හිතේ තරහක් නෑ අතහැරලා දැම්මා – ජනප්‍රිය නිලි අමන්දාගේ ආදර සම්බන්දය බිඳී ගිහින්..?

සිත්, සිඳූ, නීල පබළු, ආලියා, තාදි, කියන ටෙලිනාට්‍ය හරහා රසික සිත් වශී කරගන්න සමත්වුණ දක්ෂ රංගන ශිල්පිනියක් තමයි අමන්දා ජයරත්න කියන්නේ, මේ දිනවල ඇය රැල්ල වෙරළට ආදරෙයි ටෙලිනාට්‍ය හරහා හැමෝගෙම ආදරේ දිනාගන්න සමත්වෙලා ඉන්නවා, ඉතින් අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ ඔයාලා හැමෝම ආදරේ කරන අමන්දා ජයරත්න සමගයි, ඉතින් අමන්දා කියන්නකෝ කොහොමද ඔයා කලාවට සම්බන්ද වුනේ, ”මම පලවෙනි වතාවට නිර්මාණයකට සම්බන්ද වෙන්නේ වයස අවුරුදු 17දී, ඒ නීල පබළු නාට්‍යයේ මොනිකාගේ චරිතය හරහා, හැබැයි මම වයස අවුරුදු දෙකේ ඉඳලා වෙළඳ දැන්වීම්වලට රංගන දායකත්වය ලබා දීලා තියෙනවා, හැබැයි අම්මයි තාත්තයි මට ඉගනීමට මුල්තැන දෙන්න කියලා කියපු නිසා පොඩි කාලෙම රංගනය නතර කළා, පස්සේ අවුරුදු 17දී තමයි ආයේ මම රංගනයට සම්බන්ද වෙන්නේ”

කළා ලෝකයට සම්බන්ද ලස්සන කෙල්ලන්ට ගොසිප් හැදෙනවා වැඩියි, ඉතින් අමන්දා ඒ ගැන මොකද හිතන්නේ ”අනේ මම නම් ගොසිප්වලට පොඩ්ඩක්වත් බය නෑ, මොකද මගේ හෘද සාක්ෂිය දන්නවනේ මම කවුද කියලා, කොච්චර ගොසිප් හැදුනත් මම වැරදි නැත්නම් මම බය නෑ, සාමාන්‍යයෙන් මම කෙලින් කතා කරන කෙනෙක්, ඒ නිසා මම කාටවත් බය නෑ, එක එක අය හදන ගොසිප් මට අදාලත් නෑ”

රඟපෑව චරිතවලට ලැබෙන ප්‍රතිචාර කොහොමද..? ”ඇත්තටම ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා, රඟපෑවා හැම චරිතයක්ම වගේ ගොඩක් ජනප්‍රිය වුනා, ඒ වගේම ඒ චරිත හැම එකකටම ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුනා, මට ෆේස්බුක් එකෙන් එහෙම ප්‍රේක්ෂකයන්ගෙන් සෑහෙන්න මැසේජ් ගොඩක් එනවා, ඒ වගේම ගෙවල්වලට එන්න කියලා ආරාධනා ලැබෙනවා, මම කීයටවත් හිතුවේ නෑ මාව මේ තරම් ජනප්‍රිය වේවි කියලා”

සිනමාවට සම්බන්ද වෙන්න අදහසක් නැද්ද..? මට සිනමාපට කිහිපයකටම ආරාධනා ආවා, හැබැයි ඒ ලැබුන චරිතවලට මම එච්චර ආස නෑ, මොකද මට ඒ චරිත ගැලපෙන්නේ නෑ, හොඳ චරිතයක් ලැබුනොත් මම බාරගන්නවා, එහෙම නැතුව නම කැතවෙන වැඩ කරන්න කැමති කෙල්ලෙක් නෙවෙයි”

ඉතින් මේ විදියට හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න අමන්දා පහුගිය දවසක මුහුණු පොතේ තියලා තිබ්බ සටහනක් නිසා හැමෝගෙම අවදානය ඇය වෙත යොමු වුනා, ඒ සටහන තමයි ”මම වැටුනෙ නෑ, මිනිස්සුන්ව අදුනගත්තා. මට රිදුනෙ නෑ, පාඩම් ඉගෙනගත්තා. හිතේ තරහක් නෑ, නිහඬව සමාව දුන්නා. පළිගත්තෙ නෑ, අතහැරලා දැම්මා.” මේ සටහන දැකපු හැමෝම හිතලා තියෙන්නේ අමන්දාගේ අමන්දාගේ ආදර සම්බන්දය නතරවෙලා කියලා, හැබැයි ඒ ගැන අමන්දානම් කිසිම සටහනක් තියලා නෑ”

Related Posts

Leave a Reply

Your email address will not be published.