් ඒගැන කතා කරලම ඇයටත් එක්ක කතාව ආරම්භ කරන්න අපි හිතුවා

දිල්කි පෙම්වතා ලංකාව අත්හැරලා ගිහින්ද ? ”අනේ නැහැ මම ලංකාව අත්හැරලා ගිහින් නෑ, මේ රටේ තියෙන ප්‍රශ්න නිසා ජීවිතයේ පොඩි පොඩි වෙනස්කම් ටිකක් කරන්නන හිතුවා. ඒක නිසා වෙන රටකට ගිහින් එන්න තීරණය කළා. ඒ ගමන ගියේ රටේ තත්වය ගැන කලකිරිලා නෙවෙයි මගේ මානසික නිදහස වෙනුවෙන්, පැරීසියට තමයි ගියේ. ඒ ගමන හරිම විනෝදජනකයි, ජීවිතේට අලුත් අත්දැකීම් ගොඩක් ලැබුනා. ඒ වගේම ගොඩක් සතුටු වුනා. ලංකාවට ඇවිත් කාලෙකින් ආයේ යන්න හිතන් ඉන්නේ”

අලුත් ගීතයක් එහෙම කරන්න අදහසක් නැද්ද ? ”අලුත් ගීත කිහිපයක්ම දැනටමත් කරලා තියෙන්නේ, ඒ අතරින් එකක් ළඟදීම රිලීස් කරන්න හිතාගෙන ඉන්නවා, ‘හදවතට එකඟව’ තමයි ගීතයේ නම. ඒක මගේ අනිත් ගීත වලට වඩා වෙනස් අත්දැකීමක් වෙවි කියලා මට හිතෙනවා, මම කලින් ගායනා කරපු හැම ගීතයක්ම ලංකාවේ ගොඩක් ජනප්‍රිය වුනා, ඒක මට දෙවියෝ දුන්න ආශිර්වාදයක්,

Related Posts

Leave a Reply

Your email address will not be published.