Sat. May 21st, 2022

විදුරජ හංසජ කුඹුකගේ කියන්නේ නවක පරපුරේ දක්ෂ රංගන ශිල්පියෙක්. හිත ලග හිනහුන දා ටෙලි නාට්‍ය හරහා ප්‍රේක්ෂකයින් අතර ජනප්‍රිය චරිතයක් වන ඔහු ගැනයි අද අපි කතා කරන්න සුදානම් වෙන්නේ. අපිට රංගනයට මුලින්ම හිත ගියේ මොන වගේ හේතුවකටද, මම පොඩි කාලේ ඉදන්ම රංගනය කියන දේට ආසයි. හැබැයි තාත්තට ඒ ගැන කිව්වට තාත්තා ඒ ගැන සැලකිලිමත් වුණේ නැහැ මුලදී. අම්මයි තාත්තයි දෙන්නම කැමති වුනේ මම ඉගෙනීමෙන් දුර ගමනක් යනවට. හැබැයි මට රංගනයට එන්න අවස්ථාව ලැබෙනවා. මගේ මුල්ම රංගනය ශ්‍රි සිද්ධාර්ථ ගෞතම ටෙලිනාට්‍ය.

ඔබේ ජීවිතේ අරමුණ වුණේ මොනවද, මම ඉගෙන ගත්තේ වාණිජ අංශයෙන්. මම උපාධිය ගත්තේ අන්තර්ජාතික කළමනාකරණ අංශයෙන්. හැබැයි මම දැන් කැමති කලාව කියන ක්ෂේත්‍රය තුළින් දුර ගමනක් යන්න. මම හිතන්නේ මගේ එකම හැකියාව රඟපෑම විතරයි.

ඔබට දැන් අවුරුදු 25 ක් වෙනවා. ඉතින් ඔබේ ආදර කතාව ගැන කතා කලොත්, මගේ හිත තවම කොතනකවත් නතර වෙලා නැහැ. මම ප්‍රේමවන්තයෙක් නෙවෙයි. මම කවදාහරි දවසක ආදරේට ආදරේ කරනවා. ආදරේ වුනත් ගොඩක් බලාපොරොත්තු වෙන කෙනෙක් තමයි මම.

ඔබේ කාලය ගෙවිල යන විදිය ගැන මතක් කලොත්, මේ දවස් වල එක දිගට රූගත කිරීම් තමයි සිද්ධවෙන්නේ. ඉදිරියට විකාශය වෙන ටෙලි නාට්‍යයකුත් රඟපානවා. එහි රූගත කිරීම් සිද්ධ වෙන්නේ නුවරඑළියේ. ඒ විදියට තමයි කාලය ගෙවිලා යන්නේ මගේ.

ඔබ කලාවට එන්න ඉන්න අයට දෙන පණිවිඩය මොකක්ද, කවුරු හරි කෙනෙක් මේ ක්ෂේත්‍රයට එන්න ආසාවෙන් කැමැත්තෙන් ඉන්නව නම් මම කියන්නේ කැපවීම කියන දේ තමයි අංක එක. මේ ක්ෂේත්‍රය වෙනුවෙන් කැප වෙනවා නම් ලොකු ගමනක් යන්න පුළුවන් කියලා මම හිතනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *