හැම කෙල්ලෙක්ටම ලැබෙන්න ඕන මගේ කළිඳු වගේ රත්තරන් කොල්ලෙක් – මනීෂා චංචලා

සිඳු ටෙලිනාට්‍යයේ තෙරුනිගේ චරිතයට පන දෙමින් විශාල ප්‍රේක්ෂක ආදරයක් දිනාගන්න සමත්වුණ දක්ෂ වගේම හැඩකාර රංගන ශිල්පිනියක් තමයි මනීෂා චන්චලා කියන්නේ, මේ වනවිට ලංකාවේ ජනප්‍රිය රංගන ශිල්පිනියකවෙලා ඉන්න ඇය නිළියක, ගායිකාවක මෙන්ම වෙළෙඳ දැන්වීම් නිරූපිකාවක ලෙසත් හැමෝම අතර ගොඩක් ජනප්‍රියයි, ඉතින් අපි අද කතා කරන්න සුදානම් වෙන්නේ ඔයාලා හැමෝම ආදරේ කරන මනීෂා චන්චලා සමග,

ඉතින් මනීෂා මොනවද මේ දවස්වල අලුත් තොරතුරු..? ”මේ දවස්වල පෞද්ගලික වැඩ කටයුතු නිසා තරම් කාර්යබහුල වෙලා ඉන්නේ, ඒ වගේම මම කරන්න හිතාගෙන ඉන්න වෘත්තිය පැත්තෙන් ඉගෙනීම් කටයුතු කරගෙන යනවා, රංගන අමතක කරලා නෙවෙයි ආයෙමත් මම ළඟදීම රංගනයට සම්බන්ද වෙනවා, මේ වැඩ ඉවර වෙනකන් ඉන්නේ නිර්මාණ බාරගන්න”

මනීෂාගේ වෘත්තිය කලාව එක්ක බැඳුන එකක්ද..? ”මම මම ඉස්සර ඉඳන්ම රංගනයේ නියැලුනේ අමතර දෙයක් විදියට, මගේ දෙයක් කරන්න ඕන කියන හැංගීම ඉස්සර ඉඳලම මගේ ළඟ තිබ්බා, ඒ ගැන හිතලමයි මම ඉස්සර ඉඳලම වැඩ කලේ, තාමත් මම එයට අවශ්‍ය පසුබිම හදාගෙන යනවා, ඉදිරියේදී ඒ දේවල් ගැන දැනගන්න පුළුවන් වේවි, හැබැයි කොහොම වුනත් මම රංගනයෙන් සමුගන්නේ නෑ, මම අමතර වැඩක් විදියට රංගනයේ නියැලෙනවා,

කලාවට සම්බන්ද වීම ගැන මොකද හිතෙන්නේ මනීශාට, ”ඇත්තටම ගොඩක් සතුටුයි, ඒ වගේම ඒක ලොකු වාසනාවක් විදියටයි මම දකින්නේ, මොකද ගොඩක් අය කැමතියි මේ ක්‍ෂේත්‍රයට එකතු වෙන්න හැබැයි වාසනාව ලැබෙන්නේ බොහොම සුළු පිරිසකට විතරයි, ඉතින් ඒ නිසා මට නිහතමානී සතුටක් තියෙනවා කලාවට සම්බන්ද වෙන්න ලැබීම එක ගැන”

ආදරේ ගැන කියන්නකෝ විස්තර ටිකක්, ”දැන් ඉතින් හැමෝම දන්නවා නේ මගේ ආදරේ කළිඳු කරුණාරත්න කියලා, ඉතින් අපි දෙන්නා ගොඩක් ආදරෙන් ඉන්නවා, ඒ වගේම මේ දවස්වල අපි අපේ වෙඩින් එක ගැන ප්ලෑන් කරනගමන් ඉන්නේ, ආදරේ අතින් මම හරිම වාසනාවන්තයි, කළිඳු කියන්නේ අව්‍යාජ චරිතයක්, එයා වාසි බලාගෙන බොරු කියන්නේ නෑ, හරිම අවංක කොල්ලෙක්, මම නම් කියන්නේ කෙල්ලෙක්ට ලැබෙන්න ඕන කළිඳු වගේ රත්තරන් කොල්ලෙක් මම ගොඩක් පින් කරලා තියෙනවා එයා වගේ කෙනෙක් මගේ කරගන්න”

Related Posts

Leave a Reply

Your email address will not be published.