Sat. May 21st, 2022

තිසුරි යුවනිකා කියන්නේ බොහොම නිහතමානී දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය නවක පරපුරේ රංගන ශිල්පිනියක් වෙද්දි බොහෝ දෙනෙකු ඇයට ආදරය කරන්නේ ඇය තුළ පවතින අහිංසක කම නිසා. ඉතින් අපි හිතුවා ඇයත් සමඟ කතා කරන්නේ. කාලයක් දැකීමට නොහැකි චරිතයක් වුණත් නැවතත් ඇය රංගන කටයුතුවලින් දැන් රසිකයන් හමුවට එනවා. කෙසේ වෙතත් ඔප චරිත තෝරා බේරා ගනිද්දි සොයා බලන කරුණු තියෙනවද, ඔව් මම මුලින්ම පිටපතට කැමති වෙන්න ඕනේ. මම ගන්න චරිතය තුළ මට දෙයක් කරන්න තියෙන්න ඕනෑ. ඒ චරිතය මට හිතට දැනෙන චරිතයක් වීම වැදගත්. ඊට අමතරව නිෂ්පාදකවරයා අධ්‍යක්ෂක වරයා කවුද සහ සහභාගි වන රංගන ශිල්පීන් ශිල්පිනියන් කවුද කියලා හොයලා බලනවා. දැන්නම් බලන විශේෂම කාරණය වන්නේ කොහෙද රූගත කිරීම් කියලා. එයට හේතුව පවතින කොරෝනා වසංගත තත්ත්වය.

රංගන ශිල්පිනියක් නොවුණා නම් ඔබ කවුරු වේවිද, සමහරවිට මම එහෙනම් ගෙදරට වෙලා ඉඳිවි. ගුවන් සේවිකාවක් වෙන්න මුලදි නම් මම ආස කළා. හැබැයි දැන් මම රංගන ශිල්පිනියක්. මම හිතන්නේ මෙම රැකියාව මගේ වාසනාවට ලැබුණු එකක් කියලා. මම එක දිගට රඟපාන්න කෙනෙක් නෙවෙයි. පොඩි විවේකයක් අරගෙන තමයි මම රංගනයට එකතු වෙන්නේ. කොහොම වුණත් දැන් මම මේ සහභාගි වෙලා ඉන්න වෘත්තියට හරිම කැමතියි.

ඔබේ සැමියාගෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද, එයාගෙන් ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මම කරන හැම වැඩකටම එයාගෙ සහයෝගය ලැබෙනවා. මගේ චරිතවල අඩුපාඩු පවා එයා මට කියලා දෙනවා. විශේෂයෙන්ම මෙයා කියන කාරණය තමයි ඕනම දෙයකට වැඩිය මහන්සි වෙන්න එපා කියලා. මම රංගනයට සමුදෙන්නේ හිතලා නැහැ. මොකද මට එයා එහෙම බල කරලා නැහැ. ඒ නිසාම මම දිගටම රංගන කටයුතු වලට සහභාගි වෙනවා. එයා රාජකාරි කරන්නේ නාවික නිලධාරීයෙක් විදිහට. එයා ගොඩක් දුරට රටින් පිට තමයි ඉන්නේ. අපි දෙන්නගෙ වෘත්තීන් දෙක එකිනෙකට වෙනස්. හැබැයි අපි දෙන්නා⁣ හොද තේරුම් ගැනිමකින් ඉන්න නිසා කවදාවත් ප්‍රශ්න ඇති වෙලා නැහැ.

දැන් බිහිවන නිර්මාණ ගැන ඔබට මොකද හිතෙන්නෙ, දැන් නිර්මාණ වෙන රැල්ල ගැන නම් මට කිසිම අවබෝධයක් නැහැ. ගුණාත්මක නිර්මාණ බිහිවෙනවා අඩුයි දැන්. දවසින් වැඩි වැඩ කරන නිර්මාණ තමයි දැන් බිහිවෙන්නේ. මේක රැල්ලක්. මම කවදාවත් කලාව ව්‍යාපාරයක් කරගෙන නැහැ. ඒ නිසා මම ගුණාත්මක චරිත ගැන සැලකිලිමත් වෙනවා. දැන් යන රැල්ලට අහු නොවෙන්න මම වගබලා ගන්නවා.

මව ගැන කතා කළොත්, අම්මට දැන් ගොඩක් හොඳයි. වෛද්‍ය උපදෙස් මත ඇය දැන් සුවයෙන් කාලය ගත කරනවා. අපි නිරන්තරයෙන් එයා ගැන සෙවිල්ලෙන් තමයි ඉන්නේ. විශේෂයෙන්ම අම්මා ගැන කිව්වොත් එයා කවදාවත් ලෙඩ වුණා කියලා ඒ ගැන හිත හිත පැත්තකට වෙලා හිටපු කෙනෙක් නෙවෙයි. එයා වෛද්‍ය ප්‍රතිකාර ගන්න ගමන් සුපුරුදු පරිදි එයාගේ ජීවිතේ කරන වැඩ කටයුතු කරගෙන ගියා. මම කොහොමත් ඒ කාලේ ඉදන් අම්මට උදව් කරපු කෙනෙක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *