‘හැම කෑල්ලක්ම මගෙන් බලාපොරොත්තු වුණේ අමුතු අමුතු දේවල්’ ජනප්‍රිය ගායක ස්මොකා කියන කතාව

රැප් කියපු පමාවට මතක් වෙන නම ස්මෝකියෝ. හැබැයි ඔහුගේ සැබෑ නම කෙවින්ද සිල්වා. මත් වලට ඇබ්බැහි වුන ස්මෝකි ජිවිතේ ජයගන්නේ රැප් වලින්. මේ දිනවල ස්මෝකි⁣ගේ ලොකුම කාර්ය භාර්ය ‘කළුනික’ නම් ඇල්බම් එකට සුදානම් විමයි. ඉතින් අපි හිතුවා ඔහු සමඟ කතා කරන්න. ඇත්තටම ඔබට ස්මෝක් කියන නම හැදුනේ කොහොමද ? “ස්මෝකියෝ කියන නම මට මුලින්ම හැදුනේ පාසල් කා⁣ලයේ. ඒ යාළුවෝ දාපු නමක්. ඒ කාලේ මගේ ජිවිතේ එක්ක තමා මට ඒ නම කිවේ. ස්මෝකි කියන්නේ දුමට.

දුම සාමාන්‍යයෙන් උඩටනේ යන්නේ. මාත් දැන් පහළ ඉදන් උඩට යන්නේ. මගේ ජිවිතේ විනාස වුන කාලයක් තිබුනා. ඒ මත් දේවල් නිසා. ඒ තත්වය කොච්චර බරපතල ද කිවොත් රෝහල් දෙකකින් කියලා මාව බේරගන්න බෑ කියලා. ජිවිතේ අන්තෙටම වැටිලා තමා මම නැගිට්ටේ මේ විදිහ. හැබැයි මට ජිවිතේ එක තැනක කලකිරුණා. සෞඛ්‍ය ප්‍රශ්න, නිතිමය ප්‍රශ්න මේ හැමදේම එකින් එක එන්න ගත්තා. ඒ හැමදේම එක්ක මට ලොකු බලාපොරොත්තුවක් තිබුනා මේ මත්ද්‍රව්‍ය වලින් ඈත් වෙන්න. මම ඒ වෙනුවෙන් ඇත්තටම ලොකු කැපකිරිමක්. ඇබ්බැහිය නවත්ත ගන්න තමා මම මේ කැපකිරිම කලේ.”

ඒගෙවන කාලය ගැන මතක් කලොත්, “කතාවට කියනවා මේ දේවල් වලට පුරුදු වුනොත් ආපහු අතාරින්න බෑ කියලා. හැබැයි මම කියනවා එහෙම කරන්න පුළුවන් කියලා. මම හිතුව දේ මම කලා. හිත හයියට තියෙනවනම් ඕනෑම දෙයක් කරන්න පුළුවන් මුලින්ම අපි මනස ශක්තිමත් කරගන්න ඕන එතකොට ඒවා සුලුදෙවල්”

ආදරය ගැන කතා කලොත්, “මේ හැමදේම සිද්ධ වුනේ මට පෙම්වන්තියක් හිටිය කාලේ. එක්කෙනෙක් නෙවෙයි ටික දෙනෙක්. හැබැයි එයාලා මගෙන් බලාපොරොත්තු වුනේ වෙනම දේවල්. මම එයාලාගෙන් බලාපොරොත්තු වුනෙත් වෙනම දෙයක්. ඉතින් rehab ඉද්දිත් මට ආදරේ කරපු කෙනෙක් හිටියා. හැබැයි මම එද්දි එයාට වෙන කෙනෙක් ඉන්නවා. ඒ නිසාම ඒ සම්බන්ධයත් නතර වුනා. මම ජිවත් වෙනවා කියලා මට දැනෙන්න ගත්තේ ලගදි. මම සිහියකින් නෙවෙයි කාලයක් ජිවත් වුනේ. කිසි දෙයක් මතක නෑ ඒ කාලේ වුන. හැබැයි දැන් මම හොඳ සිහියෙන් සතුටින් ඉන්නවා”

Leave a comment

Your email address will not be published. Required fields are marked *