හිතන් ඉන්නෙ හරි නිලිය කියලා. ඔයිට වඩා ඒවා අපි දැකලා තියෙනවා – ෂෙරිල් නිළියකට දෙහිකපයි

නිරූපන ශිල්පිනියක් සහ රංගන ශිල්පිනියක් විදියට කාගේත් ආදරේ දිනාගෙන ඉන්න සුන්දර තාරකාවක් තමයි ශෙරිල් ඩෙකර් කියන්නේ, අමා ටෙලිනාට්‍ය හරහා තරුණ මහලු සිත් රැසක් වශී කරගන්න සමත්වුණ ෂෙරිල් ගැනයි අද අපේ කතාබහ, ෂෙරිල් පුචිකාලේ ඉඳන්ම නිලියක් වෙන්න ආසාවෙන්ද හිටියේ ”මම පොඩි කාලේ හරිම කටකාරයි ඒ වගේම මම පොඩි කාලේ හරිම දඟයි, මම ඒ කාලේ ඉඳන්ම ආසාවෙන් හිටියේ නිලියක් වෙන්න, අත්තම්මා කියනවා කවදා හරි මම ලොකු උනාම නිලියක් වේවි කියලා, අම්මා තමයි මම ඒ හීනයට ලං කලේ,”

ෂෙරිල් කියන්නේ දෙවියන් වහන්සේ දැඩි ලෙස විශ්වාස කරන කෙනෙක් නේද..? ඇත්තෙන්ම ඔව්, මම රෝමානු කතෝලික ගර්ල් කෙනෙක්, මගේ අම්මා බෞද්ධ, මම බෞද්ධ ආගමටත් ගොඩක්ම ගරු කරනවා, මම පන්සලුත් යනවා, මිනිහෙක් වුනාම හැම ආගමකටම ගරු කරන්න ඕන, ඒ වගේම අපි අපිටම ගරු කරන්නත් ඕන, මම විශ්වාස කරන දෙයක් තියෙනවා ඒ තමයි දෙවියන් වහන්සේ මට හැමදේකදිම ආශිර්වාද කරලා තියෙනවා දෙවියන් වහන්සේ මාව හැම නරකකින්ම මාව බේරාගෙන තියෙනවා”

ෂෙරිල් ජීවිතේ වැඩියෙන්ම සතුටු වුන දවස කවද්ද..? ”මම මගේ ජීවිතේ වැඩියෙන්ම සතුටු වුනේ මම අම්මා කෙනෙක් වෙන්න යනවා කියලා දැනගත්ත දවසේදී, හැබැයි මොකද්දෝ හේතුවක් නිසා ඒ සතුට වැඩ කාලයක් තිබ්බේ නෑ, දෙපාරක්ම මට ඒ දේ වුනා, මට හිතාගන්න බෑ දෙවියන් වහන්සේ ඇයි එහෙම කලේ කියලා, කොහොම වුනත් ඒ සතුට මගේ ජීවිතේ වැඩි කාලය තිබ්බේ නෑ,”

ඉතින් මේ විදියට හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න ෂෙරිල් පසුගිය දවසක හරි අපූරු සටහනක් ඇයගේ මුහුණු පොතට එකතු කරලා තිබ්බා ඒ ”එක්කෙනෙක් ඉන්නවා හිතන් එයා ඉන්නෙ හරි නිලිය කියලා. ඔයිට වඩා ඒවා අපි දැකලා තියෙනවා ඉතින්. අනිත් අයව හෝදනවට වඩා වැඩක් නැ ඒ උත්තමාවියට. මෙහෙමයි ඉතින් රැගුවට කමක් නැ හරි විදියට.කාවවත් නිකන් කපාගෙන යන්න හදනවනම් තමන් ගෙ තැන හදාගන්නැතුව ඒක ඔයාගෙ තියෙන අවුලක්. අපිටත් කියන්න පුලුවන් ඒත් අපි කියන් නැ. මොකද එතකොට ඔයාගෙයි මගෙයි කිසිම වෙනසක් නැති වෙනවා. ඒ නිසා ප්ලීස් පඩුවෙ ඉන්න මැඩම් I love you” කියලා, හැබැයි ඒ සටහන තියලා තියෙන්නේ කවුරු වෙනුවෙන්ද කියලනම් අපි දන්නේ නෑ,”

Related Posts

Leave a Reply

Your email address will not be published.